Select-DOMAIN-NAME

Domain Name එකක් තෝරාගැනීමේදී ඔබ සැලකීමත් විය යුතුම කරුණු

ඔබේ Website එක සදහා නිවරදි ලෙස Domain එකක් තෝරගන්න අදහසක්

Domain කියන්නේ මොනාද කියලා අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැනේ. Website එකේ නම එක්කෝ Link or URL එක වගේ ඊට වඩා සරල සිංහල තේරුම මොකක්ද කියල නම් මට කියන්න තේරෙන්නෙත් නැ. උදහරනකින් කියනවා නම් www. YourDomainName .com

මුලිකවම Domain Names, වර්ග 3ට තම බොහෝ විට වර්ග කර දක්වන්නේ.
1) Extract Match Domain (EMD)
2) Partial Match Domain (PMD)
3) Branded Domain

Extract Match Domain (EMD)

සරලව කියනවා නම් Website එක හදන Keyword එකට හරියටම ගැලපෙන්න Domain Name එකත් තෝරාගන්න එකට තමා Extract Match Domain කියන්නේ එහෙමත් නැත්තන් EMD කියලා කියන්නේ.
හිතන්න මගේ Keyword එක “Vegetable Soup” Domain Extension එක .com
මෙයට අනුව මගේ Domain එක www. vegetablesoup .com

දැනට වසර කීපයකට කලින් විතර මේවගේ Domain එකක් ගත්ත කියන්නේ ගොඩ තමා මොකද SEO හොදට කරා වගේ, Google එකේ Website එක Rank කරගන්න එච්චර ලොකු අමාරුවක් නැ. එත් 2012 දී සිදුවෙන Google Update එකෙන් පස්සේ මේ Domain Name වලට තියෙන මේ බලය අඩු වෙනවා. මේ වගේ Domain එකක් අරන් කිසි වටිනාකමක් නැති Content දාලත් Website Rank වුණා. මේ Update එකෙන් පස්සේ සේරම එක රැයකින් ම වගේ වටිනාකමක් නැති Content වලින් Google වල රජ කරපු Website වලට ආගිය අතක් නැති වුණා.

ඉතින් දැන් මේ වෙද්දී Extract Match Domain එකකට එච්චර ලොකු SEO Power එකක් නෑ, ඒ නිසා Google Rank කරගන්න හිතාගෙන මේ වගේ එකක් ගත්ත කියලා මැජික් පෙන්නන්න බෑ. ඒ විතරක් නෙවෙයි මේ වද්දී Extract Match Domain එකක් අරගෙන Google Rank කරගන්න හදන එක ගොඩක් සිරු මාරුවට කරගන්න ඕන වැඩක්, Google එකෙන් තාම මේ වර්ගයේ Domains Black List කරලා නැති වුනත් Over-Optimization වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. ඉතින් Google එකෙන් Penalize වෙන්න පුළුවන්, ඊට පස්සේ ඉතින් Rank කරගන්න එක ඉතින් කරන්න අමාරු වෙනවට වඩා කරගන්න බැරි තත්වයක් තියෙන්නේ. එක පැත්තකින් මේ වගේ Domain එකකින් Website එකක් හැදුවම කතා කරන්න වෙන්නේ හරියටම එම Keyword එකට අදාලම කරුණු ටික විතරයි. මුලු Website එකටම Article එකක් දෙකක් ලිව්වා වගේ වෙන්නත් පුළුවන් ඉතින් 😀 කොහොම වුනත් මේ වර්ගයේ Domain එකක් කිසිම විටක නොගෙන ඉන්න තරමට වාසි දායකයි.

Partial Match Domain (PMD)

තෝරාගත් Keyword එකට කොටසක් පමණක් ගැලපෙන්න ගන්න Domains වලට තමා Partial Match Domain කියන්නේ. කලින් උදාහරණයට අනුව මේ යටතට ගන්න පුලුවන්.
www. freshsoup .com
www. homemadesoup .com
www. souplovers .com
www. jennysoup .com

මේ වගේ ගොඩක් තෝරාගන්න පුළුවන් ඉතින් කැමති පරිදි.

Extract Match Domain වල ප්‍රශ්න මේකෙදි ගොඩක් අවම වෙනවා, ඒ නිසා Partial Match Domain එකක් තෝරාගන්න එක වාසි දායකයි. මොකද Domain එක දැක්ක ගමන් අදුන ගන්නත් පුලුවන් මොනවා සම්බන්ද Website එකක්ද කියල. Keyword එක සමග Niche හෝ මොකක් හරි නමක් ගමක් එහෙමත් නැත්තන් Brand Name එකක් වගේ වුනත් යොදාගන්න පුලුවන්. Over-Optimization ගැනත් ටිකක් හිතනවා නම් හොදයි නමුත් එතරම් ලොකු ප්‍රශ්නයක් නැ. මේ වගේ Domain Name ඉතින් ඕන තරම් හොයාගන්න පුලුවන් Google SERP එකේ 1st Page වල.

මොකක්ද මේ Over-Optimization කියන්නේ?
සරලව කියනවා නම් ඔබ Google එකට පුම්බ, පුම්බ මේක තමයි මගේ Keyword එක, මේක ගැන තමා මගේ Website එකේ තියෙන්නේ වගේ එකක් ඕනවට වඩා පෙන්නන්න හදන වගේ එකක් තියෙන්නේ එකේ, ඔබේ Website එක ඔබේ මනමාලි නම්, ඔබ Keyword කියන Make Up එක ඕනවට වඩා දාන්න ගියොත් වැඩේ චා වෙනවා, ඒ වගේ තමා. Keyword විතරක් නෙවෙයි තව backlinks ගහද්දී Anchor Text දාද්දීත් හිතන්න වෙනවා. වැඩිපුර දැනගන්න ඕන අයට Google එකේ ඇති විස්තර.

