seo-website

සාර්ථක SEO Website එකක් ආරම්භ කිරීම (දෙවන කොටස)

සාර්ථක website එකක් එකිනෙකාගේ අරමුණු පරමාර්ථ මත වෙනස් වෙන පදනමක් ඇති කාරණාවක්. වර්තමානයේ බොහෝවිට අපිට දැකගන්න ලැබෙනවා මුදල් ඉපයීමේ අරමුණින් බොහෝ දෙනෙක් article දමා websites හදනවා. ඕනෑම කෙනෙක් හදන ඕනෑම website එකක් සාර්ථක එකක් බවට පත්කරගන්න එක කරන්න අමාරු වැඩක්, නමුත් හදන website එකේ අඩුපාඩු අවම කරගෙන හදන එක අපිට කරන්න පුලුවන් දෙයක්. ඒ වගේම එවිට අපි website එක ආරම්භයේ බලාපොරොත්තු වුන අරමුණ කෙරෙහි ලගා වීම ගැන යහපත් බලාපොරොත්තු තියාගන්න පුලුවන් වෙනවා. Website එකක් සාර්ථක වීමට බලපාන හේතු ගැන වගේම website එකක් අසාර්ථක වීමට බලපාන හේතු ගැන වැඩි අවදානයක් යොමු කල යුතු වෙනවා සාර්ථක website එකක් හරි ආකාරව නිර්මාණය කරගැනීමට.

Website එකක් අසාර්ථක වීමට බලපෑමක් ඇති කල හැකි හේතු

  • Website එක සෑදීමෙන් පසුව SEO කිරීම ගැන අවදානය යොමු කිරීම.

බොහෝ දෙනෙක් website එක සෑදීමෙන් පසුව තමයි website එකට traffic ගන්නේ කෙසේදැයි අවදානය යොමු කරන්නේ ඉතින් එහෙම හදලා ඉවර වෙච්ච website එකක් SEO කරා කියලා බොහෝ විට සාර්ථක වෙන්න අමාරුයි. SEO කියන්නේ website එකක් සැලසුම් කිරීමේ සිටම කළ යුතු දෙයක්.

  • නොදන්නා විෂයක් සම්බන්දව website එක සෑදීම.

බොහෝ අය තමාට හෝ website එකේ article ලියන කෙනාට කිසිම දැනුමක්, අවබෝදයක්, අත්දැකීමක් නැති විෂයක් සම්බන්දව websites සෑදීම සිදු කරනවා. මේ නිසාම අන්තර්ජාලයේ තිබෙන කරුණු ටිකක් වෙනස් ස්වරූපයකින් නැවත ඇතුලත් කර website එකක් නිර්මාණය වීම සිදුවෙනවා. මේ නිසාම original content සහිත website එකක් නිර්මාණය වීම සිදුවෙන්නේ නෑ. ඒ වගේම plagiarism පරික්ෂා කර බැලීම බොහෝ අය සිදුකරනවා. නමුත් එය තමන්ගේම අදහස්, අත්දැකීම් ඇතුළත් කර ලියන ලද original article එකක් බවට තහවුරු කරගතහැකි ක්‍රමවේදයක් නෙවෙයි.

  • වටිනාකමක් හා ගුණාත්මක බවක් නැති වෙබ් අඩවි නිර්මාණය කිරීම.

බොහෝ දෙනෙක් වර්තමයේ මොකක් හරි ක්‍රමයකින් website එකක් නිර්මාණය කරගන්න උත්සහ කරනවා මිස සැබෑ ගුණාත්මක බවින් යුතු සහ වෙබ් අඩවි පරිශීලකයන්ට වටිනාකමක් ඇති දෙයක් කිරීමට පෙලබෙන්නේ නැ. මිනිස්සු එන්නේ නැති website එකකින් මුදල් ඉපයීම පවා කල නොහැකි දෙයක්. මිනිස්සු ඔබේ website එකට එන්න නම්, එසේ එන්න ක්‍රමවේදයක් හදනවා වගේම මිනිස්සුන්ට එන්න තරම් සාදාරණ හේතුවක් ඇති විදියේ website එකක් ඔබට සාදාගත යුතු වෙනවා.

  • කාලයට අනුකුලව නිවැරදි දේ focus නොකිරීම.

