SEO-sri-lanka

What is SEO? | SEO ගැන හැමදේම සිංහලෙන් (පළමු කොටස)

SEO Sinhala

SEO කියන්නේ search engine optimization මූලික අදහස අර්ථ දක්වන්න පුලුවන්, ටිකක් හැමෝටම තේරෙන විදියට සිංහලෙන් කිව්වොත් “සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය” ලෙස හදුන්වන්න පුලුවන්. තව විදියකට කිව්වොත් search engine එකක් තුල අපේ වෙබ්පිටුවක්, ඉදිරියෙන්ම පවතින පිටුවේ ප්‍රථම ප්‍රථිපලය වෙත rank වීම සදහා අපි සිදුකලයුතු සැකසුම් තමයි SEO වලදී සිදුවෙන්නේ. එහෙමත් නැතිනම් search engine වලට අපේ වෙබ්පිටුව සොයාගැනීමට හැකිවන පරිදි අවශ්‍ය සැකසුම් සකස් කිරීම search engine optimization ලෙස සිදු කරනු ලබන්නේ. SEO ප්‍රධාන කොටස් තුනක් ඔස්සේ වර්ග කර දක්වන්න පුලුවන්. On-Page SEO, Off-Page SEO සහ Technical SEO විදියට.

Why is SEO important?

  1. SEO වල තිබෙන ප්‍රධාන වැදගත්කම තමයි අපේ වෙබ්පිටුව වෙත search engine වලින් visitors ලා එහෙමත් නැතිනම් organic traffic එකක් ගෙන්වා ගැනීමට ඇති හැකියාව.
  1. SEO කරලා අපිට target audience එකක් ගෙන්න ගන්න පුලුවන්. ඒ කිව්වේ අපේ website එක samsung smart phones ගැන නම් samsung smart phones වලට කැමති අය තම අපිට search engine එකෙන් එන්නේ. 

ඕනෑම website එකක් කරන කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ  target audience එකක් තමයි. එතනිනුත් business කරන අය විශේෂයි. business එකක් කරන කෙනෙක්ට target audience එකක් කියන්නේ අත්‍යවශ්‍යම දෙයක් තමන්ගේ business එකට අදාලව කැමැත්තක් දක්වන visitors ලා website එකට එන එක, මොකද එහෙම අයගෙන් තමයි business එකට sale එකක් එන්න අවස්ථාව තියෙන්නේ.

Why-is-SEO-important
seo sri lanka
  1. බොහෝ විට business සහ affiliate marketing වගේ කරන අය ad දාල visitors ලා ගෙන්න ගන්නවා තමන්ගේ website එකට. එහිදී වගේ කිසිම ගෙවීමක් කරන්න ඕන නෑ මේ සදහා. search engine optimize වෙන විදියට website එක හදාගත්තාම කාලයක් එක්ක ranking වල උඩට එන්න පුලුවන් වෙනවා. SEO වලට අදාළ සාදක ගොඩක් බලපානවා හැබයි මේකට ඉතින්.
  1. Online තමාගේ අදායම වැඩි කරගැනීමේ හැකියාව. business, affiliate marketing, විතරක් නෙවෙයි adsense වගේ ad publisher network කරන අයට වුනත් ලොකු අදායමක් වෙත ගමන් කිරීමේ හැකියාව පවතිනවා. මොකද බිලියන 3.5 කටත් වඩා දේවල් දවසක් තුල Google එකේ පමණක් search වෙනවා. ඒ කියන්නේ තත්පරයට 40,000ක් පමණ.

Worldwide search engines market share එක 90% පමණ හිමිව ඇත්තේ Google search engine එක සතුවයි. ඒ කිව්වේ අන්තර්ජාලය භාවිත කරන්නන්ගෙන් 90% ම පමණ භාවිත කරන්නේ Google search engine එක, ඒ නිසා තමා SEO වලදී Google එකට වැඩි ප්‍රමුකත්වයක් දීලා වැඩ කළ යුතු වෙන්නේ.

ඔබ තේරුම දැන ගත යුතුම SEO වලදී භාවිතා වන වචන කීපයක්

සමහර විෂයන් ඉගෙන ගද්දි ඒ අදාල විෂයට අදාලව භාවිතා වෙන වචන තිබෙනවා, ඉතින් මේ වචන හරියට අවබෝද කරගත්තේ නැත්තන් සමහර දේවල් හරියටම තේරෙන්නේ නැති වෙනවා. ඒ වගේ වචන කීපයක් තමයි මේ තියෙන්නේ.

