Affiliate-marketing-sinahalen

Affiliate Marketing Sinhala Guide – මුල සිට හැමදේම සිංහලෙන්

Affiliate Marketing Sinhala

අන්තර්ජාලය හරහා වෙබ් අඩවියකින් මුදල් ඉපයීමේදී වඩාත් ජනප්‍රිය ක්‍රමයක් තමයි අනුබද්ධ අලෙවිකරණය එහෙමත් නැතිනම් Affiliate Marketing කියන්නේ. ඉතිං ඔයාලා වෙබ් අඩවියක් ආරම්භ කරන අලුත නම් මේ දේ ඔයාට ගොඩක් වැදගත් වේවි. මොකද මෙමඟින් ඔයාගෙ website එකෙන් ස්ථාවර ආදායමක් උපයලා දෙනවා. ඉතිං කවුද අකමැති එහෙම දේකට. එහෙනම් අපි බලමු Affiliate Marketing කියන්නේ මොකද්ද. මේ දේ ඔයාගෙ වෙබ් අඩවියටත් ඉක්මණින්ම යොදාගන්නේ කොහොමද සහ Affiliate Marketing ක්‍රියා කරන්නේ කොහොමද යන කරුණු කාරණා ගැන.

ඉස්සල්ලම අපි බලමු Affiliate Marketing කියන්නේ මොකද්ද කියලා

සරළවම බැලුවොත් Affiliate Marketing කියන්නේ online වෙළෙන්දෙක් එහෙමත් නැතිනම් Advertiser කෙනෙක් ඔයාගෙ referral link එකේ එයාලගෙ product එකක් promote කිරීම වෙනුවෙන් ඔයාට කොමිස් මුදලක් ගෙවන ක්‍රමයක්. Clicks හෝ views මත පදනම්ව ගෙවන අනෙක් Advertisement type වගේ නෙවෙයි Affiliate Marketing වල ගෙවන්නේ CPA (Cost-Per-Acquisition) හෝ CPL (Cost-Per-Lead) මත පදනම්වයි. වෙනත් විදියකට කිවුවොත් ඔයා එම කොමිස් මුදල උපයා ගන්නේ කවුරුහරි කෙනෙක් Action එකක් ගත්තොත් පමණයි.

උදාහරණයක් ලෙස කවුරුහරි කෙනෙක් ඒ product එක මිලදී ගත්තොත් හරි free trial එකකට register උණොත් හරි පමණයි ඔයාට advertise කිරීම වෙනුවෙන් ඔයාට ලැබිය යුතු කොමිස් මුදල ලැබෙන්නේ. මේ ක්‍රමයේ තවත් වැදගත්කමක් තියනවා. ඒ තමයි Google Adsence හෝ වෙනත් type වල ads සමඟ සසඳන විට දැන්වීම්කරුට අඩු අවධානමක් පවතින නිසා publisher ට වැඩි කොමිස් මුදලක් ගෙවනවා . නමුත් Affiliate Marketing වලට අපි ඇතුලත් වෙන්න ඕනි හොඳ ප්‍රවේශයක් එක්ක.

ඉතිං ඔයාලගෙ users ලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන නිෂ්පාදනයක් හෝ සේවාවක් අපි මුලින්ම සොයාගත යුතු වෙනවා. ඊට පස්සේ ඔයාගෙ users ලාට ඔයාගෙ link එක භාවිතයෙන් භාණ්ඩ මිලදීගන්න පුළුවන් වෙන විදියට ඔයාගෙ blog එකේ post එකක් විදියට හරි site එකේ යම් කිසි ඉඩක් භාවිතා කරල හරි සේවාව හෝ භාණ්ඩය ඇතුලත් කළ යුතු වෙනවා.