වැඩි දෙනෙක් මේ කාලයේ මුදල් ඉපයීම ගැන හිතනවා මිසක් මුදල් ඉපයීම කරන්න තරම් හැකියාව ඇති website එකක් සාදා ගැනීමට වැඩි අවදානයක් නොදක්වයි. උදාහරණයක් විදියට website එකක් හදාගෙන යන මුල් සහ මැද භාගය වගේ කාලය තුළ website එකට traffic එකක් හදාගන්න වෙහෙසෙනවා වෙනුවට බොහෝ දෙනෙක් google adsense ගිණුමක් සාදාගන්න වෙහෙස වීම දැකගන්න පුලුවන්. ඔව්න් බොහෝ විට අමතක කරනවා traffic නැතුව adsense ගිණුමක් තිබීම ප්‍රයෝජනයක් නැති බව සහ adsense කියන්නේ website එකකින් මුදල් ඉපයීම කල හැකි එක ක්‍රමයක් පමණක් බව. හොද traffic එකක් එන website එකක් හදාගන්න පුළුවන් නම් adsense වලට වඩා හොද සහ අවදානම් අඩු ad network එකක් යොදාගන්න පුලුවන්.

  • Search Intent එකට නොගැලපෙන පරිදි article ලිවීම.

website එකක් නිර්මාණයේදී website එකකට ලිපි ලිවීම ඉතාම වැදගත් සාදකයක්. එහිදී පරිශීලකයන් විසින් keyword එකක් search කිරීමේ අරමුණ කුමක්දැයි නිවැරදිව අවබෝද කරගෙන article ලිවීම කළ යුතුයි. හරියට ඇපල් ගසක් සිටුවීම ගැන විස්තර හොයාගෙන එන කෙනෙක්ට ලෝකයේ තිබෙන ඇපල් ගස් වර්ග ගැන විස්තර ගොඩක් ලිව්වා කියලා ප්‍රයෝජනයක් නෑ. බොහෝ විට words ගණන වැඩි article rank වීමට වැඩි ප්‍රවනතාවයක් තිබුනත් words ගණන වැඩි වූ පමණින් එය සිදුවන්නේ නෑ. අදාල keywords වැඩි වාර ගණනක් දැමූ පමණින් එය සිදුවන්නේද නෑ.

  • Competition වැඩි keywords යොදාගැනීම.

websites හදන බොහෝ දෙනෙක් දැන දැනම හෝ සමහරවිටක නොදැන high cpc හෝ high competition keywords යොදාගන්නවා website එක සදහා. මේකත් ලොකු හේතුවක් වෙනවා යම් අවස්ථාවල අසාර්ථක website එකක් ගොඩනැගෙන්න. අලුතෙන් හදපු website එකකට SEO කර traffic එකක් ගන්න උත්සහ කරද්දී competition අඩු keywords යොදාගැනීම ඉතාම යහපත් මුල් අවදියේදී. ඒ වගේම තමයි බොහෝ අය වර්තමානයේදී Keyword Difficulty (KD) වල අගය මත පමණක්ම පදනම් වෙමින් website එකක් සෑදීම සදහා keywords තෝරාගැනීම සිදුකරනවා. මෙහිදීද competition එක වැඩි keywords තෝරාගැනීමට සහ නිවැරදි පදනමකින් තොරවූ keywords තෝරාගැනීම සිදුවෙනවා.

  • SEO ගැන ප්‍රමාණවත් තරම් දැනුම මදිකම.

බොහෝ අවස්ථාවල දැකගන්න ලැබෙනවා SEO ගැන නිසි අවබෝදයක් නොමැතිකම නිසා වරද්දගත්ත අවස්ථා. SEO දැනුම අත්‍යවශ්‍ය සාදකයක් බවට පත් වෙනවා google වගේ search engine වලින් traffic ගන්න බලාපොරොත්තු වෙනවා නම්. බොහෝ නවක අය සිතනවා yoast, rank math වගේ SEO plugin එකක් දමාගෙන අවශ්‍ය සැකසුම් සැකසීම සම්පුර්ණ SEO කිරීමක් විදියට. ඇත්තටම plugin එකකින් අපේ වැඩ ටික පහසුකර දෙනවා ඇරෙන්න ඒක මත හැමදේම තීරණය වෙන්නේ නෑ. එම නිසා SEO plugin එකක් දැමු පමණින් website එකක් rank වෙන්නේ නෑ.

