වරද්ද ගන්නේ නැතුව website එකක් හදන්න topic එකක් තෝරගමු

වර්තමානයේ website එකක් හදන එක එතරම් අමාරු දෙයක් නොවුණත් බොහෝවිට සාර්ථක website එකක් හදන එක ඒ තරම් සරළ දෙයක් ලෙස සලකන්න බෑ.

website එකක් අසාර්ථක වෙන්න හේතු කාරණා බොහෝ තිබිය හැකි මුත් මේ සදහා ඍජුවම බලපාන දෙයක් තමයි තමාට සාර්ථක විය හැකි topic එකක්, niche එකක් එහෙමත් නැත්තන් keywords තෝරානොගැනීම.

මම keywords research සේවා සපයන නිසා මා වෙතට keywords research කරගන්න පැමිණෙන සමහර අය වෙබ් අඩවි සෑදීමට තෝරාගෙන ඇති topics දෙස බැලුවම කිසිම පදනමක් සිතා ගැනීමට අපහසු වෙනවා එම තෝරාගැනීම සම්බන්දව. ඒකම තමයි ඇත්තටම මේ ටික ලියන්න හේතු වුන ප්‍රධාන කාරණාවත්.

මොකද මගේ වැඩ කොටස මං කොච්චර හොදට කරලා දුන්නත් අමතක කළ නොහැකි ගොඩක් දේවල් සමහර අය අතපසු කරලයි website එක සැලසුම් කරලා තියෙන්නෙම.

article එකකට කෙලින්ම research එකක් කරන තැනට ඇවිත් කියන්නේ එයාලා ඒ වෙද්දීදිත් සැළකිය යුතු තීරණ ගොඩක් අරගෙන ඉවරයි. එම තීරණ කොයි තරම් දුරට අව්ල්ද, අසාර්ථකද කියල තේරෙන්නේ article කීපයකට keywords research එකක් කරන්න ගත්තම. 

නමුත් සමහර අයට නම් ටිකක් අදහසක් දුන්නත් ඒ ගැන සලකා බලන්න ලෑස්ති නෑ, මේ fb එකේ විවිද groups වල, youtube එකේ, කීයක් හරි හොයාගත්ත කෙනෙක් කියන ගොන් කතා පවා විස්වාස කරන තැනට පත් වෙලා ඉවරයි බොහෝ අය. ඉතින් එහෙම කෙනෙක් කියන ඇත්ත සහ නොදන්නා කම නිසා කියන ගොන් කතා, පම්පෝරි යන සියල්ල නිවැරදිව දකින්න තරම් දැනුමක් ඒව කියවන, අහන් ඉන්න බොහෝ දෙනෙක්ට නෑ. 

මන් මෙතනදී බොරුවක් කිව්වත් ඒක විස්වාස කරන පිරිසක් පවා ඉන්නවා. research එකක්, අද්යනයක් නැතුව කිසිදෙයක් පිළිගන්න තැනට එන්න අවශ්‍ය නෑ. අවසානයේ අමාරුවේ වැටෙන්නේ ඔබ පමණයි.

තව සමහරුන්ට තනිකරම adsense mania ව හැදිලා. ඒකට නම් සාර්ථක බෙහෙතක් තාම හොයාගෙන නෑ, website එකට adsense approve අරගෙන ටික කාලයක් වේලි වේලි ඉන්නම වෙනවා ඉතින් හොද වෙන්න. තව සමහරුන්ට ආපහු හැරෙන්න බැරි තරම් මුදලක් website එකට යට කරලා ඉවරයි. අමාරුවෙන් හරි කරගන්න එක තම හොද ඉතින් සැලසුම් වල වෙනසක් කරලා හරි එවලෙට.

ඉතිම් බොහෝවිට මේ ප්‍රශ්න මතුවෙන්න ප්‍රධාන ගැටලුව හරියට topic එකක් එකක් තෝරාගන්න ඇති නොදැනුවත්කමයි. ඉතින් අද මේ කියන ටික උදව්වක් වෙයි ඔබට පාඩුවක් නොවී ගැලපෙන topic එකක් ගැන website එකක් පටන් ගන්න හෝ එම අදහස අතහැර දමන්න. 

