backlinks-sinhala

Backlinks Sinhala | බැක්ලින්ක්ස් ගැන සිංහලෙන් ඉගෙන ගමු

Backlinks Sinhala මේ ලිපිය මගින් backlinks ගැන මුලික කාරණා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහෝ දෙනෙක් සිතා ඉන්නා පරිදි SEO වලදී Backlinks කියන්නේ ඉගෙන ගන්න ඉතාමත් අමාරුම දෙයක් නම් නෙවෙයි. නමුත් මේක ඇතුලේ කරන්න තියෙන සමහර දේවල් නම් එතරම්ම පහසු නෑ. හැකියාව, කැපවීම හා ඔබට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය, මේ තුළ සාර්ථක වෙන්න අත්‍යවශ්‍ය සාධක කීපයක් විදියට හදුනා ගන්න පුලුවන්. Backlinks කියන්නේ SEO වල Off site SEO හෝ Off Page SEO method එකක් විදියට මුලිකව හදුනා ගන්න පුලුවන්.

What Are Backlinks? මොනවද බැක්ලින්ක්ස් කියන්නේ?

Backlinks කියන්නේ වෙනත් website එකක සිට ඔබේ website එකට පැමිනෙන්නාවූ link එකක් විදියට සරළව හදුනා ගන්න පුලුවන්. website එක තුළට එන links, internal links හා ඔබේ website එකෙන් පිටතට යන links, external links විදියට හදුනා ගත හැකි වුනත් සාමාන්යෙන් බහුතරය backlinks ලෙස සලකන්නේ තම website එකට භාහිර websites වලින් පැමිනෙන්නාවූ links වලටය. inbound links, incoming links යන නම් වලින්ද මේවා හදුන්වනවා. Backlinks එකක් සැදීමේදී websites දෙකක් සම්බන්ද කරමින් සාදන hyperlink එකට යොදාගන්නා වචන anchor text එකක් විදියට හදුන්වනවා. පහත පින්තූර මගින් ඔබට තව දුරටත් පැහැදිලි වෙයි

hyperlink
hyperlinks

Backlinks වල වැදගත්කම මොකක්ද?

Backlink එකක් කියන්නේ එක website එකකින් තවත් website එකකට ලබා දෙන්නාවූ vote එකක් වගේ දෙයක්. හරියට යම් වැඩක් කරගැනීම සදහා ඔබ කාව හරි දන්න කෙනෙක්ව recommend කරනවා වගේ දෙයක් තමයි මෙතනදීත් වෙන්නේ. ඉතින් කාවහරි කෙනෙක්ව යම් කාර්යකට recommend කරාම අපි එයාගෙන් වැඩි විස්වාසයක් ඇතුව එම කාර්ය කරගැනීමට පෙලබෙනවා වගේම එක website එකකින් තවත් website එකකට backlink එකක් ආවාම Google එකේ Ranking වල ඉහලට එන්න ඒක ප්‍රධාන හේතුවක් බවට පත්වෙනවා.


Search and buy domains from Namecheap

හොද website එකකින් එන backlink එකක් ඔබේ website එකට තව වටිනාකමක් එකතු කරනවා වගේම, නරක website එකකින් එන backlink එකක් ඔබේ website එකට ඉතාමත් අහිතකර ප්‍රතිපල එකතු කරනවා. එවැනි අවස්ථාවක ඔබේ website එක Google එකේ Ranking පහළට වැටීමක් සිදු වීම හෝ Google එකෙන් සම්පූර්ණයෙන්ම ඔබේ website එක අයින් වීමක් වුණත් සිදුවෙන්න පුලුවන්.

Backlinks කියන්නේ Google එකේ ප්‍රධානම හා වැදගත්ම search engine ranking factor වලින් එකක්. ඔබේ website එකට ස්වභාවෙන්ම backlinks සෑදෙන එකට තමයි Google ආයතනය ඇතුළු හැම search engine එකක්ම කැමති. ස්භාවිකව backlinks හැදෙන්න ලොකු කාලයක් වගේම හොද ගුණාත්මක අන්තර්ගතයක් සහිත website එකක් අවශ්‍යම වෙනවා. එවිට තමයි අපි නොදන්නා කෙනෙක් වුණත් අපේ website එක දැකලා link කරන්න පෙලබෙන්නේ. මේක කොහෙත්ම අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් බොහෝ දෙනෙක් තමන්ගේ website එකක් Rank කරගන්න තියෙන වුවමනාව නිසාම, තමා විසින්ම backlinks සාදනවා. නමුත් මේ කාර්ය නෙවෙයි Google ආයතනය බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි backlinks සාදද්දී ගොඩක් පරිස්සම් ඇතුව කරන්න වෙනවා ස්භාවිකව ඇති වන්නාවූ backlinks විදියටම. ඒක නිසා ඔබට හිතෙන හිතෙන විදියට මේ වැඩේ කරන්න ගියොත් අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩි.

