SEO-Search-intent

SEO Search Intent | Ranking වල උඩටම එන්න website එකක් හදමු

Search intent කියන්නේ මොකක්ද? මේ ලිපියෙන් සම්පුර්ණයෙන්ම කතා කරන්න යන්නේ ඒ ගැන. මේ මාතෘකාව website එකක් හදන කෙනෙක්ට කිසිසේත් මගහැරිය හෝ අමතක කළ නොහැකි එකක් වුණත්. මේක ඇත්තටම ලංකාවේ සිටින අපේ අය නම් එතරම් සැලකිල්ලක් දක්වන මාතෘකාවක් ලෙස හදුන්වන්න අමාරු තත්වයක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම website එකක් හදන්න සැලසුම් කරන නවකයෙක්ගේ අතින්නම් මේ මාතෘකාව මගරෙන්න වැඩි ඉඩක් තියෙනවා නොදැනුවත්කම නිසාම. විශේෂයෙන්ම ඒ ගැන හිතලා තමයි මේ ගැන කතා කරන්න හිතුවෙ. එහෙනම් අපි බලමු මොකක්ද මේ Search intent කියන්නේ කියලා.

Search intent එහෙමත් නැතිනම් user intent හෝ audience intent වැනි නම් වලින් මෙය හදුන්වනු ලබනවා අපිට දැකගන්න පුලුවන්. කෙටියෙන් කිව්වොත් search intent කියන්නේ search කරන කෙනාගේ අභිප්‍රාය ලෙස හදුන්වන්න පුලුවන්. මේක ටිකක් අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් search intent කියන්නේ, “යම් සෙව්ම් යන්ත්‍රයක් ඔස්සේ යම් කෙනෙකු යමක් සෙවීමේදී එයා තුල ඇති අරමුණ” ලෙස අර්ථ දක්වන්න පුලුවන්. සමහරවිට තාම තේරුනේ නැතුව ඇති. මේක තව විදියකින් කිව්වොත් Google වගේ search engine එකක යම් කෙනෙක් යමක් search කර බලන්නේ යමක් සොයා ගැනීමේ අරමුණින්. ඉතින් මේ අරමුණ පුද්ගලයාගෙන් පුද්ගලයාට, search කරන keyword එකෙන් keyword එකට වෙනස්. මේ වෙනස සමහර අවස්ථාවල එකම keyword එක search කරත් නොවෙනස්ව පවතිනවා.

ඉතින් මේ search කරන කෙනාගේ අරමුණ අපි හරියට තේරුම් නොගත්තොත් අපි competition අඩු keywords යොදාගෙන අපේ website එකේ article ලිව්වත් අපිට සාර්ථක ප්‍රතිඵල ගන්න බැරි වෙනවා. මං හිතන්නේ මේ වගේ අත්දැකීම් සමහර විට ඔබ දැනටමත් අත්විදලා ඇති.

Dreamhost - Affordable Cloud SSD Web Hosting

Search intent එක අවබෝද කරගෙන සිටීමේ ප්‍රයෝජනය කුමක්ද?


ඔබ SEO ගැන උනන්දුවක් දක්වන කෙනෙක් නම් මේ වෙනකොටත් දන්නවා ඇති Google ඇතුලු සෑම search engine එකකම ප්‍රධාන අරමුණ වෙන්නේ එම search engine එකේ search කරන දෙයට අදාළ ගැලපෙනම ප්‍රථිපල උඩින්ම පෙන්වීමයි. (relevant search results) මොකද කොයි තරම් වැදගත් කරුණක් වුනත් search කරන කෙනා ඇත්තටම සොයාගෙන ආපු දෙය ඊට වඩා වෙනස් නම් කිසි ප්‍රයෝජනයක් නැති වෙනවා. ඉතින් අපි මේ කාරණාව හරිහැටි අවබෝද කරගැනීම ඉතාම වැදගත් වෙනවා search engine එකේ top ranking බලාපොරොත්තු තියාගන්න ඕන නම්. ඒ වගේම website එකේ ranking ඉක්මනට improve කරගන්න නම් මේක තමා article එකක් ලියද්දි ඔබ සලකා බැලිය යුතු ප්‍රදාන සාදකයක. මේ කාරණාව වරද්ද ගත්තොත් ඔබ ලග කොච්චර හොද keywords තිබ්බත් සාර්ථක ප්‍රථිපල ලගා කරගැනීම අමාරු වැඩක්.