මේ වගේ Domain එකක් තෝරාගන්න namemesh.com වගේ Website එකකින් idea එකක් ගන්න පුළුවන්.

Branded Domain

Domain එක විදියට පුද්ගලික, ආයතනික හෝ මොකක් හරි විදියේ නමක් යොදාගන්න එක තම Branded Domain එකක් කියන්නේ. දිගු කාලීන සැලසුමක් ඇතුව Website එකක් පටන් ගන්නවා නම් මේක තමා හොදම සහ සාර්ථකම විදිය කියල කියන්න පුලුවන්. මේ වගේ Domain එකක තියෙන පාඩුව තමා නොදන්නා කෙනෙක්ට එක පාරටම කියන්න බෑ දකින්නේ නැතුව මොකක් සම්බන්ද Website එකක්ද කියලා. ඒ කොහොම වෙතත් මේ වර්ගයේ Domains හොදම option එකක් Domain Name එකට. මොකද ඔබට SEO Optimize කිරීමට Domain එක තුල Keywords තිබීම අවශ්‍ය කාරණාවක් නොවෙයි. එය බැහැර කල හැකි කාරණාවක්.

උදාහරණ විදියට:
www. amazon .com
www. alibaba .com
www. webmd .com
www. bbc .com
www. shoutmeloud .com
www. miakhalifa .com

මුලික වශයෙන් ඔය වර්ග තුනට තමා හැම Domain එකක්ම වගේ වර්ග කරන්න වෙන්නේ. තව දුරටත් Domain Name එකක් තෝරාගැනීමේදී මේ කාරණා ගැනත් සලකා බලන්න පුලුවන්.

  • කෙටි, පහසුවෙන් කියවන්න සහ මතක තියාගත හැකි Domain Name එකක් තෝරාගන්න.
  • ඔබ PMD එකක් තොරගත්තත් එහි ඔබේම unique brand name එකක් තිබීම හොද වේවි.
  • කිසිම විටක වෙනත් ප්‍රසිද්ද brand name එකක් හා සමගාමී Domain Name එකක් තෝරාගන්න එපා. (amazonsoup .com)
  • Numbers or hyphens වගේ දේවල් තියෙන Domain Name හේතුවක් නැතුව තෝරාගන්න එපා.

Click Here More.

Domain Extension

Domain Extension එක තම අර .dot එකට පස්සේ එන කෑල්ල.
.com, .net, .org, .info, .biz
.lk, .co, .co.uk, .ca, .us, .co.au, .nyc
.edu, .gov, .gov.lk,
.shop, .online, .me

Domain Extension
Domain Extension

Domain එකක් තොරගද්දී Domain Extension එක ඔබට ඕන ඕන විදියට තෝරාගෙන බෑ මොකද මේවටත් වෙනම තේරුමක් තියෙනවා, බොහෝ විට යම් කිසි රටකට, ප්‍රදේශයකට හෝ වෙනත් Category එකකට අදාල ඒව. එම නිසා ඒ පිලිබදව නිසැකම සැලකිලිමත් වෙන්න වෙනවා. ඔබ යම්කිසි රටක්, ප්‍රදේශයක් ඉලක්ක කර Website එකක් සාදන්නේ නම් එයට අදාල Domain Extension එකක් තෝරා ගන්න එක වඩාත් හොදයි, මොකද Google SERP එකේ ඉස්සරහට එන්නත් ඒක පහසුවක් වෙනවා.

.lk – Sri Lanka
.co.uk – United Kingdom
.ca – Canada
.co.au -Australia
.nyc – New York City

.edu – Education
.gov – Government

.com, .net, .org, .info වර්ගයේ Domains ඔබට ඔනෑම වර්ගයේ Website එකක් සදහා යොදාගත හැකියි, එම නිසා එවැනි වර්ගයේ Domain Extension එකක් තෝරාගන්න එක හොදයි ඔබට ඉලක්කගත වෙනත් කාරණාවක් නොමැති නම්. විශේෂයෙන්ම .com වර්ගයේ Domain එකක් යොදාගන්න බලන්න.

මේක topic ලොකුවට ඇදන් යන්න බලාපොරොත්තුවක් නෑ. සියල්ල සොයා බලා අවසාන තීරණයට එළබෙන්න. මතු සම්බන්දයි. 😀

Buy a Domain Name ($0.99 Year Only)

Search and buy domains from Namecheap

අඩුම මිලකට Lifetime privacy protection සහිතව domains මිලදී ගන්න

Domains ගැන වැඩිදුර අද්‍යනය සදහා හා domain එකක් නිවැරදිව තෝරාගැනීම සදහා පහත video එක නරබන්න.

අඩුම ගානකට ගන්න පුළුවන් හොදම hosting එක domain name එක free

HostArmada - Affordable Cloud SSD Web Hosting

Read More Articles.

Google Adsense ගැන තේරෙන සිංහලෙන්ම

Keyword Research එක සහ Website එකේ Content (Articles) ගැන අදහසක්

Loading

1 thought on “Domain Name එකක් තෝරාගැනීමේදී ඔබ සැලකීමත් විය යුතුම කරුණු”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!