The Ultimate Managed Hosting Platform

Backlinks සැදීමේදී අවදානය දිය යුතු කරුණු

  • හැම backlink එකක්ම කිසිම ආකාරයකට සමාන ක්‍රමයකට සැදීම නොකළ යුතුයි. Rank කිරීමට නම් quality backlinks වලට වැඩි අවදානයක් දිය යුතුයි.
  • Quality backlink එකක් ප්‍රමාණවත් වෙන්න පුලුවන් quality අඩු backlinks 1000කට වඩා. ඒනිසා මොකක් හරි විදියකට backlinks ගොඩක් ගහගත්තා කියල සාර්ථක නෑ.
  • Backlinks සැදීමේදී anchor text පිළිබදව වැඩි අවදානයක් දිය යුතු වෙනවා මොකද ඔබ එකම anchor text එකක් හෝ දෙකක් පමණක් භාවිත කළහොත් එය වැඩි අවදානම් සහිතයි.
anchor

සෑම විටම වෙනස්, වෙනස් anchor text භාවිත කිරීම ඉතාම හොදයි මේකෙදි. Main Keyword anchor, related keywords anchors, brand name anchor, URL anchors, Click Here, Read More වැනි වචන භාවිතයෙන් එන්නාවූ anchors ගැළපෙන පරිදි කලවමේ භාවිත කළ යුතුයි. එකම anchor text එක නොගැලපෙන පරිදි හෝ අනවශ්‍ය පරිදි භාවිත නොකරන්න. මෙහිදී keywords anchors භාවිතය තුළින් ඔබට අවශ්‍ය keywords වලට website එක Rank කරගන්න වැඩි උදව්වක් වෙනවා, නමුත් දිගින් දිගටම එකම anchor text එක භාවිතා කිරීම අවදානම් සහිතයි. ඒ ගැන ඔබ පරිස්සම් විය යුතුයි.

මොනවද quality backlinks කියන්නේ

Backlinks සැදීමේදී ඔබ කළ යුතු වැදගත්ම දේ තමා quality backlinks හදන එක, මේක එච්චරම ලේසි වැඩක් නම් නෙවෙයි. ඒත් ඔබේ website එක සාර්ථක එකක් බවට පත් කරගන්න මේක අත්‍යවශ්‍ය සාදකයක් ලෙස හදුන්වන්න පුලුවන්. ප්‍රධාන වශයෙන් quality backlinks කොටස් කීපයක් යටතේ හදුනා ගන්න පුලුවන්.

Relevance – ඔබේ website එකට ඇති අදාළ භාවය

Backlinks වලදී ඔබ සැලකිල්ලක් දැක්විය යුතු ප්‍රධානම සාධකයක් වන්නේ මේක. මෙහිදී ඔබට backlink එක පැමිනෙන්නාවූ වෙබ් පිටුව ඔබේ website එකට කොයි තරම් දුරට relevant ද යන්න මෙහිදී සලකා බලන ප්‍රධානම සාදකයක් බවට පත් වෙනවා.

උදාහරණයක් විදියට ඔබේ website එක health සම්බන්දව නම් ඔබේ backlink එකත් health සම්බන්ද වෙබ් පිටුවකින් පැමිණීම තුළින් වැඩි බලපෑමක් ඔබේ website එක Rank වීම සදහා ඇති කරනවා කිසිම අදාළත්වයක් නැති වෙබ් පිටුවකින් backlink එකක් පැමිණීමට වඩා. මෙහිදී ඔබේ backlink එක ඔබේ website එක Rank වීම සදහා ඇති කරන බලපෑම, අනුලෝමව සමානුපාතික වෙනවා කොයි තරම් දුරට එම backlink එක ඔබේ website එකට අදාළත්වයක් (Relevancy) තියෙනවාද කියන කාරණයට. මෙය Pyramid එකක් ආකාරයෙන් පෙන්වා දිය හැකි පහත පින්තූරයේ ආකාරයට. 100% Relevancy නම් උපරිම බලපෑම ඇති කරයි.