  • Organic Traffic: මෙහිදී traffic ලෙස හදුන්වන්නේ website එකට පැමිණෙන visitors ලා. organic traffic කියන්නේ Google වගේ search engines වලින් rank වීමට අදාලව එන්නාවූ visitors ලා. visitor කිව්වේ search කරලා එන මිනිස්සු.
  • Keyword: search engine එකේ විවිද අරමුණු උදෙසා search කරණ ඕනෑම වචනයක් හෝ වාක්‍ය ඛණ්ඩයක් keyword එකක් විදියට හදුන්වන්න පුලුවන්. යම් අවස්ථාවල search terms විදියටද හදුන්වනවා. උදා: best samsung mobile phones, SEO tutorial, youtube
  • Rankings: search engine එකේ rank වෙලා තිබෙන ස්ථානය.
  • SERP (Search Engine Results Page): search engine එකේ ඔබ search කරණ දෙයට අදාළ ප්‍රථිපල ඇතුලත් වෙබ්පිටු.
  • Impressions: SERP එක තුල ඔබේ website එක පෙන්වන වාර ගණන.
  • Meta Title and Description: SERP එකේ පෙන්නන්න එක results එකක ඇති Title එක සහ Description එක.
  • Organic CTR (Click-through Rate): SERP  එකේ පෙන්නන result එක click වෙන වාර ගණන ප්‍රතිශතයක් විදියට. උදා: SERP එක තුල ඔබේ website එක 100 දෙනෙක් දැකලා එයින් 5 දෙනෙක් click කර website එකට පිවිසුනේ නම් ඔබේ Organic CTR එක වෙන්නේ 5%
  • Bounce Rate: ඔබේ වෙබ්පිටු වෙත පැමිණෙන visitors ලා එම පිටුවෙන්ම හැරී යන ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස කොච්චරක්ද යන වග. උදා: ඔබේ website එකේ homepage එකට 100 දෙනෙක් පැමිණ එම වෙබ්පිටුවෙන්ම 60 දෙනෙක් හැරී ගියේ නම් ඔබේ Bounce Rate එක 60%. මෙම අගය අඩුවීම් යහපත් කාරණාවක් ලෙස හදුන්වන්න පුලුවන්. 
  • Search Intent: Search Engine එකේ search කරන කෙනාගේ අභිප්‍රාය, සමහරවිට තොරතුරක් සොයාගැනීම, මිලදී ගැනීමක් කිරීම, සරළ ප්‍රශ්නයකට පිළිතුරක් සොයා ගැනීම විය හැක.
  • Algorithm: වෙබ් පිටුවක් ශ්‍රේණිගත කළ යුතු ස්ථානය තීරණය කිරීම සඳහා සෙවුම් යන්ත්‍ර භාවිතා කරන program එකක් විදියට හදුන්වන්න පුලුවන්. Algorithm එකක් සදහා සාධක සිය ගණනක් අන්තර්ගතව ඇත. සමහරවිට ඒවායින් බොහොමයක් ප්‍රසිද්දියට පත් නොකරයි.
  • Backlink: එක වෙබ්පිටුවක සිට තව වෙබ්පිටුවකට යොමු කරන ලද link (hyperlink) එකක් backlink එකක් විදියට හදුන්වනවා. මෙහි internal links සහ external links ලෙස වර්ග දෙකක් දැකගන්න පුලුවන්. internal links කියන්නේ එකම වෙබ් අඩවිය තුල පවතින එක පිටුවකින් තවත් පිටුවකට යොමු කරන ලද link එකක් වන අතර external links කියන්නේ එක website එකක වෙබ් පිටුවක සිට තවත් website එකක වෙබ් පිටුවකට යොමු කරන ලද link එකකි.
  • DA (Domain Authority): website එකක් search engine එකේ ශ්‍රේණිගත කිරීමට කොතරම් දුරට ඉඩ ඇත්දැයි පුරෝකථනය කරන metric එකක් තමා  DA කියන්නේ. Moz ආයතනය තමයි මෙය නිර්මාණය කලේ. 0 සිට 100 දක්වා අගයක් සෑම වෙබ් අඩවියකට හිමිවෙනවා. 100 තමා උපරිම හොද මට්ටම. මෙයින් අදහස් වෙන්නේ නෑ DA වැඩි වුන පලියට search engine එකෙන් එම වෙබ් අඩවිය rank කරන බවක්. DA වැඩි වීමට quality content සහ backlinks, trusted බව වැනි දේවල බලපෑමක් තියෙනවා. PA (Page Authority) ලෙස හදුන්වන්නේ මේකෙම URL එකකට පමණක් අදාළ metric එකයි.
  • DR (Domain Rating):මේකත් website එකක් search engine එකේ ශ්‍රේණිගත කිරීමට කොතරම් දුරට ඉඩ ඇත්දැයි පුරෝකථනය කරන metric එකක් තමා Moz වගේම. Ahrefs ආයතනය තමයි මෙය නිර්මාණය කලේ. Moz වගේම තමා, 0 සිට 100 දක්වා අගයක් සෑම වෙබ් අඩවියකට හිමිවෙනවා මේක තුලත්.  DR වැඩි වීමට බලපාන ප්‍රධාන සාදකය වෙන්නේ backlinks තමා මේකෙදි.  UR (URL Rating) ලෙස හදුන්වන්නේ මේකෙම URL එකකට පමණක් අදාළ metric එකයි.
  • White Hat SEO: Google හි Rank කිරීමට යොදාගන්නා ethical SEO tactics යොදාගෙන SEO කිරීම. White Hat SEO ක්‍රමවේදයන් ගැන Google ආයතනය කැමැත්තක් දක්වයි.
  • Black Hat SEO: මෙම ක්‍රමවේදයන් යොදාගෙන ඉක්මන් ප්‍රථිපල ලබා ගැනීමට හැකි වුනත් Google ආයතනය කැමැත්තක් නොදක්වයි. Google algorithm එකට අසුවුනොත් ඔබේ website එක Black Hat SEO ක්‍රමවේදයන් භාවිත කර ඇති බවට, Google penalty ලැබීමට සිදුවේ. penalty කියන්නේ හරියට Google එකෙන් ලබා දෙන දඩුවමක් වගේ. එය ඉතාම අහිතකර තත්වයකට පාර කපා ගැනීමක්. website එකේ අනාගතයට එතරම් සුභදායක නොවේ.

කොහොමද search engines වැඩ කරන්නේ?

search engines කියන්නේ හරියට පුස්තකාල වගේ, පුස්තකාලයක තිබෙන පොත් ගොඩකින් තමන්ට අවශ්‍ය පොත සොයාගන්නවා වගේ. search engines කියන්නේ වෙබ් පිටු බිලියන ගාණක එකතුවක්. search engine එකක් සෑම විටම search කරණ දෙයට ගැලපෙන හොදම ප්‍රථිපල පෙන්වීම තමයි සිදු කරන්නේ. 

කෙනෙක් යමක් search කරද්දී එයා search කරන දෙයට අදාළව ගැළපෙන හොදම ප්‍රථිපල මුල සිට අගට වඩාත්ම ගැලපෙන පිළිවෙලට ස්ථානගත වෙමින් පෙන්වීම තමයි මේකෙදි සරලවම සිදුවෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලියට search engines යොදාගන්න algorithm එක හරියටම අපිට කියන්න පුලුවන් දෙයක්වත්, හිතන්න පහසු දෙයක්වත් නෙවෙයි. නමුත් Google වගේ search engine එකක් මෙලස ප්‍රථිපල ස්ථානගත කිරීම සදහා යොදාගන්න ranking factors 200ට අදික ප්‍රමාණයක් පවතිනවා. මේකෙන් සුලු ප්‍රමාණයක් විතරයි ප්‍රධාන පෙලේ ranking factors විදියට Google එක හදුන්වන්නේ. 