අනිත් කාරණාව website එකකට topic එකක් තෝරාගැනීම කාට හරි message එකක් දාලා තෝරාගැනීම තහවුරු කරගන්න පුලුවන් සරල දෙයක් නම් නෙවෙයි. සමහරු මගෙනුත් එහෙම අහනවා. දැනුම ඇති අයගේ අදහස් දැනගන්න එක වරදක් නෙවෙයි මෙකෙදි, ඒ අයගේ අදහස් උදව්වක් වේවි ඔබට අනිවාරෙන්ම තීරණ වල සාර්ථකත්වය වැඩි කරගන්න. නමුත් සම්පුර්ණ තීරණය එය මත පමණක් පදනම්ව ගැනීම කළ හැකි ප්‍රායෝගික දෙයක් නෙවෙයි.

topic එකක් තෝරාගැනීම සෑමවිටම හොද research එකකින් අනතුරුව තීරණය කළ යුතු දෙයක්. මේ කියන්නේ keywords research එකට අමතර කාරණාවක්, මොකද සෑම topic එකකට අදාලවම ඔබ ආස වෙන විදියේ, ඔබට තෝරාගන්න හිතෙන keywords කීපයක් හෝ සොයාගැනීම කල හැකියි කොහොමත්. 

එම නිසා topic එකට අදාලව හොද research එකක් වෙනම කරන්න වෙනවා ඔබ website එක සැලසුම් කරන දෙයට එම topic ගැලපෙනවද යන්න සහ ඔබේ අරමුණට ලගාවිය හැකිද යන්න වගේ කරුණු පදනම් කරගෙන. ඒ වගේම අනිවාරෙන්ම  keywords research එකකුත් කිරීම සිදු කළ යුතු වෙනවා. නැත්තන් වෙන්නේ ගොඩක් අසාර්ථක තීරණ මත website එක හදන්න.

website එකක් සාදන්න යොදාගන්න ප්‍රධාන topic එක තමයි සාමාන්යෙන් අපි website එකේ niche එක විදියට හදුන්වන්නේ. ඉතින් topic එකක් සම්බන්දව කරන research එකක් niche research එකක් විදියටත් හදුන්වන්න පුලුවන්. 

කොහොම නමුත් website එකක් සැලසුම් කරන අවදියේදී අවදානය යොමුකළ යුත්තේ ඔබේ තෝරාගැනීම තුළින් ඔබේ සැලසුම ඉටුකර කරගැනීමට ඇති හැකියාව තහවුරු කරගැනීමයි.

කොහොමද මේක හරියටම කරන්නේ?

website එකට niche එකක් තෝරාගැනීමේදී සළකා බැලිය යුතු ප්‍රධානම කාරණාවක් තමයි. එම niche එක සම්බන්දව ඔබට  කොයි තරම් දුරට දැනුමක් තියද යන්න. මොකද ඔබට කිසිම දැනුමක් නැති දෙයක් ගැන ඔබ article ලියනවා කියන්නෙම කිසිම අර්ථයක් නැති වැඩක්. 

නිකමට හිතන්න, Internet එකේ තියෙන ටිකම ඔබ නැවත ලියන්න ඕනද? search engine වලට ඕක නොතේරෙන තරම් ප්‍රථමික අවදියකද තාම ඉන්නේ? සමහර විට ඔබ article writer කෙනෙක්ව hire කරනවා වෙන්න පුලුවන්. එත් එම niche එක සම්බන්දව expert කෙනෙක් නෙවෙයි නම් ඔබ කරන්න උත්සහ කරන්නෙම ඉතාම අමාරු වැඩක්. මේ අමාරුව තවත් වැඩි වෙනවා competition එක වැඩි keywords එක්ක වැඩ කරන්න ගත්තම.

ඔබ හදන website එකට අදාල SEO competition එකට අමතර අභියෝගයක් තමයි මේක. මොකද එම topic එක සම්බන්දව expert කෙනෙක් නොවී එම subject එකේ expert ලා ලියපු article වලටයි ඔබට අභියෝග කරන්න වෙන්නේ ඔබේ website එක තුලින්.

Google එකේ search වෙන ප්‍රධාන පෙලේ keywords වලට අදාලව rank වෙලා තියෙන websites පිටුපස බොහෝවිට විට සිටින්නේ එම විෂය තුල ඉන්න expert ලා. එයාලට ඔබ වගේ නෙවෙයි, එම විෂය තුල අවරුදු ගානක ප්‍රයෝගික අත්දැකීම් තිබීම අනිවාරෙන්ම විය හැකි දෙයක්. සමහර අය ඉතාම ලාභ ලබන ආයතන හිමිකරිත්වයන්. ඉතින් මේ අය මාසෙට ඔව්න්ගේ websites වල ranking පවත්වාගෙන යන්න කීයක් වියදම් කරනවා විය හැකිද? මාසෙට ලක්ෂ ගණන් ads වලට SEO වලට වියදම් කරන ආයතන කීයක් ලෝකේ තිබේද? ඔබට ඒ ගැන අදහසක් ගන්න පුලුවන් youtube එකේ SEO agency, Marketing Agency වගේ ඒවා සම්බන්දව videos බලන්න.