Relevancy-pyramid

ඉතින් ඔබ ඔබේ website එකට Relevancy එක අඩු backlinks ගැහුවොත් අඩු බලපෑමක් ඇති කරනවා වගේම. කිසිම Relevancy එකක් නැති backlinks ගොඩක් ගැහුවත් සමහර විට කිසිම සාර්ථකත්වයක් ඇති නොවෙන්නත් පුලුවන්. සමහර tool මගින් backlinks හදද්දී අහිතකර ප්‍රථිපල අත්වෙන්න මේකත් එක හේතුවක්.

Authority – website එකට ඇති අධිකාරී බලය ලෙස සැලකේ

Website එකක ඇති ගුණාත්මක භාවයක් ලෙස සැළකිය හැකි අධිකාරී බලය නොහොත් website authority එක හදුනා ගන්න පුලුවන්. දුර මනින ඒකක විදියට ලෝකයම පිළිගන්න සම්මත ඒකකයන් වන මීටර්, කිලෝමීටර් වැනි ඒකක තියෙනවා වගේ website authority එක මනින්න බොහෝ දෙනා අතර පිළිගැනීමට ලක්වුණු ඒකක කිහිපයක් වර්තමානය වන විට හදුනා ගන්න පුලුවන්. ඒවා නම් Moz ආයතනය විසින් ලබා දෙන Domain Authority, Ahrefs ආයතනය විසින් ලබා දෙන Domain Rating, Majestic SEO ආයතනය විසින් ලබා දෙන Trust Flow වේ.

මෙහිදී වෙබ් පිටුවකට අදාළ Authority එක මැනීම සදහා Moz හා Ahrefs ආයතනය විසින් පිළිවෙලින් Page Authority හා URL Rating ලෙසද එකක ලබා දෙනවා. මේවා යොදාගෙන තමයි අපිට website authority එක පිළිබද අදහසක් ගන්න වෙන්නේ. මේ විවිධ ආයතන විසින් විවිධ සිද්දාන්ත පදනම් කරගෙන තමයි මේ අගයන් ලබා දෙන්නේ, ඒ නිසා මේ තුනේම එකම අගයන් හම්බවෙන්නේ නෑ එකම website එකකට වුනත්. මෙහිදී ප්‍රතිශතයක් ලෙස 0-100 දක්වා අගයක් තමයි website එකකට ලැබෙන්නේ. 100 කියන්නේ උපරිම සීමාවයි. හොදම Authority සීමාව එයයි. මේවා කාලයත් එක්ක වැඩි වෙන දෙයක්. website එකේ අන්තර්ගතය, විශ්වාසය ගොඩ නැගී ඇති විදිය, website එකේ වයස, backlinks profile එක වගේ දේවල් මේවා අඩු, වැඩි වෙන්න ඍජුවම බලපෑමක් ඇති කරනවා.

ඉතින් authority එක වැඩි backlink එකක් කියන්නේ අපේ website එක Rank වෙන්න ලොකු බලපෑමක් ඇති කරණ backlink එකක් විදියට හදුනා ගන්න පුලුවන් වුණත් වැඩිම බලපෑම ඇති වන්නේ කලින් කී ලෙස උපරිම relevant සහ උපරිම authority backlink එකක් මගිනුයි. ඒ කියන්නේ authority එක වැඩි වෙලා Relevancy එක අඩු වුනත් බලපෑම අඩුයි, Relevancy එක වැඩි වෙලා authority එක අඩු වුණත් බලපෑම් අඩුයි. මේ කාරණා දෙකම quality backlink එකක් වීමට අත්‍යවශ්‍ය සාධකයි.

strong-backlink

Traffic – website එකට පැමිනෙන්නාවූ visitors ප්‍රමාණය

සාමාන්‍යයෙන් ඔබ backlink එක ලබාගන්නා website එකට traffic එන්නාවූ website එකක් නම් ඒක හොද සාදකයක් ලෙස සළකන්න පුලුවන්, මෙහි ප්‍රධාන ඉලක්කය එම website එකට පැමිණෙන visitors ලා ඔබේ website එකට ගෙන්වා ගැනීමට ඇති හැකියාව නෙවෙයි. නමුත් traffic එන්නාවූ website එකක් නම් ඒක ඉහල ගුණාත්මක භාවයෙන් යුතු website එකක් ලෙස හදුන්වන්න පුලුවන්.

