SEO-Sinhala-course

SEO Training Basic Course For Beginners – Wigasa Academy

Website එකක් හදලා ස්ථිර අදායමක් හදාගන්න කැමතිද?

100% Free!!!

අලුත් දෙයක ආරම්භය කතාවේ තවත් අදියරක් තමයි මේ, පළමු අදියරේ කතාවල් කිසිවක් දෙවන අදියරට එතරම් වැදගත් නොවන නිසා කෙලින්ම මං කතාවට බහින්නම්. කාලෙකට කලින් සැලසුම් කල පරිදිම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න උත්සහ කරන අය වෙනුවෙන් මං දක්වන්න යන මගේ දායකත්වයේ කොටසක් විදියට මේක හදුන්වන්න පුලුවන්. online entrepreneurs කියන නම හරි අකර්ශනියයි හැබැයි ඇතුලේ කතන්දර බර වැඩි. මේ field එකේ super stars ලා සුලුපිරිසක් වටා dollar හීන දකින ලොකු පිරිසක් ආකර්ෂණය කරගන්නවා වෙනුවට මං කැමති wigasa වටා ගොඩනැගෙන පිරිස හීන දකින්නන් පමණක් නොවෙනවට.

ඉතින් මේ වැඩේ එළිදකින්නේ පළමු වරට Wigasa Academy විදියට. මේකෙදි මේ වැඩේට සම්බන්ද වෙන හැම කෙනෙක්ටම අවස්ථාව ලැබෙනවා SEO කරලා සාර්ථක Website එකක් හදන්න ඉගෙන ගන්න. මේක ඇතුලේ හෙන ලොකු advanced දේවල් මොනවත් කරන්නේ නෑ. සරළ වැඩ ටිකක් විතරයි කරන්නේ, හැබැයි Google එකේ Rank වෙන සහ ඒක තුළින් අදායමක් උපයාගන්න හැකිවන පරිදි Website එකක් හදාගන්න ඉගෙන ගන්න හැකිවෙනවා. මන් හිතන්නේ මේකේ තියෙන වැදගත්ම දෙයක් තමයි මේ කිසිමදෙයක් සදහා කිසිම අය කිරීමක් නෑ. සම්පුර්ණයෙන්ම නොමිලේ මේක ලබාදෙන්නේ.

මේක නොමිලේ ලබා දුන්නට, දැනට youtube වගේ ප්‍රසිද්ද මද්‍යක මේක පළ කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ

මේ සදහා කැමති ඕනෑම කෙනෙක්ට එකතුවෙන්න පුලුවන් නමුත් මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් පහත කරුණු කෙරෙහි සැලකිල්ලක් දක්වන්න වෙනවා.

ඔබට website එකක් හදාගන්න සැබෑ උවමනාවක් තියෙන්න ඕන. වැඩේ යද්දී නිදහසට කාරණා අහන්න කව්රුත් නැති නිසා ඒ වෙනුවෙන් කැපවෙන්න පුළුවන් වෙන්න වෙනවා. අතිශය කාර්යබහුල අය මෙයට සම්බන්ද වීම එච්චර තේරුමක් නැති වැඩක් වෙයි.

website එකක් යම් තාක් දුරට හෝ හදාගෙන ඉන්න අය එන්න හිතන් ඉන්නවා නම් ඒ අයට බාදාවකින් තොරව එන්න පුලුවන්, නමුත් ඒ අයට විශේෂ, ප්‍රමුක උදව්වක් ලැබෙන්නේ නෑ, විශේෂයෙන්ම තමන් මේ වෙද්දී අව්ල් කරගත්ත දේවල් තියෙනවා නම් ඒවා නිරාකරණය කරගන්න පෞද්ගලික සහයක් දෙන්නේ නෑ, නමුත් මෙහිදී ඉගෙන ගන්න දේවල් ඔබට උදව්වක් වෙයි. අලුතෙන් website එකක් හදන අයට තමයි මේ වැඩේ ගොඩක්ම ඵලදායි වෙන්නේ.

website එකක් SEO කරලා හදන්න අවම මට්ටමින් හෝ යම් ආයෝජනයක් අවශ්‍ය වෙනවා, මන් මොනවටවත් මුදල් අය කරන්නේ නෑ, නමුත් website එකක් හදන්න අවශ්‍ය දේවල් ගන්න යම් මුදලක් ඕන වෙනවා මේ වැඩේ ආයෝජනය විදියට. එහෙම නැති වුනොත් අතරමග වැඩේ නැවතී. කලින්ම දැනුවත් කරන්නේ නොදන්නා කෙනෙක් ඇති කියලා.

  • website එක හදන්නේ wordpress වලින්, ඒ සදහා අවශ්‍ය වන domain & hosting මිලදී ගන්න මුදල් ඕන වෙනවා. ඒවා තෝරාගන්න විදිය ගැන training එක අතරතුර පැහැදිලි කරනවා.
  • Niche වර්ගයේ websites හදන නිසා article ලියන්න සිද්දවෙනවා, එම නිසා English article ලිවීමේ හැකියාව තිබිය යුතු හෝ කෙනෙක්ව hire කරනවා නම් ඒ සදහා අවශ්‍ය වෙන මුදල් ඔබ සතුවිය යුතු වෙනවා. මොකද article නැතුව මේ වැඩේ කරන්න බෑ.
  • SEO Tools ගන්න සිද්ද වෙයි මේ වැඩේ කරද්දී, ඒ සදහා 1500 පමණ මුදලක් වියදම් වෙන්න පුලුවන්.

ඒ ටික ප්‍රමාණවත් වැඩේ පටන් ගන්න, පිරිස වැඩි කරගන්නවාට වඩා මන් කැමති ඉහත විස්තර කරපු පරිදි වැඩේ කරගන්න පුලුවන් අය විතරක් මේකට සම්බන්ද වෙනවට.
තාම මේ group එකේ පොඩි audience එකක් ඉන්න නිසා මේ වැඩේට එකතු වෙන්න කැමති අය ගොඩක් එළියේ ඉන්න පුලුවන්, ඒ වගේ ඔයාලා දන්න අයව මේ වැඩේට invite කරන්න. post එක share කරන්න කැමති අය..

මේ පිළිබද ඉදිරි updates සදහා wigasa fb group එක සමග එකතු වෙන්න.
https://www.facebook.com/groups/wigasa/

මේ වැඩේට එකතු වෙන්න කැමති අය මේ form එක පුරවන්න.

https://docs.google.com/forms/d/1Sqd-difkE5hi_0VIj7qJ_6Y9ADhWLvT-Y9rrGc8bE2A/

Loading

2 thoughts on “SEO Training Basic Course For Beginners – Wigasa Academy”

  1. Suranga Jayanath

    I can not join to training. Link shows bellow message.How can I join this.

    “SEO Training Course For Beginners – Wigasa Academy
    The form SEO Training Course For Beginners – Wigasa Academy is no longer accepting responses.
    Try contacting the owner of the form if you think that this is a mistake.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!