google-adsense-sinhala

Adsense වලින් මාසික ස්ථිර අදායමක් උපයන්න website එකක් පටන් ගමු

අන්තර්ජාලයෙන් ගෙදරට වෙලා මුදල් උපයන්න හැමෝම කැමතී. ඉතින් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් සාර්ථකම ක්‍රමයක් තමයි Google Adsense කියන්නේ. Adsense වලින් මාසිකව ස්ථිර අදායමක් උපයන්න තිබ්බොත් ඇත්තටම ඒක හැමෝගෙම ජිවිත වලට ගොඩක් වටිනා දෙයක් වෙයි කියල හිතනවා. Adsense ගැන තේරෙන sinhalen ඉගෙන ගන්න තමයි මේ ලිපිය.

කලිනුත් අපි ගොඩක් දේවල් adsense ගැන කතා කරලා තියෙනවා, නමුත් ඒ හැමදේමත් ඇතුලුව මේකෙදි ඊට එහා ඔබ්බට ගිහින් ඔබට adsense වලින් මුදල් උපයන්න පටන් අවශ්‍ය website එකක් ආරම්භ කිරීමට අවශ්‍ය මග පෙන්වීමද ලැබෙනවා.එහෙනම් අපි කතාවට බහිමු ආයේ මුල ඉදලා හැමදේම.

Google Adsense මගින් මුදල් ඉපයීමේ ක්‍රියාවලිය

Google Adsense කියන්නේ Google සමාගමට අයිති අනුබද්ධ සමාගම් වලින් එකක්. මේකෙන් තමා අපේ website එක දැන්වීම් ප්‍රචාරණය සදහා සුදුසු ගුණාත්මක භාවයකින් තිබේද යන්න පරික්ෂා කර බලා දැන්වීම් ප්‍රචාරණය සදහා අවස්ථාව ලබා දෙන්නේ. Google Adword ආයතනය වෙත දැන්වීම් පළකිරීම සදහා ලෝකේ බොහොමයක් ආයතන හා පුද්ගලයන් විසින් ලබා දෙන්නාවූ දැන්වීම් (Ads) තමයි මේ විදියට adsense ආයතනය මගින් අප website තුල පලකිරීමට අවස්ථාව ලබා දෙන්නේ. ඉතින් ලෝකේ තිබෙන විවිද ආයතන හා පුද්ගලයන් විසින් Adword ආයතනය වෙත මේ සදහා එක් දැන්වීම් click කිරීමක් උදෙසා කරන ලද ගෙවීමෙන් 68% කොටසක් තමා අපේ website එකට එන්නාවූ අයකු විසින් අප website එකේ පළකර ඇති දැන්වීමක් click කළහොත් අපහට adsense ආයතනය විසින් ගෙවනු ලබන්නේ. එම ක්‍රියාවලිය තමා adsense මගින් මුදල් ඉපයීමේදී සිදු වෙන්නේ. මෙය ඉතා පුංචියට පෙනුනට ඔබේ website එකට දෛනිකව බොහොමයක් පරිශීලකයන් එන්නාවූ website එකක් නම් මාසිකව $100- $10000 හෝ ඊට වැඩි ප්‍රමාණයක් දක්වාද ඉපයීම සිදු කල හැක.

Adsense සදහා ගෙවීම් සුදුකරන ප්‍රමාණයන් මුලික වශයෙන් කරුණු කීපයක් මත රදාපවතී.