The Ultimate Managed Hosting Platform

Indexation

මෙයින් අදහස් වෙන්නේ search engine එකට website එකේ විස්තර ඇතුළත් වෙනවාද නැද්ද යන්නයි. මොකද සමහර website වල වෙබ් පිටු search engine එකට ඇතුළත් නොවෙන්න පුලුවන් යම් යම් හේතු නිසා, ඉතින් search engine එකට website එක ඇතුල් වීම Index වීමක් ලෙස හදුන්වනවා. මෙලෙස websites Index වීමට තමයි google search console එකට ඇතුලත් කරන්නේ. ඔබ කොයි තරම් හොද backlink එකක් ලබා ගත්තත් Index වෙන්නේ නැත්තන් ඔබේ website එකට කිසිම බලපෑමක් ඇති වෙන්නේ නෑ. Index වීම සදහා backlink එක සාදා මාසයක් පමණ වුනත් ගත වෙන්න පුලුවන් , බොහෝ විට සති දෙකකට අඩු කාලයක් තුල මෙය සිදු වේ.

Outbound Link Quality

මෙය backlink එක ලබා ගන්නා website එක කොයි ආකාරයේ websites සදහා backlinks ලබා දීලාද යන්න අදහසකි. මොකද කිසිම ගැලපීමක් හෝ වටිනාකමක් හෝ පදනමක් නැති විදියට backlinks සාද ඇති websites වලින් backlinks ලබා ගැනීම එතරම් හොද දෙයක් නෙවෙයි. ඔබේ website එකේ spam rate එක වැඩි වෙන්න පුලුවන් කමක් පවතිනවා.

Dofollow Link & Nofollow Link

මෙහිදී backlink එකක වටිනාකම පවතින්නේ dofollow Link වලින් පමණි, nofollow tag එකක් සමග backlink එක හැදුනොත් එයින් බලපෑමක් ඇති නොවේ, නමුත් website එකක backlink profile ස්වාභාවිකව ගොඩනැගුනු backlinks සහිත website එකක් බව පෙන්වීමට මේ වර්ග දෙකම යොදා ගැනේ.

nofollow

Nofollow backlinks විදියට බොහෝ විට හදුනා ගන්න පුළුවන් වන්නේ Blog comments, Press releases, Paid advertisements වගේ දේවල් තමා. නමුත් ඕනෑම website එකකින් nofollow links සෑදිය හැකියි.

Domain That Hasn’t Linked to You Before

මෙහි අදහස වෙන්නේ ඔබ මීට පෙර backlink එකක් ලබාගෙන නැති website එකකින් backlink එකක් ලබා ගන්න විට වැඩි වටිනාකමක්, බලපෑමක් ඇති වේ, නමුත් එකම website එකකින් backlink ගොඩක් ලබා ගත්තා කියලා වැඩි වටිනාකමක් ලැබෙන්නේ නෑ.

අවසාන වශයෙන් වැදගත්ම දෙයක් තමයි backlink එකක් ලබන්න තරම් සුදුසු ගුණාත්මක භාවයකින් යුතු website එකක් නිර්මාණය කළ යුතු වෙනවා, ස්වභාවික ලෙස කාලයත් සමග backlinks වර්දනය කරගැනීමට නම්. ඒවගේම තමයි ඔබ ලබාගන්න backlinks වල නියම ප්‍රයෝජන ලබාගැනීමට ඔබ ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු website එකක් සාදා ගැනීම අත්‍යවශ්‍ය සදකයකි. මොකද ඔබේ website එකේ අන්තර්ගතය quality නැත්තන් මොන backlink එක හදාගත්තත් google එකේ හොද ranking එකක රැදෙන්න බෑ. එම නිසා ඔබේ website එකේ quality, original, unique content දමාගන්න ඔබ නිරතුරුවම වගබලා ගත යුතුයි.

ඔබට ලැබෙන backlinks පරික්ෂා කරගැනීමට google search console එක හරහා හෝ ahrefs, moz වැනි SEO tools මගින් සිදුකරගත හැක. අනවශ්‍ය low quality or bad backlinks මොනවත් ලැබී ඇත්නම් google disavow tool එක මගින් ඉවත්කරගත හැකිය.

මේ දේවල් තමයි backlinks සම්බන්ද මුලික දේවල් වෙන්නේ, ඉද්රියේදී අපි බලමු backlinks සම්බන්ද තවත් වැදගත් දේවල්.

telegram group එකත් එක්ක එකතු වෙන්න: telegram group
facebook group එකත් එක්ක එකතු වෙන්න: join facebook group

අමතර දේවල්:

Youtube Channel එකක් සමග එකතු වෙන්න
Adsense සදහා SEO website එකක් හදන්න

 

Loading

3 thoughts on “Backlinks Sinhala | බැක්ලින්ක්ස් ගැන සිංහලෙන් ඉගෙන ගමු”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!