සාර්ථක website එකක් නිර්මාණයේදී අවධානය යොමු කළ යුතු කරුණු

Website එකක් සාර්ථක විදියට සාදා ගැනීමේදී ඉහත කතා බහ කළ අසාර්ථක වීමට බලපෑමක් ඇති කල හැකි දෑ අවම කර ගැනීමට වග බලා ගැනීම ඉතාම වැදගත් සාදකයක් විදියට හදුන්වන්න පුලුවන්. ඒ වගේම සාර්ථක කරගත හැකි තරම් පිළිවෙලක් ඇති සැලැස්මක් සහිතව website එක නිර්මාණය කරගැනීම කළයුතු වෙනවා. ඉතින් මෙහිදී අවදානය යොමු කිරීම වැදගත් යැයි සැලකිය හැකි ප්‍රධාන කරුණු කිහිපයක් ඔස්සේ මේ ගැන කතා බහ කළ හැකිය.

  • Website එකට visitors ලා ගෙන්වා ගන්නෙ කොහොමද?

Website එකක් නිර්මාණය කිරීමට ප්‍රථම website එක සදහා මිනිස්සු (visitors/traffic) ගෙන්වා ගන්නේ කෙසේදැයි සැලසුම් කරගත යුතු වෙනවා මොකද මිනිස්සු එන්නේ නැත්තන් මුදල් ඉපයීම කරන්න වෙන්නෙත් නෑ. website එක තමන්ට හිතෙන, තමන් ආස සහ දන්න කියන අය කියන දේවල් සහ හරියට යමක් නොදැන දන්නවා වගේ කියන මේ සෑම කෙනෙකුටම සහ සෑම දෙයකටම ප්‍රමුකත්වයක් දීමෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ සියල්ල ඇතුලේ ඔබට නිසි දැක්මක් සැලැස්මක් තිබිය යුතුයි සාර්ථක website එකක් ගොඩනගන්න නම්. වර්තමානයේ website එකක් සදහා මිනිස්සු ගෙන්වා ගන්න ප්‍රධාන ක්‍රම කිහිපයක්ම දැකගන්න පුලුවන් ඒ අතරනින් search engine තුළින් ලබාගන්න organic traffic එකට විශේෂ තැනක් හිමිවෙනවා. මේ search engine තුලින් ලබාගන්න traffic එකට තමා SEO කරලා traffic ගන්නවා කියන්නේ. 

ඊට අමතරව social media මගින් traffic ලබාගැනීම, google adword, taboola, content ad වගේ විවිද  advertising companies වල ads පළ කිරීම. විවිද forums සහ videos මගින් වගේම විවිද website තුල ad spaces ලබාගැනීම තුලින්ද traffic ලබා ගැනීම සිදුවෙනවා. මේ අතරින් අපි කතා බහ කිරීම සිදු කරන්න යන්නේ search engine optimization (SEO) සම්බන්දවයි.

search engine වලින් traffic ලබා ගැනීමට නම් මුල සිට අග දක්වා website එකේ කරන සෑම දෙයක් තුලම නිවැරදි පදනමක් යටතේ SEO කිරීම සිදුකලයුතු වෙනවා. මේ සදහා SEO ගැන පැහැදිළි අවබෝදයක් ලබාගෙන සිටීම සහ ඔබ සාදන්න සැලසුම් කරන website එකට ගැලපෙන ක්‍රමවේදයන් භාවිතා කිරීම කලයුතුවෙනවා. මොකද SEO වලදී ranking factors බොහෝමයක් හදුන්වා දී තිබෙන නිසා එකෙන් ඔබට ලේසිම කීපයක් පමණක් සිදුකිරීම ප්‍රමාණවත් නොවෙන්න පුලුවන්. ඔබේ website එක ranking වල උඩට ගෙන ඒම සදහා කල හැකි සහ කළ යුතු සෑම දේම කිරීමයි වැදගත් වෙන්නේ. මේ සම්බන්දව වැඩිපුර සවිස්තරාත්මකව ඉදිරි කොටස් තුලින් කතා කරමු.

  • මුදල් ඉපැයීම සිදුකරන ආකාරය කුමක්ද?