  • මුලික වශයෙන් Website එකට Traffic (Visitors) එන Country එක මත, සාමාන්යෙන් American, European වැනි රටවල් සදහා වැඩි මුදලකුත් Asian හා African රටවල් සදහා ඉතා අඩු මුදලකුත් ගෙවයි. මෙයට adword වෙත දැන්වීම් පළකිරීම සදහා පාරිබෝගිකයන් ගෙවන මුදලේ අඩු වැඩිය බලපායි.
  • ඔබේ Website එක තුල පෙන්වන Ads මත. තරගකාරිත්වය වැඩි ව්‍යාපාරික Ads සදහා වැඩි මුදලක් ගෙවයි තරගය අඩු වෙන තරමට ගෙවන මුදලත් අඩුයි. මේ සදහා දැන්වීම වෙන්වන ලද Visitor ගේ රුචි අරුචිකම්ද බලපෑමක් ඇති කරයි.
  • Website එකට Traffic එන Traffic Source මත. කුමක් ඔස්සේද Visitors ලා ඔබේ Website එකට පැමිනෙනේ. Google, Yahoo, Facebook, Twitter, Youtube, Other Website’s Ads වැනි දේ ඔස්සේ විය හැක. නමුත් මින් Google හරහා එන Traffic වල Ad Click සදහා වැඩිපුර ගෙවයි.
  • Website එක සදා ඇති Niche, Category මත සහ භාවිත කර ඇති Keywords මත ගෙවීම අඩු වැඩි වේ.
  • Google Adsense ගිනුමේ Active භාවය මත යම් අවස්ථා වල. නිතරම Ad Click සිදුවන්නේ නම් ඔබට යම් මටටම්කින් ගෙවන මුදල වැඩි වීමේ අවස්ථාව ඇත.

සාමාන්යෙන් Ad Click එකක් සදහා $0.01 පමණ සිට $5 පමණ දක්වා බොහොමයක් websites සදහා ගෙවීම් වෙනවා. ඊට අමතරව යම් websites සදහා $5-$15 අතර දක්වාද, යම් සුවිශේෂී සිම්ත ප්‍රමාණයක් Ads සදහා $15 -$300 පමණ දක්වා හෝ ඊට වැඩියෙන් ද ගෙවන අවස්ථා පවතී. වැඩිම ගෙවීමක් සිදුවෙන්නේ $0.01- $4 දක්වායි. Asian Countries සදහා $0.01 -$0.40 බොහෝ විට ගෙවීම් සිදුවේ. American, European Countries සදහා $1 වැඩි ප්‍රමාණයක් බොහෝ විට ගෙවනු ලබයි.

මාසිකව ඔබට දල වශයෙන් 0.1 බැගින් ගෙවන ලද Ads clicks 1000 ලැබුනහොත් මාසිකව $100ක පමණ මුදලක් ලබා ගත හැක. ($0.1 x 1000= $100) ඔබට මසකට $1 බැගින් ගෙවන ලද Ads clicks 1000ක් ලැබුණොත් මාසිකව $1000ක මුදලක් ඉපයිය හැක. ($1 x 1000= $1000) සෑම විටම ගෙවන මුදල් ප්‍රමාණය visitor ගෙන් visitor ට වෙනස් අගයක් ගැනීමට හැකියාව ඇත. ඉතින් ඔබට ඉහල මුදලක් ඉපයීමට ලොකු අවස්ථාවක් පවතිනවා ඔබේ website එකට ලොකු traffic (visitors) ප්‍රමාණයක් පැමිණෙන්නේ නම්.

එහෙනම් දැන් යම් අදහසක් ඇඩ්සෙන්ස් සම්බන්දව පැමිණෙන්න ඇති කියල හිතනවා, දැන් අපි බලමු කොහොමද මුදල් ඉපයීමේ අරමුණින් සාර්ථකව website එකක් ආරම්භ කරන්නේ කියලා.

Dreamhost - Affordable Cloud SSD Web Hosting

Website ආරම්භ කරන්න කලින් සැළකිලිමත් විය යුතු කරුණු

1) ඔබේ website එක යොදාගෙන කුමණ මාද්‍යක් ඔස්සේද මුදල් උපයන්නේ?


මෙහිදී ඔබට යොදාගත හැකි සාර්ථකම සහ බොහෝ දෙනෙක් යොදාගන්නා ක්‍රමවේදයන් බොහොමයක් තිබෙනවා. ඒ අතරින් බොහොමයක් දෙනා අතර ජනප්‍රිය ක්‍රම තමයි google adsense, media net, ezoic ඇතුළු website එක තුළ දැන්වීම් පළ කල හැකි ad network එකක් යොදාගැනීම , ඊට අමතරව amazon, ebay clickbank, commission junction, maxbounty ඇතුලු affiliate programs යොදාගැනීම. එවැනි අමතර ක්‍රම ගැන ඉගෙන ගන්න මෙතන click කරන්න. ways to make money from websites


මෙදිදී ඔබ මුදල් උපයන්න බලාපොරොත්තු වෙන ක්‍රමවේදයන් මත website එක සාදන ආකාරය පිළිබව තීරණය කළ යුතුමයි. නැතිනම් ඔබ බලාපොරොත්තු වෙන සාර්ථකත්වට යන්න අපහසු වේවි.