ඔබට youtube හෝ social media page or profile හෝ එහෙමත් නැතිනම් email marketing වගේ එකක් වුනත් භාවිත කරන්න පුලුවන් මේ සදහා. නමුත් product link එක promote කිරීමට, ඊට අදාල ආයතනය අනුමත කරන ක්‍රමවේදයන් වලින් පමණයි products promote කිරීමට යොදාගත හැකි වන්නේ. එය විශේෂයෙන්ම සලකා බැලිය යුතු වෙනවා. මෙහිදී ඔබ සතුව website එකක් තිබීම අනිවාර්ය දෙයක් නොවුවත්, බොහෝ ආයතන සමග වැඩ කරද්දී සහ බොහෝ products promote කිරීම සදහා අනුමැතිය ගනිද්දී website එකක් තිබීම අත්‍යවශ්‍යම සාදකයක් වෙන්න පුලුවන්.

Affiliate Marketing / Tracking ක්‍රියාත්මක වන්නේ කොහොමද?

පළමුවෙන්ම ඔයාට promote කරන්න අවශ්‍ය company එකක් හෝ product එකක් සොයාගත යුතු වෙනවා . මේ දේ තොරගද්දි අපි වඩාත් සැළකිළිමත් විය යුතු වෙනවා. මොකද ඔයා තෝරගන්න දෙය අනිවාර්යයෙන්ම ඔයාගෙ users ලට වැදගත් දෙයක් වෙන්න ඕනි. මෙහිදී ඔයා තෝරගන්න product එක හෝ company එක හඳුන්වන්නේ ‘’Merchant’’ යන නමින්.

ඊළඟට ඔයා එම company එකේ partner program එකට සම්බන්ධ වෙලා company එකේ partner කෙනෙක් විය යුතු වෙනවා. ඊට පස්සේ ඔයා එම company එකේ Affiliate කෙනෙක් බවට පත් වෙනවා. සමහර සමාගම් associates, partners වගේ නමුත් භාවිතා කරනවා.

Affiliate-marketing-sinhala
Affiliate marketing sinhala

ඔයා ඒ සමාගමේ partner program එහෙමත් නැතිනම් Affiliate Program එකට සම්බන්ධ උනාට පස්සේ ඔයාට affiliate ID එකක් ලැබෙනවා . ඉන්පස්සේ ඔයා නිෂ්පාදනය promote කරන්න ඔයාගෙ වෙබ් අඩවියට එකතු කරන affiliate links වලට මෙම ID එක භාවිතා කරන්න ඔයාට පුළුවන්.

ඊට පස්සේ ඔයාට ඕනි විදියකට product එක හෝ company එක promote කරන්න ඔයාට පුළුවන්. මම ඒකට සුදුසු ක්‍රම කිහිපයක් කියන්නම්. ඔයාට in-depth product reviews එකතු කරන්න පුළුවන්. නැතිනම් මේ product එක හෝ company එක පිළිබඳව ඔයාගෙ articles වල recommend කරන්න පුළුවන්. ඒ වගේම banner ads display කරන්න පුළුවන්. youtube channel එකක videos හදලා දාලා වුනත් කරන්න පුලුවන්නැ, නැතිනම් email newsletter send කරන්න පුළුවන්. කලින් කිව්වා වගේ social media භාවිත කරලා වුනත් කරන්න බැරි නෑ. මේ වගේ තවත් ක්‍රම ඔයත් සොයා බලන්න. ඉතිං ඔයා මේ ගන්න හැම උත්සහයක්ම ඔයාට ලැබිල තියන ID එකත් එක්ක ඔයාගෙ merchant ට ඔයා කරන හැමදේම නිරීක්ෂණය කරන්න පුළුවන්.

ඉතිං මෙහෙම කරන අතරතුර ඔයාගෙ user කෙනෙක් මිලදීගැනීමක් කළාම ඔයාට commission එකක් ලැබෙනවා. ඔයා එම ඉපයීම කරලා දින 14-75 පමණ පසු ඔයාට ඔයාගෙ payment එක ලබාගන්න පුළුවන්. ඔබ උපයන මුලද මෙලෙස රදා තබා ගන්නා දින ගණන products වල හැටියට වෙනස් වෙන්න පුලුවන්.