Vegetable soup කියන keyword එක google කරාම ඔබට මුල් පිටුව පුරාම දැකගන්න ලැබෙන්නේ vegetable soup recipes ගැනයි. මොකද google එක දන්නවා vegetable soup කියන්නේ මොකක්ද කියලා හොයාගෙන කව්රුත් ඕක search කරන්නේ නැති බව. නමුත් ඔබ keyword එක දිහා විතරක් බලලා vegetable soup ගැන article එකක් ලිව්වොත් ඔබට ranking වල උඩට එන්න නම් කොහෙත්ම බැරි වේවි. මේ උදාහරණය සරළ නිසා අවබෝද කරගන්න ලේසියි. හැබැයි බොහෝ අය websites හදන සමහර keywords තියෙනවා search intent එක සරලව තේරුම් ගන්න නම් ගොඩක් අමාරුයි. ඒක නිසා තමා website එක හදන්න මූලික සැලසුම හදද්දී සහ keywords research එක කරද්දිම search intent එක ගැන නිසි අවබෝදයක් ඇතුව වැඩ කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙන්නේ. එතකට තමයි හරියම search intent එකට articles ලියන්න හැකි වෙන්නේ.

search-intent
search intent sinhala

Types of Search Intent

Search intent එක ප්‍රදාන වශයෙන් වර්ග 4ක් ඔස්සේ හදුනා ගන්න පුලුවන්.

1) Informational intent

මෙයින් අදහස් වන්නේ යම් ආකාරයක තොරතුරක් දැන ගැනීමේ පරමාර්ථයෙන් යමක් search කිරීම. මේ වර්ගයේ keyword එකක් search කරන කෙනෙක් නිශ්චිත ප්‍රශ්නයක් හෝ වැඩිදුර දැනගන්න අවශ්‍ය දේ search කරන බවක් හදුනා ගන්න පුලුවන්. සමහරවිට එම keyword එක how to guide, tutorials, a recipe, question, or a definition වර්ගේ එකක් වෙන්න පුලුවන්.

Eg:

  • how to create a website
  • fiverr tutorials
  • what is the meaning of CPA
  • commercial bank
  • Jack Ma

Jack Ma යන නම බැලූ බැල්මට පුදගයකුගේ නමක් පමණක් වුනත්, search කරන කෙනාගේ අරමුණ නිසැකවම වගේ ඔහු ගැන වැඩිදුර තොරතුරු දැනගැනීමයි. ඉතින් මේ වගේම එකක් තමයි කලින් කිව්වා vegetable soup කියන keyword එකත්. vegetable soup වල ජාතකේ හොයන්න කව්රුත් එම keyword එක search නොකරන බව අපි තේරුම් ගන්න වෙනවා. මේ කාරණාව ගැන අපිට හොද අදහසක් ගන්න පුලුවන් google එකෙන් මේ වෙද්දී යම් keyword එකට rank කර ඇති websites ගැන සහ results ගැන බැලුවනම්.

2) Navigational intent

මේ වර්ගයේ keyword එකක් search කරන කෙනෙක් නිසැකවම කලින්ම දන්නවා තමන් යා යුතු website එකක් මොකක්ද කියලා. Google වගේ search engine එකක් භාවිත කරලා search කරත් එයාලා කලින් දන්නා website එකකට තමා යන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් facebook, amazon, gmail, yahoo mail වගේ keywords ගත්තොත් ඒවායේ official website එකට යන්න තමා ඒවා search කරන්නේ. ඒවාගේ keywords අපි යොදාගෙන මොනවා කරත් එම keywords වලට නම් rank කරන්න වෙන්නේ නෑ.

මේ වෙද්දී මගේ website එකේ නම වන wigasa කියලා search කරන්නෙත් මගේ website එක හොයාගෙන එන අය විතරයි. ඉතින් මේ වගේ keywords වල competition එක අඩු ගතියක් පෙන්නුවත් එතරම් ප්‍රයෝජනයක් නෑ වෙනත් website එකකින් යොදාගත්තා කියලා. මේ වර්ගයේ keywords බොහෝ විට brand name එකක ස්භාවයක් පෙන්නුවත්, ඒක සෑම විටම එහෙම නොවෙයි. එම නිසා keywords research එකකදී ඔබ නිසි ලෙස නොබැලුවොත් මග ඇරෙන්න වුණත් පුලුවන්.

3) Preferential/Commercial Investigation

මෙවැනි වර්ගයේ keywords වලට අයත් වෙන්නේ ඉදිරි දිනකදී යමක් මිලදී ගැනීමේ අරමුණින් යම් product එකක් brand එකක් හෝ service එකක් ගැන සොයා බැලීමේ අරමුණින් search කරන keywords තමයි. සමහර විට මේවා වර්ග දෙකක් සංසන්දනාත්මක සොයා බැලීමක් විය හැක. products reviews, ratings වගේ දේවල් වුනත් මෙයට කෙලින්ම අදාලයි. Informational intent මට්ටමේදී සොයාගත් කරුණු වලින් තෝරාගත් දේවල් කීපයක් ගැන වැඩිදුර විස්තර සොයාබැලීමක් විය හැකියි. ඉතින් මෙය යම් මිලදී ගැනීමක් හෝ වෙනත් action එකක් ගැනීමට පෙර අවදියේ search intent එකක් වීමට වැඩි ඉඩකඩක් තියෙනවා.