Adsense මගින් මුදල් ඉපයීම අරමුණු කරණ නිසාවෙන් මුලිකවම Adsense ආයතනය විසින් පනවා ඇති නීති රෙගුලාසි අද්‍යනය කළ යුතු වෙනවා.එම නීති රීති වලට අනුකුළ website එකක් ඔබ සෑදිය යුතු වෙනවා.

2) Website එකට visitors ලා ගෙන්වා ගන්නෙ කෙසේද?

මේ මත තමා සම්පුර්ණයෙන්ම ඔබේ ආදායම තීරණය වෙන්නෙ, එම නිසා ඔබට මෙය නිවරදිව සැලසුම් කිරීම ඉතාමත් වැදගත් කාරණාවක්. visitors ලා ගෙන්වා ගන්න පහසුම ක්‍රමවේදය ලෙස facebook ඇතුලු social media යොදාගැනීම ලෙස සලකන්න පුලුවන්, සාර්ථකම ක්‍රමවේදය වන්නෙ නම් SEO කර website එකක් සාදා ගැනීමයි. ඒ ගැන තමා ප්‍රධාන වශයෙන් අපි කතා කරන්න යන්නේ.

web-traffic-sinhala

social media මගින් මුදල් ඉපයීම අරමුණු කරන්නේ නම් ඔබට දිනපතා ඔබේ audience එකට ගැලපෙන්න article දැමීම තුලින් දෛනික traffic ප්‍රමාණයක් ලබා ගත හැකි වෙනවා. SEO වගේ කාලයක් බලාගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නෑ traffic ලබා ගන්න. එදිනෙදා දාන article වලට එදිනෙදා traffic ලබාගත හැකියි. facebook විසින් ලබා දෙන audience network යන ad network එක යොදාගෙනද මුදල් ඉපයිය හැකියි. social media මගින් traffic ලබාගැනීමේදී සාර්ථකත්වය ප්‍රධාන වශයෙන් රදා පවතින්නේ ඔබේ social media likes, followers මත සහ ඒ අයට ගැලපෙන article ඔබ දානවද යන්න මතයි.

3) Target කරන audience එක මොකක්ද?

මෙහිදී විශේෂයෙන්ම ඔබ website එකට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙන visitors ලා පැමිනෙන රට ගැනත් සිතිය යුතුයි, adsense කරද්දි high cpc (cost per click) වගෙ රටවල් target කිරීම වැදගත් වෙනවා ආදායම වැඩි කරගැනීමට. ඊට අමතරව විශේෂ වූ වයස සීමාවන් සහ සමාජ කොට්ඨාස හා නගර සීමාවල් target කර හැකියි ඔබේ අවශ්‍යතාව පරිදි.

4) ඔබේ website එක සාදන්නේ කුමක් ගැනද?

ඉහත සදහන් කළ සියලු කාරණා වලට අවදානය දෙමින් මේ ගැන සිතා බැලිය යුතුය. මෙහිදී ඔබට ඉක්මනින් google එකේ rank කරගැනීමට හැකියාව පවතින ආකාරයේ topic එකක් තෝරාගෙන සෑදුවහොත් ඔබට ඉක්මනින්ම මුදල් ඉපයීමේ කාර්ය කල හැකි වෙනවා. මේ සදහා ඔබට ගැලපෙන හොද මාතෘකාවක් (topic) සහ article සදහා ගැලපෙන topics තෝරාගැනීමට නිවැරදිව keyword research එකක් කරගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. keyword research එකක් කියන්නේ මොකක්ද සහ කොහොමද කරන්නේ කියල අපි පසුවට බලමු