Dreamhost - Affordable Cloud SSD Web Hosting

Affiliate Marketing පටන් ගන්නේ කොහොමද බලමු

ඉස්සල්ලම ඔයා බලන්න ඕනි ඔයා use කරන්නේ නිවැරදි blogging platform එකක්ද කියලා. ඒ වගේම ඔයාට affiliate marketing campaigns ඔයාගෙ website එකේ run කරන්න අවසර තියනවද කියලා මුලින්ම අපි සැකහැර දැනගතයුතු වෙනවා.

උදාහරණයක් විදියට ඔයා WordPress.com භාවිතා කරනවා නම් ඔයාට link කරන්න පුළුවන් සීමාවක් තියනවා. ඒ සඳහා වැඩි විස්තර ඔයාට internet එකේ search කරලා ලබා ගන්න පුළුවන්.

අනෙක් අතට ඔයා self-hosted WordPress.org website එකක් භාවිතා කරනවා නම් ඔයාට ඕනිම link එකක් ඇතුලත් කරන්න පුළුවන් වගේම ඔයාගෙ ව්‍යාපාරය කාර්යක්ෂම එකක් බවට ඉක්මණින්ම පරිවර්ථනය කරගන්න පුළුවන්.

ඉතිං මේ ලිපිය කියවන ඔයා තවමත් වෙබ් අඩවියක් නිර්මාණය කරලා නැතිනම් මේ ටික අධ්‍යයනය කරන්න කලින් අදම වෙබ් අඩවියක් පටන් ගන්න. ඔයාට වෙබ් අඩවියක් නිර්මාණය කරන්න වැඩි කාලයක් ගත වෙන්නේ නෑ.

ඊළඟට ඔයාගෙ users ලට දැනෙන්න දෙන්න ඕනි කොහොමද ඔයාගෙ website එකට disclosure page එකතු කරලා මුදල් හොයන්නේ කියලා. ඔයාට internet එකේ search කරලා disclosure page එකක් සොයාගෙන ඒකෙ template එක මෙම කාර්යය සඳහා භාවිතා කරන්න පුළුවන්.

ඒ වගේම ඔයාගෙ blog එකට privacy policy and terms page කියලා page එකක් එකතු කරන්නත් අමතක කරන්න එපා .
දන්නවද ? WordPress blog එකක තියෙන්නම ඕනි page එකක් තමයි මේක. මේකෙන් අනාගතයේදී නීතිමය ගැටළු වලින් ඔයාව ගලවගන්නවා පමණක් නෙවෙයි ඔයාගෙ audience එකත් එක්ක විශ්වාසයක් ගොඩනගා ගන්නත් මේ page එක උපකාරී වෙනවා.

අපි දැන් බලමු promote කරන්න සුදුසු affiliate products එකක් සොයාගන්නේ කොහොමද කියලා

ඔයාට partner up වෙන්න සුදුසු products and companies සොයාගන්න ක්‍රම ගොඩක් තියනවා. ඒ ක්‍රම අතරින් ඔයාට products and companies සොයාගන්න පහසුම ක්‍රම කිහිපයක් ගැන අපි සොයා බලමු .

  1. ඔයා දැනට use කරන products මොනවද ?

මුලින්ම ඔයා හිතලා බලන්න ඔයා දැනට use කරන products මොනවද කියලා . එම නිෂ්පාදනයේ වාසි මොනවද? අවාසි මොනවද කියලා ඔයා දැනටමත් දන්න දේවල් හිතින් හොඳින් විෂ්ලේෂණය කරලා බලන්න. ඉතිං ඔයා එම නිෂ්පාදනය ගැන පෞද්ගලිකවම දන්නා නිසා එම නිෂ්පාදනය ගැන ඔයාගෙ users ලට ඒත්තු ගැනවීම ඔයාට පහසු කරුණක් වෙනවා.