මෙම ranking factors යොදාගෙන තමා rank වෙන පෙළගැස්ම සිදුවෙන්නේ. මේ හැමදෙයක්ම computers මගින් එහෙමත් නැතිනම් Google bot ලා මගින් automatically සිදුවෙන දේවල්. ඉතින් මේ ranking factors වලට අනුකූල වන පරිදි website එකක් හදන එක තමා අපේ කාර්ය වෙන්න ඕන.

SEO strategy එකක් කියන්නේ මොකක්ද?

ඔබ හිතන්න ඔබට google එකේ best mobile phones කියන keyword එකට ඔබේ වෙබ්පිටුවක් rank කරගැනීමට අවශ්‍යයි කියලා. දැන් මෙම අරමුණ ලගා කරගැනීමට ඔබ එම keyword එකට පවතින competition එක තේරුම් අරගෙන එයට තරගයක් දිය හැකි ආකාරයට ඔබේ වෙබ්පිටුව තුල SEO optimize කිරීම කළ යුතු වෙනවා. 

Google එකේ නම් කරන ලද 200කට වැඩි ranking factors වලට අවදානය යොමු කරමින් එම competition එක සමග සටන් කළ හැකි වන පරිදි SEO strategy එකක් සාදා ගැනීම සිදුකළයුතු වෙනවා. Google එකේ ranking factors වෙනස් නොව්නට ඔව්න් යලි යාවත්කාලින කරන තුරුම, අපිට බෑ එකම ක්‍රමවේදයක් ඔස්සේ competition එක වැඩි keywords එක්කයි, competition අඩු keywords එක්කයි තරග කරන්න. highspeed car race එකක් එකක් footbike එකක් තරග කරන එක තේරුමක් නැති බව ඔබට පැහැදිලිනේ. 

ඒ වගේම තමා නිකන්ම SEO වලට අදාළ කරුණු කාරණා optimize කරනවට වඩා SEO strategy එකක් යොදාගැනීමේදී සාර්ථක ප්‍රථිපල ලබා ගැනීම පහසු කරනවා. SEO strategy එකක් සෑම විටම වගේ SEO වලට අදාළ කරුණු ගොඩක එකතුවක් ලෙස හදුන්වන්න පුලුවන්.

තව දේවල් ඉගෙන ගන්න Youtube වලින් මාව Subscribe කරන්න

On-Page SEO

SEO වල සාර්ථකත්වයේ මූලික පදනම රැදි ඇත්තේ මෙය තුළයි. ඔබේ website එක තුළදී සිදුකරණු ලබන Search Engine Optimize කිරීම මෙලෙස හදුනාගන්න පුලුවන්. මේ සදහා අඩංගු වෙන සාදක විදියට keyword research & optimization, content, meta title & description, URL, Image optimization සහ internal links වගේ දේවල් හදුන්වන්න පුලුවන්. On-Page optimization කියන්නේ google එකේ ranking factor එක විදියට හැදින්නුවත් වැරදි නෑ. මොකද මෙහි අඩංගු කරුණු තම website එකක් rank වෙනවද නැද්ද යන තීරණයට ප්‍රධානම බලපෑම සිදුකරනු ලබන්නේ.

Off-Page SEO

On-Page SEO වල සාර්ථකත්වයේ ගමන ස්ථිර කරණ සාදකය Off-Page SEO ලෙස හදුන්වන්න පුලුවන්. මොකද On-Page SEO කල පමණින් සාර්ථක වීම ස්ථිරවම සනාථ කළ නොහැකිය. නමුත් මේ දෙකේ එකතුව ඉතාම වැදගත් වෙනවා google ranking වල ඉහල ස්ථානයක ස්ථිරව පවතින්න. Off-Page SEO වලට අදාල වන්නේ backlinks තමා. තව විදියකින් කිව්වොත් මෙහි optimize වීම සිදුකෙරෙන්නේ website එකට භාහිරිනුයි. මගේ අත්දැකීමේ හැටියට නම් Off-Page SEO කියන්නේ දෙවන ප්‍රධානම ranking factor එකයි. 

Off-Page SEO යතතේ contextual backlinks, guest post, PBN, blog posting, blog comments, article submission, PR submission, social bookmarks & signals වගේ ඒවා හදුන්වන්න පුළුවන් වෙනවා.

Technical SEO

මෙය On-Page SEO වලම කොටසක් ලෙසද හදුනා ගන්න පුලුවන්, නමුත් මේ යටතට බොහෝවිට වර්ග කෙරෙන්නේ website එකේ technical කොටසයි.  Page loading speed, UX optimization, SSL Certificate (HTTPS), Mobile friendliness වගේ දේවල් මේ කොටසට ඇතුළත් කරන්න පුලුවන්. මේවා වර්තමයේදී අවශ්‍යම සාදක විදියට හදුන්වන්න පුලුවන්. මොකද මේ කොටස් වල දුර්වලතා තිබේ නම් එය මුල් පිටු වෙත rank අඩපන කරනවා.

දැන් අපි ranking වලට බලපෑමක් ඇති කරණ ප්‍රධාන සාදක කීපයක් ගැන කතා බහ කරමු.

Keyword Research

අන්තර්ජාල පරිශීලකයකු ඔබේ website එකට අදාළ යමක් google හි search කරාම ඔබට අවශ්‍ය ඔබේ website එක පෙන්වීමයි. මෙහිදී search කරන keywords තමන්ගේ සිතැගි පරිදි අනුමාන කරලා කරන්න පුලුවන් දෙයක් නෙවෙයි මේක.

ඔබට අදාළ target audience එක එහෙමත් නැත්තන් ඔබේ ගැණුම්කරුවන් search කරන්නේ මොනවගේ keywords ද යන්න වග ඔබ නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ ගවේෂණය කරමින් සොයාබැලීම කළ යුතු වෙනවා. මේ ආකාරයට keywords සොයාගැනීම keyword research එකක් ලෙස හදුනාගන්න පුලුවන්.

Keyword research එකක් සදහා නිශ්චිතව මෙය යයි කිව හැකි ක්‍රමවේදයක් නැති වුණත්, බොහෝ පොදුවූ කාරණා මත පදනම්ව තමන්ට ආවේනික ක්‍රමවේදයක් ඔස්සේ මෙය සිදුකිරීම බොහෝ විට දැකගන්න පුලුවන්. ඒ වගේම ජනප්‍රිය මෙන්ම එතරම් ජනප්‍රිය නොවන keyword research strategies දැකගැනීමට හැකියාව තිබෙනවා.