සෑම විටම වගේ website එකක් සාදන කෙනෙක් මුදල් ඉපැයීමට වැඩි අවදානයක් යොමු කරන නිසා website එක තුලින් කුමන ක්‍රමවේදයක් ඔස්සේ කොයි ආකාරයෙන් මුදල් ඉපැයීම සිදු කරන්නේද යන්න website එකක් සැළසුම් කරන අවදියේ සිටම අවදානයක් යොමු කළ යුතු වෙනවා. website එක සාදා අවසානයේ website එකකින් මුදල් ඉපැයිය හැකි ක්‍රමවේදයන් පිලිබදව අවදානය යොමු කිරීම සාර්ථක ක්‍රමයක් නෙවෙයි. website එකකින් මුදල් ඉපැයිය හැකි ක්‍රමවේදයන් කිහිපයක්ම තිබුනත් ප්‍රධාන වශයෙන් සහ වැඩි ප්‍රමුකත්වයක් තිබෙන්නේ ad publisher කෙනෙක් වීම සම්බන්දව සහ affiliate marketing සිදුකිරීම සම්බන්දවයි. 

adsense-vs-affiliate-marketing

Affiliate Marketing කියන්නේ දැනට අපිට website එකකින් ඉපැයීම ගැන කතා කරද්දී හමුවෙන ප්‍රධානම ක්‍රමය ලෙස හදුවන්න පුලුවන්. මේ ක්‍රමය අපේ රටේ නම් තවම එතරම් ජනප්‍රියම ක්‍රමයක් නෙවෙයි. නමුත් ලෝකයේ ඉතාම සාර්ථක සහ ඉතාම ජනප්‍රිය ක්‍රමයක් මොකද වැඩිම අදායමක් ඉපැයිය හැකි ක්‍රමයක් වන නිසා. මෙහිදී සරලවම වෙන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් අපේ website එක හරහා promote කිරීමක් එහෙම නැත්තන් website එකට එන කෙනෙක්ට මිලදී ගැනීමට සැලැස්වීමක්. මෙහිදී වංචනික ලෙස promote කිරීමක් නෙවෙයි සිද්දවෙන්නේ. බොහෝ විට යම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමට පෙර එහි ගුණදොස් හොයාගෙන එන අයට, භාණ්ඩ හා සේවා සංසන්දනාත්මකව හොයන අයට, යම් ගැටලු, ප්‍රශ්න වලට විසදුම් හොයාගෙන එන අයට තමාට ගැලපෙනම දේ මිලදී ගැනීමට මග පෙන්වීම තමයි වෙන්නේ. මේ ආකාරයෙන් ඔබේ referral link මගින් යම් කෙනෙක් මිලදී ගැනීමක් කලොත් ඒකට අදාල commission එකක් ඔබට ලැබෙනවා. මේ commission මුදල් අගය මත පදනම්ව ප්‍රතිශතාත්මකව හෝ ස්ථාවර අගයක් විය හැකියි. මේවාට CPA (Cost-Per-Acquisition) හෝ CPL (Cost-Per-Lead) විදියට හදුන්වන්න පුලුවන්.

Ad publisher කෙනෙක් විදියට website එකකින් මුදල් ඉපැයීම ගැන කතා කරද්දී තමයි අපිට ලංකාවේ බොහෝ දෙනෙක් කරන google adsense ගැන කතා කරන්න හැකිවෙන්නේ. adsense වලට අමතරව ලෝකයේ ගොඩක් ad publisher networks තියෙනවා. Media net, Taboola, Ezoic, Mediavine, AdThrive යනු තවත් තවත් එවැනි  ad publisher networks කිහිපයක්. ඔබේ website එක තුල දැන්වීම පළ කිරීමට අවස්ථාව ලබා දීම තමයි මෙහිදී සිදුවෙන්නේ. මේවාට CPC (Cost-Per-Click) network හෝ යම් අවස්ථාවල CPM (Cost-Per-Thousand) (impressions) network විදියට හදුන්වන්න පුලුවන්.

ඒ අතරින් සමහර ඒවා සමහර website වලින් adsense වලටත් වඩා මුදල් ඉපැයීම සිදු කළ හැකි අතරම සමහර ඒවායෙන් එසේ කළ නොහැකියි. කෙසේ නමුත් මෙහිදී තමාගේ අභිමතය පරිදි තමාගේ අවශ්‍යතාව සහ තමාගේ website එකට ගැලපෙන මෙන්ම යොදාගත හැකි ad publisher network එකක් භාවිත කල හැකියි. කුමන ad network එකක් භාවිත කලත් එම භාවිත කරන්න බලාපොරොත්තුවෙන ආයතනය අපේ website එක තුලින් බලාපොරොත්තුවෙන පරිසාදන මට්ටමට (requirements) ගැලපෙන්න අපේ website එක සාදා තිබිය යුතු වෙනවා අදාළ ad network එක අපේ website  එකේ භාවිතා කරන්න approve එක ලබාගන්න නම්. ඉතින් මේ ගැන අවදානය යොමු කලයුතු වෙනවා ad networks භාවිතා කරන්න සැලැස්මක් තිබෙනවා නම්. 