 ඊළඟට ඔයා product එකේ website එකට ගිහින් ‘Affiliate program’, ‘Partners’ or ‘Affiliates’ වගේ වචන ටිකක් search කරලා බලන්න . ගොඩක් Companies එයාලගෙ නිෂ්පදන promote කර ගන්න affiliate marketers  ලා සොයමින් ඉන්නවා. එතකොට එයාලා එයාලගෙ website එකේ footer එකට link එකක් page එකට දාලා තියනවා. මේ screen shot එකෙන් ඔයාට ඒ ගැන අදහසක් ගන්න පුළුවන්.

become-an-affiliate
Affiliate Marketing Sinhala

2. වෙනත් blogs recommend කරන products සොයා බැලීම.

නිෂ්පාදන සොයා ගැනීමට තවත් ක්‍රමයක් වන්නේ ඔයාගෙ blog එකට සමාන වෙනත් blogs සොයා බැලීම. ඔයාගෙ blog එකට සමාන මුදල් ඉපයීම සඳහා භාවිතා කරන blogs ගොඩක් ඔයාට හොයාගන්න පුළුවන් වේ‍වි.

ඒත් ………

එයාලා affiliate products promote කරනවා කියලා ඔයා දැනගන්නේ කොහොමද ?

ඒ සඳහා මුලින්ම ඔවුන්ගේ වෙබ් අඩවියේ පැහැදිළිව සහ පහසුවෙන් හඳුනා ගත හැකි banner ad සොයා බලන්න. ඊට පස්සේ mouse එක ඒ banner ad එක මතට ගෙනියන්න. එතකොට browser’s status bar එකේ link එක බලාගන්න ඔයාට පුළුවන්.

            මේ screenshot එකෙන් ඔයාට ඒ ගැන අදහසක් ගන්න පුළුවන්.

affiliate-sinhala
affiliate sinhala

මෙම  link එකට ගොඩක් වෙලාවට  affiliate ID එකක් තියනවා . එම Affiliate ID  එකේ උදවුවෙන් merchants ට කුමන affiliate partner sales send කරලා තියනවද කියලා බලා ගන්න පුළුවන්.

බැලූ බැල්මට මෙම links පේන්නෙත් external links වගේ. ඒත් ඔයා ඒ මත click කලොත් ඒ link එකෙන් ඔයාට product website එකට affiliate marketer’s ID එකත් එක්කම යන්න පුළුවන්. ඉතිං මේ විදියට ඔයාට තවදුරටත් product හොයාගන්න පුළුවන්.

3. විශාල Affiliate Networks වලට Join වෙන්න.

 ප්‍රවර්ධනය සඳහා නිෂ්පාදන සොයාගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි Affiliate Networks වලට Join වීම. මෙම වෙබ් අඩවි Affiliate marketers හා merchants අතර අතරමැදියෙකු ලෙස ක්‍රියා කරනවා. ඉතින් මෙතනදි ඔයාට හවුල්වීමට අවශ්‍ය බොහෝ products සහ companies affiliate networks භාවිතා කරන බව ඔයාට පෙනෙයි. ඉතිං මෙම ක්‍රමය භාවිතා කරලා ගොඩක් products and companies ඉක්මණින් සොයා ගන්න පුළුවන් වේවි.

4. Companies ගැන හොයලා බලන්න .

ඔයාට ඇත්තටම product එකක් promote කරන්න ඒ ක්‍රම කිසිම දෙයක් හරියන්නේ නැතිනම් ඔයාට affiliate program ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරිනම් ඔයාට email එකක් යවලා පහසුවෙන්ම companies වලින් කරගන්න පුළුවන් .

සමහර සමාගම් එයාලගෙ affiliate program සක්‍රීයව promote කරන්නේ නැහැ . ඒත් එයාලට affiliate program එකක් තියනවා නම් ඔයාට  join වෙන්න එයාලා invite කරන්නත් පුළුවන්.

Dreamhost - Affordable Cloud SSD Web Hosting

Affiliate Networks එකක් කියන්නේ මොකද්ද?