සාර්ථක keyword research එකක් සිදුකිරීම සාර්ථක website එකක් නිර්මාණය කිරීමෙහිලා ප්‍රධාන ලෙසම බලපාන සාදකයක් ලෙස හදුනාගන්න පුලුවන්. තව විදියකට කිව්වොත් මේක සාර්ථක website එකක හැරවුම් ලක්ෂයක්.

සාර්ථක keyword research එකක් කරන්න අපිට විවිද keyword research tools යොදාගන්න පුලුවන්. ඒ අතර free යොදාගන්න පුලුවන් tools වගේම  paid tools තිබෙනවා. free tools බොහෝවිට සීමා සහිත පහසුකම් තමයි අපිට ලබා දෙන්නේ. advanced features භාවිත කිරීමට නම් ගෙවීම කිරීමට සිදුවෙනවා.

Quality Content

Google එකට අවශ්‍ය වඩාත්ම ගැළපෙන, විශ්වසනීය සහ ප්‍රයෝජනවත් ප්‍රථිපල search කරන අය වෙත ලබා දීම. ඒක තමා ඔව්න්ගේ ප්‍රමුක කාර්යභාරය වෙන්නේ. ඒ නිසා එම කාරණාව ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුවෙනවා. 

Google එක විසින් content වල ගුණාත්මකබව සාදක කීපයක් මත පදනම්ව සිදුකරනු ලබනවා. ඒ තමයි expertise, authoritativeness, සහ trustworthiness කියන්නේ. Google (E,A,T)

  • Expertise

මෙහි අර්ථ දැක්වීම පරිදි ඔබ content එක, එහෙමත් නැතිනම් article එකක් ලියන ලද විෂයපතය ගැන ඔබට ඉතාම ඉහල සුවිශේෂී මට්ටමේ දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා Google එක අනුමත කරන පරිදි article එකක් ලිවීමට නම්. හැබැයි මෙහි තේරුම එයට සීමාවූ එකක් නම් නෙවෙයි.

ඔබට දැනගත යුතු වෙනවා ඔබේ දැනුම මිනිසුන්ට සම්බන්ද කළහැකි පරිදි සන්නිවේදනය කිරීමට. මොකද දැනුම ගොඩක් තමන්ගේ සිතැගි පරිදි ලිව්ව පලියට පරිශීලකයන්ට අවබෝද කරගන්න බෑ. එම නිසා ඔබ දැනගත යුතු වෙනවා ඔබේ audience එක මොනවගේද? කොහොමද ඔබ එය නිවැරදි ලෙස ගැලපෙන පරිදි මිනිසුන් වෙත ගෙනියන්නේ කියලා. 

Content is King කියන ප්‍රතිපත්තිය තුල තමයි Google එක රදා පවතින්නේ ප්‍රධාන ලෙසම, මොකද Google එකෙන් කියන්නේ website එකක ranking improve වෙන්න නම්, මිනිස්සු කැමති වෙන විදියේ quality content ලියන්න කියන එකයි.

EAT-original-content
EAT-original-content

Expert content එකක් ලියන්නෙ කොහොමද?

මේ සදහා ඔබට හොදහැටි අවබෝදයක් තියෙන්න අවශ්‍ය වෙනවා ඔබේ target audience එක මොනාද search කරන්නේ කියන කාරණාව ගැන. මේක ඉතින් keyword research එකකින් පැහැදිලිව අවබෝද කරගන්න පුලුවන් දෙයක්. ඒ වගේම තමයි search intent ගැන හොද අවබෝදයක් ලබා ගෙන content ලියන්න වෙනවා.

search intent එක ගැන අවබෝදයක් ලබා ගැනීමේදී අපිට ප්‍රධාන ආකාර 4ක් ගැන හදුනා ගන්න පුලුවන්.

1) Informational intent

මෙයින් අදහස් වන්නේ යම් ආකාරයක තොරතුරක් දැන ගැනීමේ පරමාර්ථයෙන් යමක් search කිරීම හදුනා ගන්න පුලුවන්. මෙවැනි keyword එකක් search කරන කෙනෙක් නිශ්චිත ප්‍රශ්නයක් හෝ වැඩිදුර දැනගන්න අවශ්‍ය දේ search කරන බවක් පැහැදිලිව හදුනා ගත හැකියි.

2) Navigational intent

තමන් යා යුතු website එක මොකක්ද කියලා කලින් දැනගෙනම google භාවිතා කරමින් search කර පැමිණෙන අය මෙහිදී හදුනාගන්න පුලුවන්.

3) Preferential/Commercial Investigation

ඉදිරි දිනකදී යමක් මිලදී ගැනීමේ අරමුණින් යම් product එකක් brand එකක් හෝ service එකක් ගැන සොයා බැලීමේ අරමුණින් search කරන keywords  මේ ගණයට අයත් වෙනවා. සමහර විට මේවා යම් වර්ග දෙකක් සංසන්දනාත්මක සොයා බැලීමක් විය හැක. products reviews, ratings වගේ දේවල් වුනත් මෙයට කෙලින්ම අදාලයි.

4) Transactional intent

යම් මිලදී ගැනීමක් සිදුකිරීමේ අරමුණින් යමක් search කරන බවක් හදුනාගන්න පුලුවන්. එම මිලදී ගැනීම product, service, or subscription වගේ දෙයක් වෙන්න පුලුවන්. මෙවැනි දෙයක් search කරන කෙනෙක් මිලදී ගැනීමක් වැනි action එකක් ගන්න බලාගෙනම search කරන නිසා එයාලා දැනටමත් දන්නවා එයාලා මොනාද search කරන්නේ කියලා, එම මිලදී ගැනීම කරන්න ස්ථානයක් සොයා ගැනීම ප්‍රධාන අරමුණ වෙන්න පුලුවන්.

ඉතින් මෙවැනි කරුණු කාරණා ගැන නිසි අවබෝදයක් keyword research එකක් තුලින් ලබා ගන්න පුලුවන්, keyword research එකක හොද competitors analysis කිරීමක් සිදුකළහොත් සාර්ථකව අංගසම්පුර්ණ content එකක් ලියන්න පුලුවන් වෙනවා.