ඉතින් මේ සියල්ල තුල ඔබ තේරුම් ගත යුතු දේ ඔබට එම විෂය තුල ඔබට ඇති දැනුම ඉතාම වැදගත් වෙනවා ඔබේ සාර්ථකත්වයට. ඔබට දැනුම තිබේ නම් හැකියාව පවතිනවා තරගකාරිත්වය අඩු ඔබේ අවශ්‍යතාවට, දැනුමට ගැලපෙන විදියේ topic එකක් තෝරාගෙන website එක සැලසුම් කරන්න.

niche එක තෝරාගැනීම ඔබේ දැනුම මත පදනම්ව කරන එක ඉතාම වැදගත් වෙනවා. ඔබට එහෙම දැනුමක් නැති කෙනෙක් නම් ඔබ කැමතිම මාතෘකාවන් කිහිපයක් තෝරාගෙන එයින් තරගකාරිත්වය අඩු මට්ටමේ ඔබට සාර්ථක වෙන්න පුලුවන් යැයි niche research එකක් මගින් තහවුරු කරගත්ත niche එකක් තෝරාගැනීම කල හැකියි.

මෙහිදී ඔබ එම විෂය සම්බන්දව නිසි දැනුමක් නැති නිසා පළමුව කළ යුත්තේ website එකක් ආරම්භ කරන්න කලින් එම subject එක ගැන හොද හැටි අද්‍යනයක යෙදීම. එම subject එකේ හොද දැනුමක් ගොඩනගා ගැනීම කළ යුතු වෙනවා. මේකත් එක විදියක research එකක් තමා දැනුම වැඩි කරගන්න කරන. ඉතින් මේ වැඩේ දවසින් දෙකෙන් වෙන්නේ නෑ. යම් කාලයක් වැය කරන්න වේවි. හැබැයි මේක තමා දැනුමක් නැති කෙනෙක්ට යන්න පුලුවන් හොදම විදිය. 

ඔබට බොහෝ දේ internet එකෙන්ම ඉගෙන ගන්න පුලුවන්. internet එකේ තියෙන බොහෝ දේ තියෙන්නේ පිළිවෙලක් ඇතුව නෙවෙයි. ඔබේ අද්යනයන් තුලින් එකතුවෙන දැනුමෙන් ඔබට හැකිවෙනවා මිනිසුන්ගේ search intent එකට අදාලව ගැලපෙන්න, පිළිවෙලක් ඇතුව හොද original content නිර්මාණය කරන්න. 

ඉතින් එම search intent වලට අදාලව හරියටම article ලියන්න තමයි keywords research එකක් වැදගත් වෙන්නේ. ඔබේ දැනුම ඔබට ඕන විදියට ලියලා තේරුමක් වෙන්නේ නෑ. 

එහෙම කරන්න ගියොත් වෙන්නේ ප්‍රථමික මට්ටමේ දත්ත  ටිකක් ගැන තමා ලියන්න වෙන්නේ. එම නිසා ඔබේ දැනුම එහෙමත් නැත්තන් ඔබ සතු දත්ත ටික, පරිශීලකයන්ට වටිනාකමක් ඇති information එකක් බවට පත් කරගන්න වෙනවා. ඒක අපිට Google එකේ මිනිස්සු search කරන විදිය ගැන අවදානය යොමු කරලා කරන්න පුලුවන්. ඉතින් එකේදී keywords research එක ලොකු කාර්යක් සිදු කරනවා. සාර්ථක website එකකට, සාර්ථක keywords research එකක් නිසැකවම වැදගත් වෙනවා.

keywords research එක අවුල් වුනොත් ඔබ කොයිතරම් හොදට article ලිව්වත් වැඩක් නෑ. ඒ වගේම ඔබ keywords research කොයි තරම් හොදට කරත් වැඩක් වෙන්නේ නෑ article ටික හරියට ලිව්වේ නැත්තන්. 

මේ වැඩේ සංකීර්ණයි වගේ පෙනුනට කරන්න ගත්තම ඒක එහෙමමත් නෑ, කරගන්න පුලුවන්.