මිට අමතරව ඔබ මෙහිදී කිසිවිට ඔබේ ප්‍රමුක කාර්ය adsense ගිණුමක් සදා ගැනීම කර නොගන්න. මොකද ඔබ නිවැරදි ලෙස සාර්ථකව website එකක් සදා ගැනීමට හැකි වුවහොත් adsense ලබා ගැනීම එතරම් සිතිය යුතු කාරණාවක් නොවනු ඇත. Adsense වෙනුවට ඕනෑ තරම් විකල්ප ක්‍රමද වර්තමානයේ ජනප්‍රියව ඇත. Adsense වලට විකල්පයක් මෙතනින් බලන්න media net sinhala. Website එකකින් මුදල් ඉපයිය හැකි තවත් ක්‍රම ගැන මෙතනින් බලන්න ways to make money from websites

ඒ කොහම වෙතත් මෙය කළ යුත්තේ හරියට ගෙයක් හදනවා වගේ, ඔබේ පලමු කාර්ය විය යුත්තෙ ගෙදර වහලය සෑදීම නෙවෙයි. සවිමත් අත්තිවාරමක් දමා ගැනීමයි. එහි සවිමත් භාවය මත ඔබට යන්න පුලුවන් ආදායම තීරණය වෙයි, සමහරවිට මේ ගෙය ගොඩනගන්න ඔබට කාලයක් ගත වෙවි, නමුත් නිසකවම එය සාර්ථක වෙවි. ගෙදර වහලය ලෙස සලකන්න පුලුවන් adsense ගිනුම, ඔබ එය මුලින්ම හදාගන්න දැගලුවට ඔබට ලැබෙන දෙයක් නෑ. Approve කරපු adsense ගිනුමක් උනත් visitors ලා එන්නෙ නැති website එකක දාගෙන හිටියා කියලා ඔබට මුදල් එන්නෙ නෑ. එම නිසා අත්තිවාරම හරියට දාගත්තොත් ඔබට මේ ගෙය කැමති පරිදි ලස්සන කරගත හැකි සේම ඔබේ website එක මුල සිට නිවැරදි ආකාරයට පිළිවෙලකට සදගතහොත් ඔබ බලාපොරොත්තු නොවූ සාර්ථකත්වයකට යා හැක.

Keyword Research එකක් කියන්නේ මොකක්ද? අපි හදන website එකට ගැලපෙන්න Keyword Research එකක් කරගන්නේ කොහොමද?

Keyword Research කියන්නේ ඉතාමත් සංකීර්ණ මාතෘකාවක් ලෙස සලකන්න පුලුවන්. මොකද මෙය එකිනෙකාට අවේනික ක්‍රමවේදයන් ඔස්සේ කිරීමේ හැකියාව පවතින නිසා, නිශ්චිතවම මේ විදියට කරන්න ඕනෑමයි කියලා කියන්න බෑ. නමුත් මෙහිදීද යම් පොදු වූ කාරණා පවතිනවා. Keyword Research එක හරි විදියට නොකලත් මෙතනින් ඉස්සරහට කනර අනිත් හැමදේම කොච්චර හොදට කලත් website එක අසාර්ථක වෙන්න පුලුවන්. ඒ නිසා මේ වැඩේදී Keyword Research එක අපිට කරන්න තියෙන ඉතාමත් වැදගත්ම වැඩේ ලෙස හදුන්වන්න පුලුවන්. මෙය නිවැරදිව කළහොත් ඔබේ website එක rank කරගන්න පහසු වෙනවා මෙන්ම මෙම website එක සාර්ථක ගමනක වඩාත් ස්ථිරත්වයක් ඇතුව කරගෙන යන්න හැකි වෙනවා.

Keyword Research එක ගැන මුලික කාරණා ගැන අද්‍යනය කිරීමට මෙම ලිපිය කියවන්න මෙතනින් keyword research sinhala.

Keyword Research එක ගැන නිර්මාණය වුනු මේ video 3 ම නරබන්න, මුල සිට හැමදේම article එකක් ලිවිමට අවශ්‍ය සියලු කරුණු අද්‍යනය කිරීම සදහා.