තවදුරටත් content එක තුල target audience එකට ගැලපෙන භාෂා ශෛලියක් යොදාගැනීම වගේම content එකට ගැලපෙන images, videos වගේ දේවල් යොදා ගැනීම මගින් මිනිස්සු කැමති විදියේ, මිනිස්සු අතරට යන content එකක් ලියන්න හැකි වෙනවා. 

ඔබේ දැනුම භාවිතයෙන් ගොඩගන්න content එක තුල මතුවෙන්නාවූ ප්‍රශ්න වලට content එක තුලින්ම සරලව තේරෙන විදියට පිළිතුරු දීම මගින් වැඩි සාර්ථකත්වයක් ඇතිකරගන්න පුලුවන්. මොකද සමහරවිට මිනිස්සු search කරන්නේ සමහර ප්‍රශ්න විතරක් නිසා ඒවාට ප්‍රශ්න විදියටම පිළිතුරු ලබා දීම වඩාත් සාර්ථකයි.

බොහෝ අය අන්තර්ජාලයේ තිබෙන කරුණු ටිකම නැවත එකලස් කර content ලිවීම සිදු කරනවා, නමුත් එය එතරම් සාර්ථක ක්‍රමයක් ලෙස හදුන්වන්න අමාරුයි, තමාගේ දැනුම අත්දැකීම් එකතුකරගෙන ලියන original content එකකට සාපේක්ෂව.

  • Authority

යම් විෂය පථයක් තුල expert කෙනෙක් වගේ දැනුම සහිතව content ලිවීම සුවිශේෂී දෙයක් නමුත් එය මුලික පදනම පමණයි. ඔබ කතා කරන විෂය පථය තුල ඔබ හොද දැනුම ප්‍රභවයක් සහිත website එකක් වෙද්දී, අනෙකුත් expert ලා ඔබේ website එකට එම ආකාරයේ සැලකිල්ලක් දක්වද්දි සහ ඔබ හෝ ඔබේ website එක මිනිස්සු අතර brand name එකක් බවට පරිවර්තනය වෙද්දී ඔබේ විෂයට අදාලව ඔබ expert කෙනක් පමණක් නොවී Authority කෙනෙක් බවටද පත් වෙනවා. මෙය ඉතාම අවශ්‍යම සාදකයක් සාර්ථකව google එකේ rank වෙන්න.

Authoritativeness එහෙම නැතිනම් අධිකාරිත්වයට වර්ධනයට බලපාන ප්‍රධාන සාදකය

ඔබේ website එකට relevant සහ authoritative websites වලින් ලැබෙන backlinks වලින් ඔබේ website එකේ authority එක වර්ධනය කරගැනීම පහසු වෙනවා. ඒ වගේම backlinks සෑම විටම ප්‍රධාන ranking factor එකක් විදියට හදුන්වන්න පුලුවන් නිසා website එකේ ranking ඉහළට එන්න ඍජු බලපෑමක් ඇතිකරනවා. Authority website එකක content වලට google එකෙන් වැඩි ප්‍රමුකත්වයක් ලැබෙන්න අවස්ථාවක් බොහෝවිට තිබෙනවා.

Links ප්‍රධාන සාදකය නිසා News & Authoritative websites වලින් ඔබව mentioned වීම google එකේ අවදානයට ලක්වීමට හේතු වෙනවා.

Authority එක මැන බැලීම සදහා යොදාගන්න පුලුවන් ප්‍රධාන සාදකයක් වෙන්නේ Moz වෙතින් හදුන්වා දෙන Domain Authority එක. Ahrefs වල Domain Rating කියන සාදකය මට පෞද්ගලිකව මේ සදහා recommend කරන්න අමාරුයි.

  • Trustworthiness

Website එකක විශ්වසනීය භාවය වර්තමයේදී ගොඩක් වැදගත් සාදකයක්. Expertise සහ Authority ඔබේ website එකේ ranking boost වෙන්න ඍජුවම බලපානවා සේම, trustworthiness බලපානවා. trustworthiness එක මගින් ඔබේ සියලු අඩුලුහුඩු කම් මගාරිමින් සාර්ථකව rank වීමට හැකි content සහිත website එකක් බවට පත් කරමින් rank වීම පහසු කරනවා.

විශේෂයෙන්ම මේ සදහා ඔබේ website එකට කිසිම ආකාරයේ negative බලපෑමක් ඇතිකර නොගෙන කට යුතු  කරන්න සිද්දවෙනවා. Business හා සම්බන්ද දේවල් සිද්ද වෙන website එකක නම් මේ ප්‍රශ්න ඇති වෙන්න වැඩි අවස්තාවක් තියෙනවා සමහර customers ලා නිසා, ඒ අවස්ථාවල ඔබේ brand name එකට හානියක් නොකර ගනුදෙනුව ඉවර කරගන්න ඔබට වගබලාගන්න වෙනවා.

Business හා සම්බන්ද website එකක් කරන්නේ නම් සෑම විටම Postive reviews වැඩි කරගන්න උත්සහ කරන්න, Google My Business, Tripadvisor, Trustpilot, Facebook වගේ google එකේ විස්වාසය දිනාගත් websites මේ සදහා යොදාගැනීම වැදගත් වෙනවා.

Trustworthiness හානි විය හැකි අවස්ථා

Bad customer reviews වලින් වගේම බොහෝ අවස්ථාව google penalty වැදීම නිසා website එකේ trustworthiness එකට negative බලපෑමක් ඇතිකරන්න පුලුවන්. Negative SEO attack වලින් වුනත් යම් අවස්ථාවල මෙම හානිය සිද්දවෙන්න පුලුවන්.