එයාලා සමඟ ඔයා සම්බන්ධ වෙන්න ඔිනි ඇයි කියලා අපි දැන් බලමු

ඇත්තටම Affiliate Networks එකක් කියන්නේ ඔබත් (the affiliate marketer) merchants (products විකුණන්න ඕනි කෙනා) ත් අතර ක්‍රියා කරන අතරමැදියෙක් වගේ කෙනෙක්. හරියට අපේ භාෂාවෙන් කියනවානම් බෝ‍ර්කර් කෙනෙක්.

මෙම Affiliate Networks එකක් merchants ට නිෂ්පාදන ලැයිස්තුගත කරන්නත් affiliate traffic එක නිරීක්ෂනය කරන්නත් affiliates manage කරන්නත් payments යවන්නත් උදවු දෙනවා.


ඒ වගේම affiliate marketers ලට products සහ සමාගම් සොයාගන්න affiliate කෙනෙක් විදියට sign up වෙන්න ඔයාගෙ performance and earnings නිරීක්ෂණය කරන්න වගේම ඔයාගෙ earnings කොච්චරද කියලා දැනගන්න උදවු වෙනවා.

ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන් popular affiliate networks කිහිපයක් මන් දක්වන්නම්.


ShareaSale – මේක තමයි ලෝකයේ විශාලතම affiliate networks එක. ඒ වගේම මෙහි category ගොඩක් යටතේ ගොඩක් products තියනවා. ඒ වගේම ඒවාට ගෙවන ප්‍රමාණයත් ඉතා වැඩියි. අපි දන්න ප්‍රසිද්ධ සමාගම් වන WordPress hosting company එක WPEngine වැනි සමාගම් ShareASale භාවිතා කරනවා. ඒ වගේම WPEngine වැනි සමාගම් එයාලගේ affiliate partners ලට හොඳ ගෙවීමක් කරනවා.

CJ Affiliate (කලින් හැඳින් වූ නම Commission Junction) – ShareaSale වගේම තවත්
Merchants සහ products විශාල සංඛාවක් සහිත top rate එකේ තියන affiliate network එකක් තමයි CJ Affiliate කියන්නේ. මේකෙදි වෙළෙන්දන් සහ නිෂ්පාදන හරිම නීට් එකට categories බෙදලා organize කරලා තියනවා . ඉතිං අපිට පහසුවෙන්ම අපිට අවශ්‍ය දේ සොයාගන්න පුළුවන්. ඔයාලා හොදටම දන්න GoDaddy, NameCheap වගේ Companies මෙම CJ Affiliate භාවිතා කරනවා. එකේ තේරුම තව විදියකින් කිව්වොත් GoDaddy, NameCheap වගේ ආයතන වල affiliate කෙනෙක් වෙන්න ඕන නම් ඔබට ඒක සිද්දවෙන්නේ CJ හරහා තමයි.

ClickBank – මේක නම් ඔන්න affiliate marketers කෙනෙක් වෙන්න පිවිසෙන ඔබට හොඳ තෝතැන්නක්. මොකද මෙය භාවිතා කරන්න බොහොම පහසුයි වගේම අලුතෙන් මේ ක්ෂේත්‍රයට පිවිසෙන කෙනෙකුට ඉගෙන ගන්න දේවල් ටොන් ගණනක් තියනවා . මේක විවිධාකාර categories යටතේ digital products, sell කරන විශාල market place එකක්.
Amazon Associates – මේක ගැන නම් ඔයා අනිවාර්යයෙන්ම අහලා ඇති . Amazon කියන්නේ මිලියන ගණනක් නිෂ්පාදන සහිත ලොව විශාලතම ecommerce වෙළඳ සැළයි. ඔයාට පුළුවන් එයාලගෙ affiliate program එක සමඟ සම්බන්ධ වෙලා සල්ලි හොයන්න. කොහොමද දන්නවද ? ……. ඔයා කරන්න ඕනි එයාලා දැනටමත් භාවිතා කරන online shopping සඳහා users ලා send කරන එකයි.

