page-loading-speed-seo

Website එකේ Page Speed ඉක්මණින්ම වැඩි කරගමු – Technical SEO

Page loading speed කියන්නේ වර්ථමානයේදී website එකක් හදන කෙනෙක්ට බැහැර කළ නොහැකිම සාදකයක් බවට පත්වෙලා තියෙනවා. මේක Technical SEO part එකක් විදියට හදුනා ගන්න පුලුවන්.

බොහෝවිට page speed එහෙමත් නැතිනම් page loading speed කියන්නේ නවකයන් බොහෝදෙනෙක් SEO වලට අදාල කර නොගන්න සහ වැඩි සැලකිල්ලක් නොදක්වන සාදකයක් විදියටත් හදුන්වන්න පුළුවන්. නමුත් ඔබ දැනගත යුතු වැදගත්ම දේ තමයි page speed එක අපිට බැහැර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

මුලින්ම අපි බලමු page speed එක ඇයි අත්‍යවශ්‍ය සාදකයක් වෙන්නේ.

ඔබ යම් වෙබ්පිටුවක් වෙත පිවිසෙද්දී ඔබේ web browser එකේ loading icon එක දිගින් දිගටම කැරකෙමින් load වෙන්න වැඩි කාලයක් ගත්තොත් ඔබ කුමක් කරාවිද? බොහෝ විට ඔබ නැවත back වෙයි, එහෙම නැත්තන් ඔබ එය close කර දමාවි. ඔබේ website එකත් load වෙන්න වැඩි කාලයක් ගත්තොත් සිද්ද වෙන්නේ ඒකම තමයි. මොකද මිනිස්සු කැමති නෑ බලන් ඉන්න.

ඉතින් user experience එක ගැන අවදානය යොමු කරද්දී page speed මගාරින්න පුලුවන් දෙයක් නෙවෙයි. මොකද ඔබේ website එකේ content කොච්චර හොද වුනත් මිනිස්සු අපු ගමන් හැරිලා ගියොත් එකෙන් වෙන්නේ negative signal එකක් google එකට යන එකයි. bounce rate එක එහෙම වැඩි වෙන්නත් බලපානවා.

අපි කොහොමද page speed හොද මට්ටමක තියාගන්නේ

තත්වයෙන් උසස් HOSTING එකක් යොදාගැනීම

බොහෝ අවස්ථාවල ගුණාත්මක භාවයෙන් පහළ hosting සේවාවන් යොදාගැනීම හේතුවෙන් website එකක් load වෙන්න වැඩි කාලයක් ගත වෙන්න පුලුවන් වගේම යම් අවස්ථාවල ඔබේ website එක සම්පුර්ණයෙන්ම ක්‍රියා විරහිත තත්වයට පත් වෙන්න පුලුවන්. ඔබේ website එකට එකවර කීප දෙනෙකු පැමිණියොත් මේ තත්වය තවත් වැඩි වෙන්න පුලුවන්. ඉතින් මේ කාරණාව ඉතාම අහිතකරයි සාර්ථක website එකක් හදද්දී. විශේෂයෙන්ම shared hosting වර්ග බොහෝ දෙනෙක් අඩු මුදලකට ගන්න උත්සහ කරන නිසා. මේ ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.

මේ සදහා මට යෝජනා කරන්න පුලුවන් අඩු මුදලකට ගන්න පුලුවන් හොද hosting packages කීපයක් මන් මේ පහලින් දාල තියෙන්නේ. අවශ්‍ය අය image එක උඩ click කරලා අදාළ වෙබ්පිටුවට ගිහින් මිලදී ගන්න.


EasyWP. It's time for the fastest WP host

shared host

CDN යොදාගැනීම

Content Delivery Network තමයි CDN විදියට හදුන්වන්නේ කෙටියෙන්. මේකෙදි සරලවම වෙන්නේ යම් කෙනෙක් වෙබ්පිටුවකට පිවිසෙද්දී එයාට ලගම තියෙන sever එකක් හරහා අදාළ වෙබ්පිටුව විවෘත වීමට ඉඩ සලසා දීමයි. මේවා siteground වගේ හොදම තත්වයේ hosting සේවා සපයන්නන් එයාලගේ සාමාන්‍ය packages වලටම CDN අඩංගු කර සපයනවා. සමහර සේවා සපයන්නන් වෙනම මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ලංකාවේ බොහෝ දෙනෙක් භාවිත කරන Namecheap වගේ ආයතන මේ දක්වා (2020) CDN සේවාවන් ලබා දෙන්නේ නෑ. තව විදියකින් මේක හොද කාරණාවක් වඩාත් හොද hosting provider කෙනෙක් හදුනාගන්න.

CDN සදහා ඔබට අතරමැදි ආයතන වුනත් යොදාගන්න පුලුවන්, ඒ වගේ ආයතයක් තමයි Cloudflare කියන්නේ.

cdn sinhala
CDN page speed

ඔබේ Web Technology’s Update කර තබා ගන්න

HTML, PHP සහ වෙනත් Web Technology’s වල New Updates එළියට එන්නේ මෙවැනි හේතූන් නිසා ය. මෙවැනි New Updates වල බොහෝ විට වැඩි දියුණු කළ අලුත් Features සහ වැඩි දියුණු කල වේගයන් අඩංගු වේ. එම හේතුව නිසා ඔබගේ Website එක Up to date වී තිබීම ඉතා වැදගත්ය. මෙය බොහෝ විට හොද hosting සේවාසපයන්නකු සිදුකරනු ලබනවා.

WordPress සහ එහි Versions වල නවතම Components භාවිතා කරන්න

මන් අද කතා කරන්න යන්නේ wordpress ගැන නිසා wordpress වල හැමදේම wordpress dashboard එකෙන් update කරගන්න පුලුවන්. ඔබ වෙනත් වර්ගයක website එකක් සාදන්නේ නම් ඊට අදාළ ක්‍රමවේදයන් අනුගමය කිරීම කළ යුතුයි.

ගැලපෙන වඩාත් නිවැරදි Theme එකක් බාවිතා කරන්න

මෙහිදී ටිකක් සරළ updated theme එකක් යොදාගන්න එක වඩාත් හොදයි. ඒවා ඉකමනින් load වෙනවා බොහෝවිට.

Pictures Optimize කරන්න

මේ සදහා wordpress වලදී නම් එයට ගැලපෙන plugins එහෙම යොදාගන්න පුලුවන්. photos වලට විතරක් නෙවෙයි plugins වලින් සම්පුර්ණ website එකක් optimize කරගන්න ලොකු උදව්වක් ගන්න පුලුවන්.

ඉතින් මේ කතා කරපු සියලු කරුණු යොදාගෙන කොහොමද page loading speed වැඩි කරගන්නේ කියලා පහත video එකෙන් අවබෝද කරගන්න පුලුවන්.

Loading

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!