Youtube Channel එක Subscribe කරන්න

Part 1

Part 2

Part 3

Keyword research ඇතුලු සියලු වැඩ වලට අවශ්‍ය SEO tools මිලදී ගැනීමට අපව සම්බන්ද කරගන්න. contact me

Keyword research කරන tools වල වෙනස් විදියේ ප්‍රතිපල පෙන්වන්නේ කුමක් නිසාද යන කාරණාව මෙම tools භාවිතයේ ඇතිවන ප්‍රදාන ගැටලුවක්, එයට හේතුව කුමක්ද? මේ Video එකෙන්

Keyword research එකට ගැලෙපෙන්න article ලියන්නේ කොහොමද?

Keyword research එක කිරීමෙන් පසු සිදු කල යුතු වැදගත්ම කාරණාව තමා contents එක එහෙමත් නැත්තන් අපේ එකේ දාන articles, ඔබ කොයි තරම් හොදට keyword research එක කරත් article ටික එයට ගැලපෙන්න නිවැරදි ආකාරයට සිදු නොලිව්වොත් ඔබට සාර්ථක ප්‍රථිපල ලබා ගැනීමට නොහැකියි. එම නිසා මෙය keyword research එකේම කොටසක් ලෙස සලකන්න පුලුවන්. කොහොමද article එකක් නිවැරදිව ගොඩනගන්නේ. මේ video එකෙන් බලන්න.

Youtube Channel එක Subscribe කරන්න

ඔබේ website එකට ගැලපෙන්න domain එකක් තෝරාගන්නේ කොහොමද?

Domain name කියන්නේ මොනාද කියලා අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් ඇතියි කියලා මන් හිතන්නේ නෑ. සරලවම කිව්වොත් ඔබේ website එකේ නම ලෙස හදුන්වන්න පුළුවන්, එහෙමත් නැත්තන් website link or URL එක. උදහරනකින් කියනවා නම් www. Domain-Name .com පහත පින්තුරය බලන්න. අපේ website එකට අදාළ domain එකයි ඒක. Domain name ගැන සියලු විස්තර හා domain name එකක් තෝරාගැනීම සම්බදව සියලු කාරණා අද්‍යනය කිරීම සදහා මෙතනින් කියවන්න domain name sri lanka.

domain-name-sri-lanka

Domain name ගැන සහ ඔබේ website එකට domain එකක් තෝරාගැනීම හා මිලදී ගැනීම සිදු කළ යුතු ආකාරය පිළිබදව සම්පුර්ණ විස්තර පහත video එකෙන් නරබන්න.

Domain එකක් මිලදී ගැනීමට පහළ පින්තූරය Click කර පිවිසෙන්න

namesilo coupon code ලෙස wigasa2020 භාවිත කරන්න, එවිට විශේෂ අඩු කළ මිලකට domain එක ලබාගත හැක.

Web hosting එකක අවශ්‍යතාව කුමක්ද? නිවැරදිව hosting එකක් තෝරාගන්නේ කොහොමද?

Website එකක් පටන් ගන්න යන කෙනෙක්ට අවශ්‍යම දෙයක් තමයි Hosting කියන්නේ. ඒත් අලුතෙන් වෙබ් අඩවියක් ආරම්භ කරන්න යන බොහොමයක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි නිවැරදිව තමන්ගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි Web Hosting Service එකක් තෝරාගන්නේ කොහොමද කියන එක. Web hosting කියන්නේ කුමක්ද? අපේ website එකේ හැටියට host එකක් නිවැරදිව තෝරාගන්නේ කොහොමද මේ හැමදේම ගැන මෙතනින් කියවන්න web hosting sri lanka.

ඔබ ආරම්භ කරන්නේ කුඩා හෝ සාමන්‍ය ප්‍රමාණයේ ආරම්භක අවදියේ website එකක් නම්, පහළ පින්තූරය Click කර hosting මිලදී ගැනීමට පිවිසෙන්න, එය ඔබේ website එකට ඉහල ක්‍රියාකාරී ගුණාත්මක භාවයෙන් යුතු සියලු අවශ්‍ය සියලු ආරක්ෂක විදිවිදාන සහිත එකක් වේවි.