MaxBounty කියන්නෙත් තවත් හොද network එකක්, පෞද්ගලික manager කෙනෙකුත් ලබා දෙනවා මෙහිදී ඔබේ දේවල් කතා කරගන්න උදව් ගන්න එහෙම.


ඉතින් මේ වගේ ඒවා තව තියෙනවා Google කරලා සොයාබලන්න තව උනන්දුවක් දක්වන අය.
Impact Radius කියන්නේ ඒ වගේ තව එකක්, පහල දක්වා තියෙන්නේ මගේ පහුගිය මසක Impact Radius Affiliate වල ඉපයීම. $3200 පමණ.

impact-payment

ඔයා join වෙන්න ඕනි කුමන affiliate network එකටද?

ඔයාට promote කරන්න අවශ්‍ය නිෂ්පාදනය ඇතුලත් වෙලා තියන affiliate network එක ඔයා තෝරා ගන්න. විවිධ නිෂ්පාදන සඳහා affiliate network කිහිපයකට උවත් ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්.

ඒ වගේම ඔයා නිතරම network program policies ගැන හොයලා බලන්න ඕනි. ඔයා promote කරන නිෂ්පාදනයන් සහ වෙළෙන්දන් හැම එකකම program policies සොයලා බලන්න වෙනවා. මේකෙන් ඔයාට ඔයාගෙ earnings, payments, additional incentives පිළිබඳව සහ promote කිරීමට අනුමත කරන ක්‍රමවේදයන් ගැන පැහැදිළි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඔබට අපැහැදිලි තැන ඔව්න් සමග කතා කර විසදගන්න වුනත් පුලුවන්.

අපි දැන් ඔයාගෙ Earnings වැඩි කර ගන්න පුළුවන් Affiliate Marketing Tips ටිකක් බලමු .

අපි දැන් මූලික කරුණු ඉගෙන ගෙන අවසන්. අපි උපයන මේ මුදල තවත් වැඩි කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන අපි දැන් විමසා බලමු.

  1. ප්‍රවර්ධනය සඳහා හොඳ products and companies තෝරා ගන්න.

ඇත්තෙන්ම affiliate marketing කරන කෙනෙක් විදියට ඔයාට කරන්න පුළුවන් නිෂ්පාදන සහ සේවාවන්  promote කරන එක පමණයි. නිෂ්පාදනයන්ගේ අනාගතය පාලනය කරන්න ඔයාට බැහැ. එම නිෂ්පාදනයේ ඉදිරියට ඉල්ලුම වැඩි වේවිද? එහෙමත් නැතිනම් පාඩු ලබාවිද කියලා තීරණය කරන්න ඔයාට බැහැ. ඒ නිසා තමයි ඔබ products and companies තෝරා ගද්දි පිළිගත් සමාගම්වල හොඳම නිෂ්පාදන recommend කරන්න යොදාගත යුත්තේ.

මේක කරන්න ලේසිම ක්‍රමය තමයි ඔයා ඇත්තටම පාවිච්චිකරන භාණ්ඩ හා සේවාවන් නිර්දේශ කිරීම සහ promote කරන්න තෝරා ගැනීම. ඔයාට ප්‍රයෝජනවත් කියලා හිතෙන නිෂ්පාදනයක් promote කරන්න ඕනි නම් භය නැතුව ඔවුන් contact කරගෙන වැඩිදුර විස්තර සොයා බලන්න.

ඔයා එයාලා සමඟ හොඳින් කථා කරලා බැලුවොත් එයාලා ඔයා ගැන පැහැදිලා එයාලගෙ භාණ්ඩ හෝ සේවාවන් සමාලොචනය කරන්න ඔයාට නොමිලේ ගිණුමක් ලබා දෙන්නත් හැකියාව තියනවා.