උදාහරණයක් විදියට ගත්තොත් adsense වගේ ad publisher network එකක් භාවිතා කරන්නේ නම් සාපේක්ෂව ඉතාම ඉහල දැඩි නීති රෙගුලාසි ප්‍රමාණයක් තිබෙනවා අවදානය යොමු කළ යුතු. ඒ අතරින් adsense approve කිරීමේදීත් website එකේ අතර්ගතයේ (content/articles) ගුණාත්මක භාවය සහ අතර්ගතය කුමක් ගැනද යන්න වගේ කරුණු ගැන වැඩි අවදානයට ලක්කෙරෙනවා. adsense approve කිරීමේදී website එකට පැමිණෙන traffic එක කොච්චරද යන්න වැඩි අවදානයක් නොදැක්වුවත් Ezoic, Mediavine, AdThrive වගේ ආයතන traffic මත පදන්මවයි ප්‍රධාන ලෙස approve කිරීම නොකිරීම තීරණය කරන්නේ.

විශේෂයෙන්ම adsense වගේ නම් කරන්න කලින් AdSense Program policies සහ Content guidelines සම්බදව google විසින් නිකුත් කර ඇති විස්තර ඇතුළත් pages කිහිපය website එක ආරම්භයට පෙරම කියවා පරික්ෂා කිරීම ඉතාම වැදගත්. මෙමගින් පස්සට සිදුවෙන අපහසුතා මග හරවා ගැනීම කළ හැකියි. 

  • ඔබේ website එක සාදන්නේ කුමක් ගැනද?

මෙහිදී ඔබට website එක තුලින් ඉපැයිය හැකි ආදායම ගැන අවදානය යොමු කරන්නේ නම් ඔබේ website එක තුළින් target කරන්නේ මොනවගේ audience එකක්ද? මොනවගේ රටක්ද යන්න වැදගත්වෙනවා. අන්තර්ජාල හරහා මිලදී ගැනීම් අඩු රටවල් target කිරීම තේරුමක් ඇති වැඩක් වෙන්නේ නෑ affiliate marketing වලදී. ඒවගේම තමා ad publisher networks යොදාගැනීමේදීත් CPC අගයට සැලකිල්ලක් දැක්වීම වරදක් නෑ target කරන රටට අදාළව. ඇමෙරිකානු, යුරෝපා රටවලට සාපේක්ෂව ආසියානු, අප්‍රිකානු රටවල් වල බොහෝවිට ad click එකකට ගෙවන CPC අගය ඉතා අඩුයි.

ඒ වගේම මෙහිදී ඔබ දන්නා දෙයක් ගැන හෝ ඔබ පැහැදිලි අද්‍යනයක් කරන තිබෙන හෝ හොද අද්‍යනයක් කළ හැකි දෙයක් සම්බන්දව website එකක් පටන් ගැනීම ඉතා වැදගත්වෙනවා මොකද කිසිම දැනුමක් නැති දෙයක් ගැන website එකක් හදන්න ගත්තොත් බොහෝවිට ඔබ කරන්නේ අන්තර්ජාලයේ තිබෙන කරුණු ටිකම ඔබේ භාෂාවෙන් නැවත ලියා website එකට යොදාගැනීමයි. මෙහිදී කිසිම අලුත් දෙයක් අන්තර්ජාලයට එකතුවීමක් සිදුවෙන්නේ නෑ. ඒ වගේම තමා බොහෝවිට google search engine එකට කිසිම සාදාරණ හේතුවක් ඇති වෙන්නෙත් නෑ දැන් පවතින google results පස්සට ඇද දමා ඔබේ articles ඉස්සරහට දමන්න. මේ නිසා දන්නා දෙයක් ගැන අලුත් දේවල් සහ ඔබේ අත්දැකීම කතා කිරීම ඔබට සාර්ථක වෙන්න පහසු කරනවා.