මෙය ඉතා වේගවත් hosting package එකක් වෙන අතර, මාසිකව හෝ වාර්ෂිකව ලබා ගත හැක. free domain included
Dreamhost - Affordable Cloud SSD Web Hosting

Buy Web Hosting with a Free Domain

Dreamhost - Affordable Cloud SSD Web Hosting

ඔබට hosting අවශ්‍ය වන්නේ websites කීපයක් සදහා හෝ තරමක් විශාල website එකක් හෝ එදිනෙදා විශාල පරිශීලකයන් එන්නාවූ website එකක් සදහා නම් පහළ පින්තූරය Click කර hosting මිලදී ගැනීමට පිවිසෙන්න. Speed Reaper package

Dreamhost - Affordable Cloud SSD Web Hosting

Web hosting ගැන කරපු Video එක පහලින් නරබන්න

ඊළගට අපි බලමු නිවැරදිව කොහොමද domain name එකක් සහ ඒ සදහා web hosting package එකක් මිලදී ගන්නේ කියලා. මොකද සමහර අලුතෙන් මේ දේවල් කරන්න පටන් ගන්න අයට, මිලදී ගැනීමේ කාර්ය කරද්දී, යම් යම් ගැටලු මතුවෙනවා, ඒ ගැන නිවැරදිව නොදන්නා කම නිසා. පහළ Video එක නරබා එම උපදෙස් අනුගමනය කරන්න.

WordPress platform එකෙන් websites හදන්නේ කොහොමද?

අපි මෙතැනදී website එක නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ wordpress platform එක යොදාගෙන. website එකක් හදන්න ලෝකේ බොහොමයක් ක්‍රම තිබුණත් විශේෂ තාක්ෂණික දැනුමක් නොමැති අයකුට වුවද wordpress යොදාගනිමින් ඉතා පහසුවෙන් ඉක්මනට website එකක් නිර්මාණය කරගැනීමේ හැකියාව පවතී. එමෙන්ම SEO කිරීමට අවශ්‍ය බොහෝ පහසුකම් wordpress මගින් ලබාදෙනවා. මේ නිසාමත් ලෝකේ බොහෝදෙනෙක් අතර wordpress ඉතා ජනප්‍රියව පවතී. ඉතින් අපිත් මේකෙදි යොදාගන්නේ wordpress තමයි.

WordPress Install කරගන්නේ කොහොමද?

ඔබ මිලදී ගත් domain එකට සහ hosting එකට නිවැරදිව කොහොමද wordpress install කරගන්නේ. වර්තමානය වන විට website එකක් නිර්මාණය කිරීමේදී SSL certificate එක අවශ්‍යම සාදකයක් වෙමින් පවතිනවා. SSL certificate යනු website එක පිලිබදව විශ්වාසය ගොඩ නගා ගත හැකි සාදකයක් ලෙසද හදුනා ගත හැක. ඉතින් කොහොමද SSL certificate එක install කරගන්නේ? ඒ හැමදේමත් මේ Video එකෙන් නරබන්න.

WordPress වලින් වැඩ කරන්නේ කොහොමද?

අලුතෙන් මේ වගේ දෙයකට අතගහලා ඉන්න නවක කෙනෙක් නම් ඔබ, ඔබට නිසැකවම wordpress භාවිතය පිළිබද අවබෝදයක් නැතුව ඇති. wordpress වලින් වැඩ කරන විදිය සහ මූලිකව SEO වලට ඔබේ website එක සුදානම් කරගැනීම පිලිබදව ඔබට අවබෝද කරගැනීමට සිදුවෙනවා. ඉතින් ඒ පිළිබදවම මේ Video එකෙන්.

Youtube Channel එක Subscribe කරන්න

SEO කියන්නේ මොකක්ද? Website එකක් SEO කරගන්නේ කොහොමද?

Search Engine Optimization කෙටියෙන් SEO ලෙස හදුන්වනවා. සරලව කිව්වොත් SEO වලදී සිද්දවෙන්නේ අපේ website එක Search engine ranking වල උඩට ගැනීමයි. එසේ කරගැනීම අපට හිතුන පලියට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා එයට අවශ්‍ය සැකසුම් සකස් කිරීම දේවල් සිදු කිරීම මෙහිදී සිදුවෙනවා.