ඊට අමතරව ගැටලුව තමයි සමහර products වල sale එකක් හෝ එයාලා බලාපොරොත්තු වෙන action එක සිද්ද වුනත් commission එක ඔබට ගෙවන්නේ අදාල ආයතනය අනුමත කරන ලද යම් කාල සීමාවක් තුළ එම action එක සිද්ද වුනොත් පමණයි. ඒ ගැනත් අවදානය යොමු කරන්න. සමහර අවස්ථාවන් තියෙනවා action හරියට track නොවන. එහිදී නම් අපට අදාල action එක සිද්ද වුණා යයි ඔප්පු කරන්න ක්‍රමයක් නැත්තන් අපිට එම commission ලැබෙන්නේ නෑ. එම අවාසිය අපිට අකමැත්තෙන් වුනත් බාර අරන් කරන්න වෙනවා affiliate marketing වලදී.

  • ප්‍රයෝජනවත් වටිනා content ඉදිරිපත් කරන්න.

ඔයාගෙ WordPress site එකේ ඕනම තැනක affiliate links and banners එක් කරන්න පුළුවන්. ඒත් banner එක දාපු පමණින් users ලා අතරට ඔයාගෙ නිෂ්පාදනය යන්නේ හෝ නිෂ්පාදනය මිනිසුන් විසින් මිලදී ගන්නේ හෝ නැහැ.

ඉතිං මේ නිෂ්පාදනය ඔයාගෙ වෙබ් අඩවියේ promote කරන්න ඔයාට කරන්න පුළුවන් මොනවද ?

ඔයාට පුළුවන් ඔයාගෙ වෙබ් සයිට් එකේ මෙම නිෂ්පාදනය ගැන වටිනා තොරතුරු එළි දක්වන්න. ඒකෙන් මෙම නිෂ්පාදනයේ ඇති වැදගත්කම මිනිසුන් අතරට යනවා. ගොඩක් affiliate marketers ලා කරන්නේ product එක ගැන ගැඹුරින් product reviews කරන එක. එහෙමත් නැතිනම් එයාලා video reviews ඒ සඳහා යොදා ගන්නවා. ඒ වගේම එම නිෂ්පාදනයේ වාසි සහ අවාසි වෙනත් නිෂ්පාදන සමඟ සසඳා ලියන්නත් ඔයාට පුළුවන්.

  • ඔයාගෙ audience එක මොනවගේද කියන එක හැම වෙලාවකදීම මතක තබා ගන්න.

ඔයා නිෂ්පාදනයක් තෝරාගන්න හැම වෙලාවකදීම ඔයාගෙ වෙබ් සයිට් එකේ audience එක මොන වගේද ? එයාලා කැමති මොන වගේ දේවල් වලටද යන කාරණය හැම මොහොතකම සිහිපත් කර ගන්න.

උදාහරණයක් විදියට ඔයා කරන්නේ  මන් කරගෙන යන wigasa.lk වගේ site එකක් නම් ඔයාට පුළුවන් website builders, hosting, themes, plugins, වගේ දේවල් promote කරන්න.

ඒ වගේම මතක තබා ගන්න. ඔයාට higher commission එකක් දෙන පලියට නිෂ්පාදන තෝරා ගන්න යන්න එපා. අනිවාර්යයෙන්ම ඒවාගේ quality එක ගැන සැළකිළිමත් වෙන්න. මොකද ඔයාගෙ  recommend එක නිසාම යම් කිසි කෙනෙක් නිෂ්පාදනයක් මිලදී ගෙන එයාට ඒක ඔයා කියපු තරම්ම සාර්ථක නිෂ්පාදනයක් නොවුන හොත් එයාලගෙ ඔයා කෙරේ පවතින විශ්වාසය බිඳී ගොස් නැවත ඔයාගෙ recommendations විශ්වාස නොකරන්නත් ඉඩ තියනවා.    

