speed test

Page Loading Speed For Google Ranking (Core Web Vitals)

මේ ගෙවී යන කාලය තුල වෙබ්සයිට් එකක් ranking වල උඩට ගෙන්න, හෝ google එකේ මුල් පිටු වල ස්ථිරව පවතින්න ඉතා වැදගත් දෙයක් තමයි Core Web Vitals කියන්නේ. මේක ටිකක් හැමෝටම තේරෙන විදියට කිව්වොත් website එකේ page loading speed එක ගැන තමයි කියන්නේ. Core Web Vitals වල තත්වය කොහොමද කියලා ඔබේ website එක add කරලා තියෙන google search console එකෙන් බලාගන්න පුලුවන්.

ඉතින් කුමන ආකාරයක website එකක් හැදුවත් page loading speed එක optimize කරගැනීම ගැන සැළකිල්ලක් දක්වන එක හොදයි. මොකද website එකේ සියලුම දේවල් හොදට තිබුනත් loading speed එකේ ගැටලු නිසා visitor කෙනෙක්ට ලැබෙන experience හොද මදි වුනොත් වර්තමානයේදී එන්න එන්න ලොකු ප්‍රශ්නයක් වෙනවා ranking වල උඩට එන්න. Speed optimization සම්බන්දව මං website කීපයකම කරලා බලපු දේවල් වලින් පොඩි අදහසක් දෙන්නම් page loading speed එක වැඩි කරගන්න ඔබට මොනවද කරන්න පුලුවන් කියලා.

Cloud SSD Hosting එකක් යොදාගැනීම, Free Domain name

HostArmada Affordable Cloud SSD Shared Hosting

Cloudflare වලට website එක connect කිරීම.

WordPress වල එන ටිකක් ටිකක් heavy wordpress theme නැතුව හොදට optimize කරපු light theme එකක් යොදාගැනීම. සහ website එක ඔබට අවශ්‍ය දේවල් පමණක් ඇතුලත් කරගනිමින් custom develop කරගන්න එක. themes වලටම එන demo sites නොදා ඉන්න එක හොදයි මොකද එතකොට ඔබේ website එකට කිසිදෙත්ම අවශ්‍ය නැති දේවල් පවා එන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා.

website එක custom develop කරනවා නම් ඔබට භාවිතා කරන්න හොදම themes 2ක් මේ තියෙන්නේ. මේ දෙකේම free version එක හොදටම ප්‍රමාණවත්.

Astra theme
Kadence theme

theme එක custom develop කරන්න Gutenberg page builder එක යොදාගන්න එක වඩාත් හොදින් speed load වෙන්න හේතු වෙනවා. elementor හෝ වෙනත් page builders බොහෝ විට තරමක් වැඩිපුර slow වෙන්න හේතු වෙනවා.

Gutenberg වලින් custom develop කරන්න GenerateBlocks, Kadence Blocks, Getwid වගේ plugins එකක් හෝ කීපයක් අවශ්‍යතාවයේ හැටියට යොදාගන්න යොදාගන්න පුලුවන් professional website එකක තත්වයට හදාගන්න.

Plugins භාවිතය හැකි තරම් අවම කරන්න. website එකට අවශ්‍ය කරන දේට අදාළව පමණක් plugins යොදාගන්න. හේතුවක් නැතුව plugins ගොඩක් දාගන්න එපා. සමහර වෙලාවට ඔබට අවශ්‍ය features දෙකක් උදෙසා එයට අදාළ features පමණක් දෙන plugins දෙකක් යොදාගන්න එක හොද වෙන්න පුලුවන් මොකද සමහර plugins එකකින් features ගොඩක් දුන්නත්, සමහර වෙලාවට ඒකම ප්‍රශනයක් වෙනවා website එක slow වෙන්න features වැඩි කම. ඔබට අවශ්‍ය පහසුකමට අදාළ plugin එක විතරක් යොදා ගැනීම වඩාත් හොදින් ඔබට වැඩ කරන්න පුලුවන් ඒ නිසා.

nulled themes & plugins දාගන්න එපා. free version එක යොදාගන්න මිලදී ගන්න හෝ ගත්ත කෙනෙක්ගෙන් හොයාගන්න නොහැකි නම්.

website එක optimize කරගන්න අවශ්‍ය plugins යොදාගන්න. මට හොදටම වැඩ කරපු plugins වල සංයුතිය මන් ඔබට කියන්නම්. මේවයේ අවශ්‍ය ගැලපෙන settings ටික හදාගන්න වෙනවා. video එකකින් ඉස්සරහට ඒ ගැන කියන්නම් නොදන්නා අයට.

Autoptimize
WP Fastest Cache
ShortPixel Image Optimizer – paid version යොදාගත්තේ මගේ websites වලට free version එක මදි නිසා

Mobile traffic ප්‍රමාණය වැඩි නම් AMP plugin එකක් යොදාගැනීම වරදක් නෑ. mobile optimization වලට අමතර දේවල් කරන්න වෙන්න පුලුවන් සමහර අවස්ථාවල.

මේ websites දෙකෙන් ඔබට page loading speed එක check කරගන්න පුලුවන්.

gtmetrix

google insights

HostArmada - Affordable Cloud SSD Web Hosting

3 thoughts on “Page Loading Speed For Google Ranking (Core Web Vitals)”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!