Trustworthiness එක වර්දනය බලපෑමක් ඇතිකළ හැකි අනෙකුත් සාදක

  • පැහැදිලි සහ පහසු ක්‍රමයකට website එකේ අයිතිකරුව සම්බන්දකරදීම.
  • website එකට අදාළ ලිපිනය සදහන් කිරීම, business කරන යට නම් විශේෂයි මෙම කාරණය. office එකේ හෝ store එකේ address එක සදහන් කිරීම අවශ්‍යමයි.
  • Website එකට අදාළ privacy policy, terms and conditions, terms of business, disclosure, disclaimer, about වැනි ඔබේ website එකට අවශ්‍ය කරන pages ඇතුලත් කිරීම අවශ්‍යයි. මේවා පහසුවෙන් access කළ හැකිවන පරිදි website එකේ footer එකේ සදහන් කෙරෙන්නේ.
  • Transactions සිද්දවෙන website එකක් නම් refunds and returns policies සදහන් කිරීම සිදුකළ යුතු වෙනවා. වෙනම page එකක් ලෙස යොදාගන්න පුලුවන් අවශ්‍ය පරිදි.
  • වර්තමානයේදී domain name එක secure ද යන්න වග වැදගත්ම දෙයක්. HTTPS එහෙමත් නැතිනම් SSL Certificate ලෙස හදුනාගන්න පුලුවන්. මෙය web hosting provider කෙනෙක්ගෙන් පහසුවෙන්ම ලබාගන්න පුලුවන්.
  • Products sell කිරීම සිදුකරණ website එකක් නම් products වලට අදාළව safety advice සදහන් කිරීම වැදගත් දෙයක් විස්වාසය ගොඩනගාගන්න.
  • ඔබේ දැනුම බෙදා දෙන විදියේ blog වර්ගයේ website එකක් කරන්නේ නම් author biography එකක් ඇතුළත් කිරීම අවශ්‍ය සාදකයක්. මේ අතර අනිත් අයගේ authority sites වලට link කිරීම හොද දෙයක් විදියට හදුන්වන්න පුලුවන්.

මෙය මැන බැලීමට පිළිගත් සාදකයක් වෙන්නේ Majestic SEO ආයතනය ලබා දෙන Trust Flow එක.

ඔබේ website එක තුළ යම් විෂයක් ගැන දැනුම බෙදාගන්නේ නම් විශේෂයෙන්ම medical, health සහ financial වැනි දේවල් සම්බන්දව, ඔබට සිදුවෙනවා  ඔබේ expertise, authority, සහ trustworthiness එක google එකට හැගවෙන පරිදි website එක හදාගන්න. 

ඔබ කුමන විෂයක් ගැන කතා කරත් ඔබ ලබා දෙන තොරතුරු, උපදෙස් මගින් පරිශිලකයාට සිදුවිය හැකි හානි දායක තත්වයන් අවම කිරීම google එකේ අමරමුණයි. එම නිසා ඉහත කතා කල මාතෘකා සදහා google එක වැඩි බරක් යොදවනවා. ඉතාමත් නිවැරදි, විශ්වසනීය තොරතුරු පරිශීලකයන් අතට පත් කිරීම තමයි google එකේ අරමුණ වෙන්නේ, එක නිසා තමා වර්තමයේ (E.A.T) ගැන වැඩි සැලකිල්ලක් දක්වා content ලිවිම සහ website එකක් පවත්වාගෙන යාම සිදුකලයුතු වෙන්නේ.

තව දේවල් ඉගෙන ගන්න Youtube වලින් මාව Subscribe කරන්න

Backlinks

Google එක website එකක් rank කරන්න යොදාගන්නා algorithm එකේ මුලික පදනම හදුන්වන නම වෙන්නේ PageRank.

PageRank එක ඉහලට එන්න බලපාන ප්‍රධාන සාදකයක් තමයි Backlinks කියන්නේ. Backlinks කියන්නේ කලින් කිව්වා විදියටම අපේ website එකට අනෙකුත් websites වලින් එන්නාවූ links වලට. 

මෙලෙස අපේ website එකට ලැබෙන links අපිට ලැබෙන vote එකක් විදියට තමයි සලකන්නේ. තව විදියකට කිව්වොත් යම් website එකක් අපේ website එක recommend කරනවා වගේ දෙයක්. ඉතින් මේ recommend කිරීම වඩාත් ඉහල මට්ටමේ expertise, authority, සහ trustworthiness සහිත websites වලින් ලැබෙනවා කියන්නේ ඒකට ඉතාම ඉහල බලපෑමක් කරන්න පුලුවන් අපේ website එකේ ranking improve කරන්න. එලෙස backlinks වැඩි වෙනවා කියන්නේ ඒකට සාපේක්ෂව ranking improve වෙන්න වගේම, අපේ website එකට ලැබෙන web traffic එකත් ඉහලට පැමිණෙනවා.

Backlinks වර්ග කීපයක් ඔස්සේ හදුනාගන්න පුලුවන් වෙනවා අපිට. ඒ වගේම එම backlinks වල quality එක සහ අපේ website එකට සිදුකළ හැකි බලපෑම backlink එකේ හැටියට වෙනස් වෙනවා. 

Link building යන්නෙන් කතා කරන්න ලැබෙන්නේද කරන්නේද මේ backlinks සෑදීම ගැනයි. එහිදී බොහෝවිට විවිද strategies යොදාගෙන backlinks  සෑදීම හදුනාගන්න පුළුවන් වෙනවා.

Crawlability

Google එකේ ඔබේ website එකේ පිටු ගබඩා වීම එහෙමත් නැත්නම් google එකට ඔබේ වෙබ්පිටු එකතු වීම index වීම ලෙස හදුන්වන්න පුලුවන්, මේ ගැන google search console මගින් සොයාබලන්න පුලුවන් google search console එකට ඔබේ website එක එකතු කිරීමෙන් පසු. නමුත් index වීමට නම් google එක දැනගතයුතු වෙනවා ඔබේ website එක පිලිබදව. ඔබ website එකක් සෑදු පමණින් එය සිදුවන්නේ නැත. 

google-crawler
google-crawler

Google එක අලුතෙන් සෑදෙන websites ගැන සොයාබලන්න ක්‍රම කීපයක් යොදාගනුලබන බව පවසනවා. එම සොයා බැලීම කරන ප්‍රධාන ක්‍රමවේදය වෙන්නේ crawling. websites තුළ පවතින links පසුපස ගමන් කිරීම තමයි මෙහිදී සිදුවන්නේ සරලවම. මේ සදහා Google Spider ලෙස හදුන්වනු ලබන computer program එක යොදාගෙන තමයි මෙය සිදු කරනු ලබන්නේ. 

