original-content

Original Content එකක් ලියන්නේ කොහොමද?

Google Adsense, Affiliate Marketing වගේ විවිධ අරමුණු උදෙසා websites හදන, content ලියන බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් සාර්ථකව original content එකක් ලියන එක මේ හැමෝටම ඉතාම වැදගත් දෙයක්. ඉතින් ඒ ගැන අදහසක් තමයි මේ කියන්න යන්නේ.

මොකක්ද මේ original content එකක් කියන්නේ?

Original Content එකක් අපිට විවිධ ආකාරයට, එකිනෙකාට ආවේනික විදියට අර්ථකථනය කරන්න පුලුවන් බවයි මගේ අදහස. නමුත් විවිධ අරමුණු වෙනුවෙන් websites හදන ගොඩක් දෙනෙක්ට මේක පැහැදිලිවම ප්‍රශ්ණයක් ලෙස හදුන්වන්න පුලුවන් මොකද original content එහෙමත් නැත්තන් unique content කියන වචන නිතර අහන්න ලැබෙන දේවල්. Adsense වගේ කරන්න හදන අයට නම් සමහරවිට මේක බොහොමයක් කරදර කාරී දෙයක් වෙලා තියෙන්නත් පුළුවන් මේ වෙද්දී.

Original Content එකක් සදහා Content එක තමාම ලියන එකද? ලියවගන්න එකද හොද ?

තමාම ලියනවද, වෙන කෙනෙක්ට කියලා ලියවගන්නවද කියන කාරණාවට වඩා වෙනස් සාදක මතයි එය රදා පවතින්නේ. කව්රු ලිව්වත් ඒක unique content එකක් කරගන්න අමාරු නොවෙන්න පුළුවන්. හැබැයි ඒක original content එකක් කරගන්න ලේසි නෑ. සමහරවිට ඔබට අනුව මේ වචන දෙකම එකක් වෙන්න පුලුවන්. හැබැයි මට අනුව මේ දෙකේ පැහැදිලි වෙනසක් තියෙනවා. Adsense හදුන්වා දෙන ආකාරයටත් මේ දෙක, දෙකක් විදියට හදුනා ගන්න පුලුවන්. “Your site needs to have unique and original content, and it should attract genuine user interest”

ගොඩක් වෙලාවට අපේ ගොඩක් අය නා ගන්නේ මේක තමයි. තමන්ගේ article එක Plagiarism 100% කරගන්න ගොඩක් අය උත්සහ කරනවා. Plagiarism 100% කියන්නේ article එකක ගුණාත්මක භාවය මනින ප්‍රධාන සාදකය බවට පත කරගෙන තියෙනවා බොහෝ දෙනෙක් මේ වෙද්දී. ඒක වැදගත් දෙයක් ලෙස සළකන්න පුලුවන් තමයි, හැබැයි අපි මොන Plagiarism Tool එකද විස්වාස කරන්න යන්නේ. ඒක 100% නිවැරදි කියලා කාටද කියන්න පුලුවන්. ප්‍රශ්ණ ගොඩයි නේ?

ඔබ විස්වාස කළ යුතුම දෙයක් තමයි Plagiarism 100% කරගත්ත පලියට වත්, SEO plugin එක green කරගත්ත පලියටවත් ඒක original content එකක් වෙන්නේ නෑ, ඒ කියන්නේ එහෙම වුන පළියට විතරක් adsense approve හෝ google rank වෙන්නේ නෑ. මන් කියන්න දෙයක් නෑ ඔබ මේ අත්දැකීම විදලත් ඇති.

Plagiarism 100% කරගෙන unique content එකක් ලියන එක එතරම් අමාරු දෙයක් නෙවෙයි ඔබට භාෂාව හොදට හසුරවන්න පුළුවන් නම්. නමුත් original content එකක් ලියාගන්න එතරම් පහසු නැත. මන් පැහැදිලි කරන්නම්.

නිකමට හිතන්න ඔබට iphone 7 plus phone එක ගැන article එකක් ලියන්න ඕන කියලා. මේ ගැන ලෝකේ ඕන තරම් article මේ වෙද්දීත් ලියවිලා ඇති. දැන් කොහොමද අපි මේ වගේ දෙයක් ගැන original article එකක් ලියන්නේ. ඔව් ලේසි වැඩක් නෙවෙයි. එකම දෙයක් ගැනනේ ලියන්නේ.

අපි නිකමට iphone 7 plus කියන topic එක පස් දෙනෙක්ට ලියන්න දුන්නොත් article එක ඇතුලේ කොච්චර වටේ ගියත් අන්තිමට ලියලා තියෙන්නේ එකම කාරණාව වෙන්න පුලුවන්, හරියට මේක මේ වගේ හොද phone එකක්, මේ වගේ කැමරා එකක් තියෙනවා, මෙන්න මේ විදියේ features තියෙනවා, මේ වගේ මිලකට මේ වගේ තැන් වලින් මිලදී ගන්න පුළුවන්, වගේ දේවල් ටිකක් හැමෝම ලියන්න පුලුවන්. සමහර අය මෙන්න මේ වගේ අඩුපාඩුත් මේ phone එකේ තියෙනවා කියලා ලියන්න පුලුවන්. උඩ යට මාරු කරලා ලිව්වත්, මැදයි අගයී වෙනස් කරලා ටිකක් හිතලා බලලා ලිව්වත් මේක unique article එකක් කරගන්න අමාරු නෑ. හැබැයි හැමෝම ලියලා තියෙන්නේ එකම දේවල් ටිකනේ, මොකද මේ වෙද්දීත් internet එකේ තියෙන දේවල් ටික බලලානේ ලියන්නේ. iphone ගැන වෙනම research එකක් කරනවා වගේ කැපකිරීමක් කරලා ඔබ ලියනවද? නෑ…