Website එකක් SEO කිරීම කියන්නේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා වගේ මේක ඇතුලේ rocket science නම් නෑ. හැබැයි කම්මලියන්ට නම් ගොඩක් අමාරු වැඩක් වෙන්න පුලුවන්, SEO කිරීම ඇතුලේ කරන්න තියෙන සමහර වැඩ වලට ටිකක් ලොකුවට මහන්සි වෙන්න වෙනවා. සමහර දේවල් අත්හදා බලන්න වෙනවා, නිකන්ම මේ තුළ සාර්ථක වෙන්න කාටවත් බෑ, මොකද SEO කියන්නේ පොතක කලින්ම ලියා අවසන් කරපු තියරි ගොඩක් නම් නෙවෙයි.මේක ගොඩක් practical විෂයක්.

Dreamhost - Affordable Cloud SSD Web Hosting

 

මුලික වශයෙන් Search engine optimization (SEO) අපිට කොටස් දෙකකට වෙන් කර දැක්විය හැකි. ඒ On Site SEO සහ Off Site SEO ලෙස. නම ටිකක් සංකීර්ණයි වගේ පෙනෙනවා වෙන්න පුලුවන්, නමුත් හරි සරල දෙයක් මේකෙන් හදුන්වන්නේ. On Site SEO කියන්නේ අපේ website එක ඇතුලේ ඉදන් අපි SEO කරන දේවල්. Off Site SEO කියන්නේ එකේ අනිත් කොටස, ඒ කියන්නේ අපි website එකෙන් පිටත අපි කරන SEO වැඩ ටිකයි. උදාහරණයක් විදියට backlinks සෑදීම හදුන්වන්න පුලුවන්. මෙහිදී website එකට අදාළ තනි තනි pages වෙන වෙනම SEO කිරීමේ කාර්ය සිදුකිරීමේදී, On Site SEO යන කොටස On Page SEO ලෙස හදුන්වනවා.

On Page SEO කරන්නේ කොහොමද?

On Page SEO ගැන කතා කරද්දී බොහෝ දෙනෙක් අද වෙන විටත් කතා කරන්න පෙළබි ඇත්තේ Meta title, Description වැනි දෑ සකස් කිරීම හෝ wordpress SEO plugin එකක් භාවිතයෙන් එහි පෙන්වාදෙන සැකසුම් ටිකක් සිදු කිරීමයි. මන් මුලින් කිව්වා මේක practical විෂයක්, practical විෂයක වැඩ කරද්දී ඔබ ගොඩක් practical විදියට හිතන්න පෙලබෙනවා නම් සාර්ථක වෙන්න ගොඩක් ලේසි. ලෝකයේ SEO plugins භාවිත කරන websites මිලියන ගානක් තිබෙනවා. මේ හැම එකම rank වී තිබේද යන්න පළමුව සිත බැලිය යුතු කාරණාවයි. On Page SEO කියන්නේ පුංචි පුංචි කාරණා ගොඩක එකතුවක්, ඉතින් ඔබ website එකේ article එකක් සදහා කරන keyword research එකද On Page SEO යටතේ දැක්විය හැකිය, ඉන්පසු ඔබ ලියන article එක On Page SEO වල ප්‍රධාන බර අදින සාදකයක් ලෙස හැදින්විය හැක. On Page SEO ගැන කතා කරන්න ගොඩක් කරුණු තියෙනවා මේ විදියට. ඒ හැමදේම පහත video එකෙන් නරබන්න. on page seo sinhala video:

Internal Links & Internal Links Silo


On Site SEO සහ On Page SEO වලදී බොහෝ දෙනෙක් මග හරින වැදගත්ම සාදකයක් තමයි Internal Links කියන්නේ. Internal Links ගොඩක් වැදගත් වෙනවා website එකක් විදියට ඉක්මණට google එකේ හෝ අනෙකුත් search engine වල rank වෙන්න.