සමහරවිට ඔබට article ලිවීමේ හැකියාව නැතිවෙන්න පුලුවන්, එහෙම අවස්ථාවක article writer කෙනෙක්ව යොදාගන්න වෙනවා.

එහෙම කරන අවස්ථාවක පුලුවන් තරම් ඔබ එම topics වලට අදාළව එකතු කරගත්ත දැනුම ඔබට තේරෙන විදියට සිංහලෙන් හරි ලියලා article writer කෙනෙක්ට දීලා professional මට්ටමට එම කරුනුත් ඇතුළත් කරගනිමින් article ලියවගන්න එක තමයි හොදම දේ. ඔබේ personal experience එක ලියවෙන තරමට original content නිර්මාණය වීම සිදුවෙනවා. නැත්තන් බොහෝවිට වෙන්නේ copy වෙච්ච අදහසක් වෙනත් ක්‍රමයකට ලියවීම පමණයි. ඒක එතරම් සාර්ථක ක්‍රමයක් නෙවෙයි.

මෙහිදී නිතර දකින්න ලැබෙන විවිද tools වලින් unique article එකක් බව පෙන්නන්න හදන ක්‍රම ප්‍රයෝගික නෑ කොහෙත්ම. ඒවා යල්පැන ගිහින් ඉවරයි මේ වෙද්දී. එම නිසා original අදහස් වලින් සපිරි original content creator කෙනෙක් වෙන්න උත්සහ කරන්න.

තවදුරටත් හැකි තරම් ප්‍රධාන පෙලේ ව්‍යපාරික මට්ටමේ ලොකු තරගයක් ඇති topics නැතුව, තරගය අඩු topic එකක් තෝරාගන්න උත්සහ කරන්න. මොකද බොහෝ අයට තිබෙන්නේ ව්‍යපාරික මට්ටමේ අරමුණකට වඩා website එකක් හදලා අමතර කියක් හරි මුදලක් හොයාගැනීමේ අරමුණක් නිසා. තරගය අඩු topic එකක් තෝරාගන්න එක ඔබට ලේසි වෙයි සාර්ථක වෙන්න.

අමතක කරන්න එපා ව්‍යාපාරික මට්ටමෙන් යන්න පුලුවන් topics වල ranking වල උඩින්ම ඉන්න ඔව්න් ලොකු මුදලක් වියදම් කරනවා. එහෙම එකක් තෝරාගන්න නම් ඔබට එම subject එකේ හොද දැනුමකට එහා ගිය SEO පිළිබද දැනුමක් තිබීම ඉතාම වැදගත් වෙනවා. එහෙම නැතුව ඔබ කරන්න යන වැඩේ කොයිතරම් බරපතළද කියාවත් අදහසක් එන්නේ නෑ.

ඒ වගේම website එකක් හදනවා නම් අඩුම article 100ක් වත් දාන්න සැලසුමක් ඇතුව පටන් ගන්න එක ගොඩක් හොදයි. නැත්තන් තේරුමක් නැති වෙයි ඉස්සරහට අනිවාරෙන්ම. මොකද Google වගේ ආයතන දිගින් දිගටම දෙන updates වලින්, ranking factors වගේ දේවලින් පෙනෙන්නේ එයාලට අවශ්‍ය කීයක් හරි හොයාගන්න බලන් article 10ක් 15ක් දාගෙන ඒ ටික rank වෙනකන් බලන් ඉන්න අය නම් නෙවෙයි. subject එකේ expert ලගේ original content එයාලා බලාපොරොත්තු වෙන්නේ සහතිකවම. එහෙම නැත්තන් වෙන්නේ හරියට කිසි දෙයක් නොදැන ලියන ඒවා කියවන මිනිස්සු අමාරුවේ වැටෙන එකනේ.

එම නිසා තමන්ගේ කුතුහලය නිසාවත්, තව කෙනෙක් කරන නිසාවත් මේ තුළ සාර්ථක වෙන්න ලේසි නෑ ඉස්සරහට. ඒ සදහා ඊට එහා ගිය කැපවීමක් අවශ්‍ය වෙනවා. ඔබ website එක කරන topic එකට අදාළව expert කෙනෙක් වෙන්න පුලුවන් තරම් උත්සහ කරන්න. ඒක තමා ක්‍රමය. කෙටි පාරවල් සෑම විටම කෙටි කාලීනයි. දිගු මාර්ගය සොයාගෙන ගමන් කරන්න පටන් ගන්න. ඒ තුළ තමා සැබෑ සාර්ථකත්වය මුණ ගැහෙන්නේ. අදට ඇති එහෙනම්.

ඔබට ජය!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!