මෙහෙම මොකක් හරි රෝලක් කරලා ලියාගත්ත ගමන් original content එකක් බවට පත් වෙයිද? එතන තමා ප්‍රශ්ණය. දැන් කතා කරපු පස් දෙනාම ලියන්නේ බොහෝ දුරට එකම අන්තර්ගතය, සරළව කිව්වොත් මේ article පහේම සාරාංශය 95% වත් සමාන කමක් තියෙනවා. මේ දේ අපිට ඍජුවම අවාසි දායක කාරණාවක්. සමහරවිට මේ article එක ඔබ ලිව්වා වෙන්න පුලුවන්, වෙන කාටහරි කියලා ලියාගත්තා වෙන්න පුලුවන්, වෙනසක් නෑ. මේකෙදි මේ ලියන article එක original content එකක්ද නැද්ද යන්න තීරණය කරණ ප්‍රධාන සාදකයක් තමයි ඔබට මේ ලියන මාතෘකාව සම්බන්දයෙන් තිබෙන අත්දැකීම් ප්‍රමාණය. ඒක ගොඩක් තීරණාත්මක සාදකයක් බවට පත් වෙනවා මෙතැනදී. නිකමට හිතන්න ඔබ හිතන්න iphone 7 plus ගැන ඔබට හොදට අත්දැකීම් තියෙනවා කියලා. එතකොට ඔබ මේ article එක ලියන්නේ ඔබේ අත්දැකීම යොදාගෙන. උදාහරණයක් විදියට මෙහෙම ගමු.

“මන් මෙන්න මේ කාලෙදි, මේ වගේ දවසක මගේ යාලුවෝ පිරිසක් එක්ක ගියා beach එකේ නාන්න. ඒ වෙලාවේ මේ phone එක ගොඩක් වැදගත් වුණා වතුර යන්නේත් නැති නිසා, වෙනම අපිට කැමරා එකක් අරන් යන්න ඕන වුණේ නෑ මොකද මේකේ photo quality එක හොදම තත්වයක තිබ්බ නිසා, හවස් වරුවක photo ගත්ත වුනත් හොදමටම තිබුණා, එහිදී මගේ යාලුවෙක්ගෙ sumsung phone එකෙන් හා මගේ iphone 7 එකෙන් ගහපු photo තමයි පහල දාලා තියෙන්නේ ඔබට මේ වෙනස පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් එකෙන් iphone 7 ගොඩක් හොද මට්ටමක තියෙනවා කැමරා එක ගැන කතා කරද්දී”

ඔව්, උදාහරණයක් විතරයි. මීට වඩා මේක හොදට ලියන්න.

දැන් ඔබට අදහසක් එන්න ඇති, අපි අත්දැකීමක් බෙදාගද්දී ඒක original & unique content එකක් බවට පත් වෙනවා. මේක පොඩි උදාහරණයක් විතරයි, ඔබට මේ වගේ ක්‍රම ඔස්සේ මේ දේ කරන්න පුලුවන්. අපි keyword research කරලා හොයාගන්න ගොඩක් keywords වලට අවශ්‍ය කරුණු ගැන බොහෝ වෙලාවට ඔබ හෝ ඔබේ article ලියන කෙනා දන්නේ නෑ. ඒක හොද keyword එකක් වුන නිසා ඔබ තෝරාගත්තා වෙන්න පුලුවන්. එතකොට සෑම විටම වගේ මේ වෙද්දී ඒ keyword එකට rank වෙලා තියෙන websites කීපයක් බලලා හෝ videos බලලා තමා article එකේ අන්තර්ගතය හොයාගන්න වෙන්නේ. එහෙම කරාට පස්සේ බොහෝ විට එකම අන්තර්ගතය වෙනස් විදියට ලියපු article එකක් තමයි අපිට ලියාගන්න වෙන්නේ. අන්තර්ගතය සමාන වුනාට මුලු අදහසම ඔබේ ක්‍රමයට ලිව්වා වෙන්න පුලුවන්. එත් අත්දැකීමක් හෝ වෙනත් තමාගේම අදහසක් ලියනවා වගේ සාර්ථක නැති බවයි මගේ අදහස. මොකද rewrite කිරීමක් වගේ දෙයක්ම තමයි එතකොට වෙන්නේ.

ඔබ තේරුම් ගත යුතු වැදගත්ම දේ තමයි සෑම විටම තමාගේ අත්දැකීමක් සහිත මාතෘකාවක් ඔස්සේ keywords හොයාගැනීම ඔබට සාර්ථක වෙන්න පහසු ක්‍රමවේදයක් බවයි. Adsense වලින් කියනවා වගේ unique and original content ලියාගැනීම ඔබේ adsense account එක approve කරගැනීම පහසු වෙනවා. ඒක search engine තුළ rank කරගැනීමද පහසු කරනවා. ඉතින් websites හදන අය මේ ගැන ටිකක් සැලකිල්ලක් දක්වන්න. මොකද ලෝකේ ගොඩක් සාර්ථක වෙච්ච websites කරන අය හෝ bloggers ලා ලියලා තියෙන article බැලුවොත් එයාලා ලියලා තියෙන්නේ එයාලගේ පෞද්ගලික අත්දැකීම, එහෙමත් නැත්තන් එයාලා research කරලා, visit කරලා වගේ හොයාගත්ත දේවල් ගැන. ඉතින් මේ දෙය ඔබ පැහැදිලිවම සිතා බැලිය යුතු දෙයක් බව මන් විස්වාස කරනවා.

Loading

3 thoughts on “Original Content එකක් ලියන්නේ කොහොමද?”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!