එම නිසා website එක හදන්න මාතෘකාවක් (topic/niche) එකක් තොරගනිද්දී ඔබ website එක හදන්න යන niche එකට අදාළව එහෙම නැත්තන් එම topic එකට අදාළව ඔබ හොද දැනුමකින් යුතු expert කෙනෙක් වීම ඉතාම යහපත් දෙයක්. මොකද එතකොට කොහොමත් ඔබට අන්තර්ජාලයේ නැති අලුත් දෙයක් කරන්න ලේසි වෙනවා.

ඒ වගේම ඔබට website එක සෑදිය හැකි ඔබ දන්නා දේවල් අතරින් තරගකාර්ත්වය අඩු topic එකක් තෝරාගැනීම ඉක්මනින් traffic එකක් ලබාගෙන සාර්ථක website එකක් සෑදීම පහසු කරනවා.

website එකක් සෑදීමේදී topic එකක් තෝරාගැනීමේදී තව දුරටත් මේ ලිපියේ පලවෙනි කොටසේ කතා බහ කළ Google එක විසින් නිකුත් කර ඇති  update එකක අන්තර්ගතයක් වන expertise, authoritativeness, සහ trustworthiness (E,A,T) ගැන සැලකිල්ලක් දක්වන්න වෙනවා. මෙහි අදහස E-A-T මටට්මට නොගැළපෙන website එකක් Google එකේ ranking වල උඩට එන්නේ නැතිම බව නෙවෙයි නමුත් E-A-T කියන්නේ වර්තමානයේදී බැහැර කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. Google එකට E-A-T මගින් සැබෑ ගුණාත්මක බවින් යුතු තොරතුරු සහිත වෙබ් අඩවි පරිශීලකයන්ට භාවිත කරන්න අවස්ථාව දියහැකි වෙනවා.

E-A-T ගැන කතා කරද්දී අපිට YMYL ගැනත් කතා කරන්න වෙනවා මේකත් Google එක විසින් දුන්න update එකක්. YMYL කියන්නේ “Your Money or Your Life” මෙහි අදහස වෙන්නේ ඔබේ වෙබ් අඩවිය පරිශීලනය කරන්නන්ගේ happiness, health, safety, or financial stability වගේ දේවල් වලට බලපෑමක් ඇති කල හැකි content ඇතුළත් වෙන website එකක් නම් ඔබ හදන්නේ, ඒක අලුත් website එකකට නම් rank කරගද්දී ලේසි දෙයක් නොවන බව. YMYL content rank කරගද්දී හොද E-A-T එකක් තිබීමද ඉතා වැදගත් දෙයක් වෙනවා මොකද මේ වගේ topics ගැන වගකීමක් නැති කෙනෙක් විදියට website එකක් කරනවා කියන්නේ පරිශීලකයන් අමාරුවේ වැටෙන කාරණාවක්. උදාහරණයක් විදියට වැරදි වෛද්‍ය උපදෙසක් දුන්නොත් website එකකින් එහි බලපෑම පරිශීලකයාගේ ජිවිතයෙන් වන්දි ගෙවීමක් දක්වා වුනත් යන්න පුලුවන්. එම නිසා හොද E-A-T එකක් ගොඩනැගුනු විශ්වසනීය websites වලට ලොකු අවස්ථාවක් තියෙනවා YMYL වර්ගයේ content rank වෙන්න.

තව දුරටත් YMYL යටතට පහත category වලට අයත් topics හදුනාගන්න පුලුවන්.

  • Groups of people
  • Heath and safety
  • Shopping
  • Finance
  • Civics, law, and government
  • News and current events

මේ දක්වා කතා කල සියලු කරුණු කෙරෙහි ලොකු අවදානයක් දෙන්න සිදු වෙනවා සාර්ථක website එකක් ආරම්භ කරද්දී. තව දුරටත් තමාගේ පෞද්ගලික ඉලක්ක වෙනුවෙන් තවත් කරුණු ඇතුලත් කරමින් website එකක් සැලසුම් කිරීම කල හැකියි. නමුත් පොදුවේ ගත්කළ ඉහත කරුණු ඔබට ප්‍රමාණවත් වේවි සාර්ථක website එකක් නිර්මාණය කරගන්න. අමතර දේවල් ඉදිරි කොටස් තුලින් අපි කතා කරමු.

Loading

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!