Eg:

  • wordpress vs wix
  • nord vpn vs express vpn
  • best wordpress hosting
  • top airlines in united states
  • go pro 9 camara reviews

4) Transactional intent

මේ වර්ගයේ keyword එකක් search කරන කෙනෙක් යම් මිලදී ගැනීමක් කිරීමේ අරමුණින් තමයි search කරන්නේ. එම මිලදී ගැනීම product, service, or subscription වගේ දෙයක් වෙන්න පුලුවන්. මෙවැනි දෙයක් search කරන කෙනෙක් මිලදී ගැනීමක් වැනි action එකක් ගන්න බලාගෙනම search කරන නිසා එයාලා දැනටමත් දන්නවා එයාලා මොනාද search කරන්නේ කියලා, එම මිලදී ගැනීම කරන්න ස්ථානයක් සොයා ගැනීම ප්‍රධාන අරමුණ වෙන්න පුලුවන්. ඉතින් මෙවැනි keyword එකක් යොදාගෙන product එකක් ගැන විස්තර ගොඩක් තියෙන article එකක් ලිව්වා කියලා කිසි ප්‍රයෝජනයක් නැති වෙන්න වැඩි ඉඩකඩක් පවතිනවා. Google එකෙන් වුනත් වෙන්න rank අවතාවක් ලැබෙනවා ගොඩක් අඩුයි search intent එක වෙනස් නිසා.

Eg:

  • Buy iphone x in sri lanka
  • Namecheap coupon
  • Shop leather wallets
  • Nike shoe sale
google-ranking
google ranking

SEO Benefits of Intent Targeting

Search intent එක මොකක්ද කියන එක දැන සිටීම අත්‍යවශ්‍ය සාදකයක් වෙනවා ඔබ website එක හදන keywords වලට search engine වල top ranking වලට ගමන් කිරීමට. මොකද කලින් කිව්වා වගේ search engine වලට ඕන search කරන කෙනාට හොදටම ගැලපෙන results එක දෙන්නයි. ඉතින් එකෙදි බොහෝ දෙනෙක් මේ වෙද්දීත් කරනවා වගේ keywords ටික article එක ඇතුලේ ලස්සනට ගලපගත් පමණින් සාර්ථක වෙන්න බෑ. නමුත් ඔබ search intent එකට ගැලපෙන්න article එක ලිව්වොත් SEO වලදී උපරිම සාර්ථක වෙන්න හැකියාව පවතිනවා.

මිට අමතරව මෙලෙස article එක ලිව්වොත් website එකේ bounce rate අඩු වෙන එක සිදුවෙනවා බොහෝවිට. සීමිත visits ප්‍රමාණයකින් වැඩි page views ප්‍රමාණයකට යන්න පුලුවන්, ඒ වගේ දේවල් අමතරව බලපානවා ranking වල උඩට එන්නත්. Google එකේ feature snippets විදියේ result එකක් පෙන්නන තැනට පත් වෙන්නත් search intent එක ඍජුවම බලපෑමක් ඇති කරනවා. තවදුරටත් එක article එකකින් වැඩි keywords ප්‍රමාණයක් ranking improve වෙන්නත් මේක හේතුවක් වෙනවා.

ඊටත් එහා ගිහින් අසාර්ථක article ලියවෙන එක සම්පුර්ණයෙන්ම අඩු කරගන්න පුලුවන් මේ ගැන නිසි අද්යනයක් ඇතුව article එක ලිව්වොත්.

ඔහොමද search intent එක optimize කරන්නේ?

මේක කරන්න නම් search intent එක මොකක්ද කියන එක නිසි පරිදි තේරුම් අරන් ඉන්න වෙනවා. ඒක තේරුම් ගන්න ඉහත කතා කරපු search intent වර්ග ගැන අද්‍යනයක යෙදීම ඔබට පහසුවක් වේවි. අමතක නොකළ යුතු කරුණක් තමයි ඉහත කතා කරපු කරනු වලට එහායින් යන keywords ඕනෑතරම් ඔබට සොයාගන්න පුලුවන් වේවි.