මේ crawl කිරීම google search console එකට ඔබේ website එක add කිරීමෙන් පසුව සිදුකරණු ලබනවා. ඒ වගේම මේ වෙද්දීත් index වෙච්ච website එකකින් ඔබ අලුතෙන් සෑදු website එකට backlink එකක් ලැබී ඇත්නම් එම link එක හරහා ඔබේ link කර ඇති වෙබ් පිටුවට පැමිණ ඔබේ අනෙකුත් වෙබ්පිටුත් සොයා යමින් crawl කිරීම සිදුකරනු ලබනවා. 

Crawlability කියන්නේ ඉතාම වැදගත් දෙයක් මොකද ඔබ කොයි තරම් හොදට search engine optimize කිරීම සිදුකරත් වැඩක් වෙන්නේ නෑ Google එකට ඔබේ වෙබ්පිටු පෙනෙන්නේ නැත්නම්. Google එකට නොපෙනෙන දෙයක් rank වෙන්න කිසිම හැකියාවක් නෑ. 

Google crawler ට ඔබේ website එක හදුනාගන්න නොහැකි වෙන හේතු.

  • Crawlability එක පහසු කරන ප්‍රධාන සාදයක් වෙන්නේ website එකේ පවතින internal links silo එක, ඉතින් ගොඩක් අය නොදැනුවත්කම නිසාම එච්චර හිතන්නේ නෑ internal links ගැන. හැබැයි එහෙම වුනොත් නම් ලොකු පාඩුවක් තමා වෙන්නේ. දුර්වල internal links silo එකක් තිබීම Crawlability එක බොහෝ සෙයින් අඩු කරනවා.
  • No-followed internal links තිබ්බොත් ඒවා හරහා ගිහින් crawl වෙන්නේ නෑ. ඒ ගැන සැලකිල්ලක් දක්වන්න.
  • No-indexed pages තියෙනවා නම් ඒවා crawl කරන්නේ නෑ, ඉතින් ඔබට අවශ්‍යම pages වලට No-index දාල තිබ්බොත් එකත් ප්‍රශ්නයක් වෙනවා. wordpress වල නම් SEO Plugin එක හරහා මෙය සකස් කරගත් හැකියි.
  • Robots.txt නම් වූ text file එක හරහාත් අපිට website එකේ crawl වෙන්න දිය යුතු අවසරය හෝ තහනම ඇති කරන්න පුලුවන්. මේ සදහාද wordpress Plugin එකක් යොදාගන්න පුලුවන් පහසුවෙන්ම.

ඉතින් මේ කතා කරපු සාදක වලට සැලකිල්ලක් දැක්වුවොත් ඔබට crawl වීමට ඇති බාදා ඉවත් කරගන්න හැකි වෙනවා.

Page Loading Speed

ඔබ යම් වෙබ්පිටුවක් වෙත පිවිසෙද්දී ඔබේ web browser එකේ loading icon එක දිගින් දිගටම කැරකෙමින් load වෙන්න වැඩි කාලයක් ගත්තොත් ඔබ කුමක් කරාවිද? බොහෝ විට ඔබ නැවත back වෙයි, එහෙම නැත්තන් ඔබ එය close කර දමාවි. ඔබේ website එකත් load වෙන්න වැඩි කාලයක් ගත්තොත් සිද්ද වෙන්නේ ඒකම තමයි. මොකද මිනිස්සු කැමති නෑ බලන් ඉන්න. 

ඉතින් මේ හේතුව නිසා වර්තමානයේ Page Speed කියන්නේ ඉතාම වැදගත් සාදකයක් බවට පත් වෙලා තියෙනවා. Google එක කැමති ඔබේ වෙබ්පිටු ඉක්මනට load වෙනවට ඒ වගේම තමයි user experience එකත් උපරිම මට්ටමට ගෙන්න පුළුවන් වෙන්නේ ඉක්මට load වෙනවා නම් තමයි. Page Speed එකේ දුරවලතා තිබුනොත් ඔබ මුල් පිටුවේ rank වෙලා හිටියත් ඔබට එම ස්ථානයේ ස්ථිරව පවතින්න බැරි වෙනවා. මොකද ඔබේ website එකට එන අය ආ පයින්ම නැවත හැරී යන්න ගත්තොත් එයින් සිද්දවෙන්නේ ඉතාම අහිතකර දෙයක් website එකට.

Page Speed එක මැන බැලීමට සහ අඩුපාඩුකම් බලාගැනීම ඔබට විවිද tools යොදාගන්න පුලුවන්. ඒ අතරින් google එකේම ලබාදෙන page insights යොදාගන්න පුලුවන්. එහෙම නැතිනම් gtmetrix වගේ site එකක් යොදාගෙන මෙය කරන්න පුලුවන්. ඒවායේ website එක දමා search කිරීමෙන් පසු පෙන්වන අඩුපාඩුකම් සකස් කරගැනීමයි සිදුකරන්න තියෙන්නේ.

Mobile Friendliness

mobile-friendly-test
mobile-friendly-test

වර්තමයේදී website එකකට විවිද device වලින් පරිශීලකයන් පිවිසීම සුලබ කාරණාවක්, නමුත් ඒ අතරින් mobile devices වලට වැඩි ප්‍රමුකත්වයක් හිමි වෙමින් පවතින කාලයක් තමයි දැන් උදාවෙමින් තිබෙන්නේ. ඒ අතර දැනටමත් සමහර topics වලට වැඩි searches ප්‍රමාණයක් පැමිණෙන්නේ mobile devices වලින්. ඉතින් ඔබේ website එකේ mobile friendliness එක අවම මට්ටමකනම් තියෙන්නේ ඒක ඔබේ mobile web traffic එක අඩු කරගන්න සිද්දවෙන ප්‍රධාන සාදකයක් බවට පත්වෙනවා. ඒ වගේම තමයි mobile friendliness එක හොද තත්වයක තිබ්බොත් ranking වල ඉහල පවතින්න එය  බලපානවා. 

Mobile friendliness එකත් ඔබට google එකෙන්ම පරික්ෂා කරගන්න පුලුවන් Mobile-Friendly Test වෙබ්පිටුවට පිවිසීම තුලින්.