අපි දැන් බලමු WordPress සඳහා තියන Affiliate Marketing Plugins සහ Tools මොනවද කියලා

මේ කරුණු ටික නම් මං වැඩිය භාවිතා කරපු දේවල් නෙවෙයි, ඔයාලට ඕන වෙයි කියලා හිතලා මේ ටික කියන්නේ. භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා නම් වැඩි දුර සොයා බලා කරන්න.

        ඔයාගෙ blog එක ක්‍රමයෙන් දියුණු වෙනකොට ඔයා විවිධ වර්ගයේ  products ගොඩක් recommend කරන්න පටන් ගනීවි.ඉතිං ඔයාට මුළු වෙබ් අඩවිය පුරාම ඇති banners, links, ads තවදුරටත් manage කර ගැනීමේ අපහසුවක් දැනේවි.

ඉතිං ඒකටත් මමම විසදුමක් කියලා දෙන්නම්. වාසනාවකට මෙන්  WordPress සඳහා manage කරගන්න පහසු වන ලෙස සකසා ඇති විශිෂ්ඨ Affiliate Marketing Plugins සහ Tools තියනවා. ඉතිං අපි බලමු ඒ මොනවද කියලා .

1. Thirsty Affiliates

ඔයාගෙ blog එක ක්‍රමයෙන් දියුණු වෙනකොට ඔයාගෙ වෙබ් සයිට් එකට Manually,  links add කරන එක තරමක් අපහසු වේවි . ඔයා product එක සඳහන් කරන සෑම අවස්ථාවකදීම ඔයාගෙ affiliate ID එක URL එකත් එක්ක copy කරලා WordPress තුළ paste කරන්න ඕනි වෙනවා.

ඉතිං මේ වෙලාවේදී Thirsty Affiliates එකේ උදවු ගන්න පුළුවන්. මේක ලේසියෙන්ම affiliate link, WordPress එකට බොහොම පහසුවෙන් add කරන්න පුළුවන් affiliate link management plugin එකක්.

ඒ වගේම මෙම plugin එකෙන් දිග affiliate links ඉතාම හුරුබුහුටි කුඩා links බවට පරිවර්ථනය කරනවා. ඉතිං මෙම links ගොඩක් දුරට user-friendly වෙනවා.

ඒ වගේම ඔයාගෙ affiliate ආධායම සැළකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීමට මෙම plugin එක උදවු වෙනවා. මොකද මෙමඟින්  affiliate links හි   keywords automatically replace වෙනවා .                                                                                         

2. AdSanity

AdSanity කියන්නේ හොඳම WordPress ad management plugin එක. මේක කොයිතරම් හොඳද කියනවා නම් සෑම affiliate marketer කෙනෙකුගේම toolbox එකේ මේ  Plugin එක තිබිය යුතු වෙනවා. ඒවා ඔයාගෙ WordPress site එකේ  banner ads create කරන්නත් single dashboard එකක  manage කරන්නත් උදවු කරනවා.

ඒ වගේම ඔයාගෙ WordPress posts වලට, pages වලට සහ sidebar widgets වලට ads insert කරන්න ads AdSanity පහසු කරනවා. ඒ වගේම Google AdSense ads සහ banners වගේ third-party ads , manage කරන්නත් ඔයාට AdSanity භාවිතා කරන්න පුළුවන්.

Affiliate marketing ගැන තවදුරටත් ඉද්රියේදී කතා කරමු. ඔයාලගේ අදහස් ප්‍රශ්න වගේ දේවල් පහලින් comment කරන්න.

Dreamhost - Affordable Cloud SSD Web Hosting

Loading

6 thoughts on “Affiliate Marketing Sinhala Guide – මුල සිට හැමදේම සිංහලෙන්”

  1. hostgator, bluehost wage hosting service ekakk ekka affiliate program ekaka join wenne kohomada ? tikak visthara athuwa dana ganna one..

    1. Nuwan Shanaka

      Website ekak or youtube channel ekak wage mokak hari traffic ena deyak thiyenawa nam puluwan affiliate program ekata join wenna

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!