Dreamhost - Affordable Cloud SSD Web Hosting

Search intent එක අවබෝද කරගන්න වඩාත් ඵලදායීම ක්‍රමය වන්නේ ඔබ rank කරගැනීමට බලාපොරොත්තුවෙන keywords වලට අදාලව මේ වෙද්දී search engine එක තුල rank කර ඇති ඔබේ competitors වී සිටින අයගේ websites ගැන හොදහැටි අද්‍යනයක යෙදීමයි. මොකද එයාලාව rank කර තිබෙන්නේ search intent එක අනුවත් දැනට තියෙන හොදම ප්‍රථිපල කියලා සැකයකින් තොරව අපිට විශ්වාස කරන්න පුලුවන් නිසා. සමහරවිට ඔබට කිසිදු competitor කෙනෙක් විසින් නිසි පරිදි සම්පුර්ණ ලෙස ලියැවී නැති search intent සහිත keywords ඕනෑතරම් හම්බවේවි. ඒවා හොයාගන්න ලේසි වෙන්නේ නම් ඔබ website එක හදන topics ගැන හරියට දැනගෙන හිටියම. තමන් දන්නා දෙයක් ගැන website එකක් හදන එකේ ප්‍රධාන වාසියක් තමා ඒක. search engine වලින් දෙන්නේ දැනට එයාලා සතු හොදම ප්‍රතිපලයි. එම නිසා එවැනි ආකාරයේ search intent එක අසම්පුර්ණ ලෙස ලියැවී ඇති keywords ඇත්නම් ඒවා rank කර ගැනීම කොයි තරම් පහසු වෙයිද කියලා මං අමුතුවෙන් කියන්න දෙයක් නැනේ.

මීට අමතර කරුණු ලෙස article එකේ සංයුතිය සකස් කරගෙන ඇති ආකාරය ගැන අවබෝදයක් ඇතුව තමන්ගේ article එකේ පෙළගැස්ම සකස් කරගැනීම වැදගත් දෙයක්. ඒ වගේම ඒ අය visitor ව ආමන්ත්‍රණය කර ඇති tone එක වැදගත් කාරණාවක්. මොකද අපි තරුණයන් පිරිසක් ආමන්ත්‍රණය කරන article එකක භාෂා ශෛලිය සහ කාන්තාවන් පිරිසක් ආමන්ත්‍රණය කරන භාෂා ශෛලිය පැහැදිලිව වෙනස්. තව විදියකින් කිව්වොත් target audience එකේ හැටියට ආමන්ත්‍රණය කරන ස්භාවය වෙනස් නොව්නොත් එතරම් ගැලපෙන්නේ නෑ. ඒ වගේම language එකත් සලකා බැලිය යුතු කාරණාවක්, මොකද ලංකාව වගේ රටක් target කරද්දී English වලින් කරනවට වැඩ සිංහලෙන් කිරීම සාර්ථකයි. එවැනි කාරණා රටින් රටට අදාලව සොයාගන්න පුලුවන් ඔබට, ඒ වගේම මොනවගේ points ද keyword වලට අදාලව අනිත් අය cover කරලා තියෙන්නේ කියන එක ප්‍රධාන පෙලේ වැදගත් සාදකයක් ලෙස හදුන්වන්න පුලුවන්. ඒ වගේම ඒ අය අතින් මගැරිච්ච වැදගත් දේවල් ගැන හොදට සොයා බැලීම කළ යුතුමයි.

සමහර keywords බොහෝ අය search කරත් එයාලා සමහරවිට සොයන්නේ ඒවාට අදාල video එකක් image එකක් වෙන්නත් පුලුවන්. එහෙම වේලකදී කොච්චර හොදට article එක ලියල website එක හැදුවත් එච්චර තේරුමක් නැ. අපිට අවබෝද කරගන්න වෙනවා search intent එක. තව මන් වගේ වැඩිය කියවන්න කරන්න අකමැති අය නම් කොච්චර හොද article එකක් තිබ්බත් වැඩිපුර කැමති video බලන්න. එහෙම අයත් මග ඇරෙනවා. එතනින් එහාට ගියාම keywords වල හැටියට ඔබට අවබෝද කරගන්න හැකි වේවි එම keywords ගැලපෙන්නේ website එකකටද video එකකටද කියන එකත්.

ඉතින් මේ කතා කරපු කාරණා ගැන නිසි අද්‍යනයක යෙදුනොත් ඔබට ඉතා සාර්ථක ලෙස search intent එක optimize කරපු article එකක් ගොඩනගා ගැනීම සහ website එකක් සෑදීම ඉතාම පහසු දෙයක්.

ඉතින් මේ ලිපිය කියෙව්වට පස්සේ ඔබට අතරමන් වෙන්නේ නැතුව search intent එකට ගැලපෙන website එකක් හදාගන්න පුලුවන් වෙයි කියල හිතනවා. ප්‍රශ්න, ගැටළු, අදහස් පහලින් comment කරන්න. පුලුවන් විදියට පිළිතුරු දෙන්නම්.

Loading

1 thought on “SEO Search Intent | Ranking වල උඩටම එන්න website එකක් හදමු”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!