SSL Certificate (HTTPS)

Secure site එකක් කියන්නේ website එක පරිශීලකයන්ගේ තොරතුරු ආරක්ෂිතයි කියන එක. පරිශීලකයන්ගේ ආරක්ෂාව ඉතින් google එක වැඩි අවදානයක් දී ඇති කරුණක්. එම නිසා වර්තමයේ website එකක් හදන්න අදහසක් තිබෙනවා නම් දෙපාරක් නොහිතාම domain ඒකට SSL Certificate එකත් ගන්න. 

ssl-certificate
ssl-certificate

මේක ඔබේ hosting provider හරහාම වුනත් කරගන්න පුලුවන් දෙයක්. මොකද බොහෝ hosting provider ලා වර්තමයේ නොමිලේම SSL  ලබා දෙනවා. මෙය ප්‍රධාන පෙලේ ranking factor එකක් නොවුණත්, SSL නැතුවම බැරි දෙයක් google එකේ website එකක් rank කරගන්නවා නම්. ඒ වගේම තමා බොහෝ online ගැණුම්කරුවන් පවා SSL එක website එකේ විශ්වසනීය භාවයේ මුද්‍රාවක් විදියට සලකනවා.

UX optimization

පරිශීලකයන්ට ඔබේ website එකේ ලබා දෙන අත්දැකීම ගැන තමයි මෙහිදී සළකා බලන්නේ. User experience optimization විදියට හදුන්වන්න පුලුවන්. 

පහුගිය දශකයේ මුල් කලේ නම් website එකක් rank කරනවා කියන එක website එකේ කීප සැරයක් යොදාගත් keywords ටිකට සීමා වුණා. නමුත් වර්තමයේ Google Updates වල හැටියට එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි SEO කියන්නේ. ඒ නිසා පරිශිලකය ගැන වැඩිපුර සැලකිල්ලක් දක්වන්න වෙනවා SEO කර සාර්ථක website එකක් හදාගන්න නම්.

  1. Time On Site

වැඩි කාල වෙලාවක් visitor කෙනෙක් website එකේ රැදී සිටීම. ගුණාත්මක භාවයෙන් යුතු user intent එකට ගැලපෙන content තියෙන වෙබ්පිටු තුල මේක පහසුවෙන්ම සිද්දවෙනවා. content එකත් සමග user කෙනක් engage වෙන ආකාරය මත වෙනස් වෙයි. videos, images යොදාගැනීම සහ කෙටි 

paragraph ඔස්සේ content ලිවීම මගින් වැඩි කාල වෙලාවක් වෙබ්පිටු තුල යහපත් ලෙස රැදෙන්න සලස්වන්න පුලුවන්.

  1. Pages Per Session

එක වෙබ්පිටුවකට පැමිණෙන visitor කෙනෙක්ට වැඩි වෙබ් පිටු ප්‍රමාණයක් පරිශීලනය කිරීමට සැලැස්වීම. මේ සදහා යම් ඉලක්කගත මාතෘකාක් පිලිබදව වැඩි ලිපි ප්‍රමාණයක් ලියා තිබීම අවශ්‍යම දෙයක් විදියට හදුන්වන්න පුලුවන්. එය සිදු කිරීමට වඩාත් හොද මට්ටමකින් internal links සිදුකර තිබීම කල යුතුයි.

  1. Bounce Rate

Bounce rate එක අඩු කරගැනීම සිදුකරගත යුතු වෙනවා, එකත් User experience එක ගැන ලබා දෙන්න පුලුවන් හොද signal එකක් මේකත්. මේ සදහාත් කලින් පරිදිම වැඩි ලිපි ප්‍රමාණයක්, හොද internal links structure එකකට සකස් කර තිබීම වැදගත් කොට සලකන්න පුලුවන්. මොකද visitor කෙනක් ආ පයින්ම හැරිලා යන්නේ නෑ ඔව්න්ගේ අවශ්‍යතාව තෘප්තිමත් කරන්න පුළුවන් විදියට අපි website එක හදලා තිබ්බම.

Local SEO

මෙහිදී සිදුකරන ප්‍රධාන කාර්යක් වෙන්නේ Google My Business වෙත ඔබේ business එකට අදාළ විස්තර ඇතුලත් කිරීමයි. Business වල අනාගතය Google My Business වේවි යයි පැහැදිලිවම තහවුරු කළ හැකියි.

Local SEO කෙලින්ම වැදගත් වෙන්නේ business කරන අයට තමයි. keyword එකක් search කරලා ඔබේ website එක එන කෙනා බොහෝවිට ඔබේ customer කෙනෙක් බවට පත් කරගැනීමට ලොකු හැකියාවක් පවතිනවා මේ හරහා. මොකද “near me” වගේ keyword එකක් ඔබ business එක කරන ප්‍රදේශය තුල ඔබේ business එකට අදාල දෙයක් search කරද්දී ඔබේ business එකේ විස්තර සහ ඔබේ website එක ඉහලින්ම පෙන්නන්න වැඩි අවස්ථාවක් තියෙනවා. 

උදා: 

  • mobile phone shop near me
  • phone repair Colombo
  • buy laptop in negombo

Final Thought

SEO කියන්නේ මොකක්ද කියලා මේ කතා කරා වගේ ඔබට පැහැදිලි ඇති මේක SEO කියල තනි නමකින් හැදින්නුවට මේක කොටස් ගොඩක එකතුවක් කියලා. ඉතින් ඔබට SEO කරලා සාර්ථක වෙන්න නම් මේ කොටස් හැම එකටම වගේ අවදානය දෙන්න වෙනවා මොකද එක කොටසක් හරියට කලාට ඒක ප්‍රමාණවත් වෙන්නේ නෑ සාර්ථක වෙන්න. එම නිසා ඉහත කතා කළ සියලු කරුණු වලට අවදානය දෙමින් තවදුරටත් අද්‍යනය කරන්න SEO ගැන. එවිට මන් කතා නොකරපු තව දුරටත් අවදානය යොමුකළ යුතු කරණු ඔබට දැන හදුනාගන්න හැකිවේවි.

තව දේවල් ඉගෙන ගන්න Youtube වලින් මාව Subscribe කරන්න

Loading

5 thoughts on “What is SEO? | SEO ගැන හැමදේම සිංහලෙන් (පළමු කොටස)”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!