Dreamhost - Affordable Cloud SSD Web Hosting


Internal link කියන්නේ අපේ website එක ඇතුලේ තියෙන්නාවූ pages අතර එකිනෙකට link කිරීමයි. මේ article එක කියවගෙන එන කෙනෙක්ට මේ article එක link කර ඇති මගේ website එකේ තවත් pages ඔබට පෙනෙන්නට ඇති. එම කාර්ය ගැන තමයි මන් මේ පැහැදිලි කරන්නේ. එලෙස pages අතර link කිරීමට යොදාගන්නා වචන anchor text ලෙස හදුන්වනු ලබනවා. Anchor text භාවිතයේදී සැලකිල්ලක් දැක්විය යුතුම කරුණු බොහොමයක් තිබෙනවා. ඒ වගේම internal link සිදු කිරීමේදීද විවිධ ආකාරයේ සාර්ථක ක්‍රමවේදයන් ඔස්සේ එය සිදු කල හැකි වෙනවා. විවධ strategies බොහොමයක් හදුනාගත හැකි වෙනවා එම කාර්ය තුල සාර්ථක වීමේදී. ඒ හැමදෙයක් ගැනම පහත video එකෙන් විස්තර කෙරෙනවා.

On-Site SEO අවසන් අදියර


On Site SEO සම්පුර්ණ කිරීමට On Page SEO වල කොටස් හැම එකම වගේ එකතු වෙනවා. ඒ වගේම ඊට අමතර වැඩ ටිකකුත් අපිට කරන්න සිද්ද වෙනවා. ඉතින් ඒ හැමදේම හරි ආකාරව සිදු කළාට පසුව තමයි On Site එක නිවැරදිව optimize වෙන්නේ. එතකොට website එකක් විදියට rank වෙන්න ඉතා පහසු වෙනවා. කොහොමද මේ හෙමදේම හරියට සිදුකරන්නේ කියලා මේ video එකෙන් බලාගන්න පුලුවන්.

Adsense වලට Apply කරීම හා Approve කරගැනීම


Adsense වලට apply කරන්න බොහෝ විට වැඩි දෙනෙක් අතර අනවශ්‍ය තදියමක් පවතිනවා, ඔව්න් තේරුම් නොගන්න ප්‍රධාන සාදකයක් වන්නේ adsense account එකක් තිබු පමණින් මුදල් උපයාගත නොහැකි බව තේරුම් නොගැනීමයි. එසේ නම් නිසි පරිදි මේ දේවල් හරියට කරගන්නේ කොහොමද? Adsense account එක approve කරගන්නේ කොහොමද? ඒ දේවල් ගැන මේ video එකෙන් ඉගෙන ගන්න.

මුල සිට ඔබ මෙම ලිපිය පිළිවෙලකට අද්‍යනය කළ අයෙකු නම් මේ වනවිටත් ඔබට පැහැදිළි අවබෝදයක් ඇති කොහොමද adsense වල සාර්ථක වෙන්නේ? කොහොමද SEO වල සාර්ථක වෙන්නේ? කොහොමද adsense වලින් මුදල් උපයන්නේ කියලා.

Dreamhost - Affordable Cloud SSD Web Hosting

ඊළගට ඉතිරි වන්නේ Off Site SEO සිදු කිරීමයි, මේ සදහා ඔබට මේ වෙනකොටත් සාදන ලද website එකක් තිබීම අත්‍යවශ්‍ය කාරණාවක්, මොකද website එකක් නැතුව මේ දේ කරන්න බෑ. website එකට backlink, link building කිරීම තමයි මේකෙදි සිදුකරන්නේ, විවිධ වර්ගයේ backlinks විවිධ නම් වලින් හදුන්වනු ලබනවා. මේකත් ටිකක් සංකීර්ණයි වගේ බොහෝ අය හදුනා ගත්තද ඔබට අවබෝද කරගන්න නම් එතරම් අපහසු වෙන එකක් නෑ.

Backlinks සම්බන්දව මුලිකව හදුනාගන්න වෙනවා හරි විදියට Backlinks හදන්න නම්, මොකද ගොඩක් අය මේ Backlinks වල දැන ගත යුතු සහ ක්‍රියාවට නැංවිය යුතු බොහොමයක් දේවල් මග ඇරලා තමයි Backlinks හදන්නේ. Backlinks වල මුලික කරුණු මේ video එකෙන් ඉගෙන ගන්න

මේකෙදි ඔබට මතුවෙන ප්‍රශ්න ගැටලු සහ මේ ලිපිය ගැන ඔබේ අදහස් පහලින් comment එකක් දෙන්න. ඉදිරි වැඩ සදහා එය අපට වැදගත් දෙයක් වේවි.

Loading

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!