ways-to-make-money-with-website

Website එකකින් හෝ Blog Site එකකින් සාර්ථකව මුදල් උපයා ගත හැකි ක්‍රම

වර්තමානයේ ශ්‍රිලංකාවේ තරුණ පිරිස් අතර වඩාත් ප්‍රචලිත මාතෘකාවක් තමයි. Emoney කියන්නේ . ඒ අතරින් ගොඩක් අය සොයන දෙයක් තමයි වෙබ්සයිට් එකකින් නැත්තම් බ්ලොග් එකකින් මුදල් හොයන්නේ කොහොමද කියන දේ. ගොඩක් අය බ්ලොග් එකක් නැත්තම් වෙබ්සයිට් එකක් කරන්න පටන් ගන්නවා. මාස කිහිපයක් කරගෙන ගිහින් මහන්සියයි වියදමයි විතරක් කියලා වැඩේ අත ඇරලා දානවා. ඒකට හේතුව තමයි වෙබ්සයිට් එකකින් නැත්තම් බ්ලොග් එකකින් මුදල් හොයන ක්‍රම ගැන තියෙන නොදැනුවත්කම. මම අද මේ ලිපියෙන් කියලා දෙන්නේ වෙබ්සයිට් එකකින් මුදල් හොයන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන කෙටියෙන්. මේ එකක්වත් ආමාරු දේවල් නෙමෙයි. කරන්න පුළුවන් දේවල් . ඇත්තටම මේවා සමහර විට ඔයා දන්නවත් ඇති. ඒත් කරලා බලලා නැතුව ඇති. අද ඉදන් මේවගෙන් කිහිපයක් හරි උත්සාහ කරලා බලන්න.

1. Affiliate Marketing

වෙබ් අඩවියක් හරහා මුදල් හොයන්න පුලුවන් වඩාත් සාර්ථකම ක්‍රමයක් ලෙස Affiliate Marketing හදුන්වන්න පුළුවන්. වචනය ඉංග්‍රීසියෙන් දැම්මට බය වෙන්න එපා. මම පහසුවට දිගටම ඔය වචනයම භාවිතා කරන්නම්. Affiliate Marketing ලෙස හදුන්වන්නේ අපේ වෙබ්සයිට් එකේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් ගැන විස්තරයක් ඇතුලත් කරලා ඒ හරහා අදාල භාණ්ඩය හෝ සේවාව මිලදී ගැනීමට වෙබ් අඩවියේ ලිපි කියවන්නට උනන්දුවක් ඇති කර එය මිලදී ගන්නා තත්වයට පත් කර එම භාණ්ඩය හෝ සේවාව අලවියෙන් යම් commission එකක් ලබා ගැනීමයි. මේක ඇත්තටම අමාරුයි වගේ පෙනුනට දැනට ලෝකයේ මම හිතන විදිහට වැඩියෙන්ම අන්තර්ජාලය භාවිතා කර මුදල් හොයන්නේ මෙම ක්‍රමය මගින්.

affiliate-marketing

2. Pay Per Click Advertising

මේක මෙහෙම කිවුවට තේරෙන්නේ නැත්තම් Adsense වගේ Advertising කියලා කිවුවොත් තේරෙයි. මේ ක්‍රමයෙන් වෙන්නේ ඔයා යම් Advertising ආයතනයක් ලියාපදිංචි වෙලා ad codes ලබාගන්නවා. ඒ ad codes ඔයාගේ වෙබ්සයිට් එකේ insert කල පසු ads පෙන්වන්න පටන්ගන්නවා. මේකේ විශේෂත්වයක් තියෙනවා. මේ ads එන අයට පෙනුනා කියලා අපිට කියක් වත් ලැබෙන්නේ නෑ. ලැබුනත් ලැබෙන්නේ ඉතාම කුඩා මුදලක්. මේ ads වලින් අපට මුදල් ලැබෙන්න නම් වෙබ්සයිට් එකට එන කෙනා ඒ ads මත click කරලා ඊ ලගට open වෙන ඒ ad එක publish කරපු වෙබ්සයිට් එකට පිවිසෙන්න ඕනේ. එහෙම උනොත් තමයි ඔයාට මුදල් ලැබෙන්නේ. අනිත් කාරණාව තමයි ඔයාගේ වෙබ්සයිට් එකේ තියෙන Content එක අනුව තමයි Visitor ට ad පෙන්වන්නේ. අපි මෙහෙම හිතමු . ඔයාගේ වෙබ්සයිට් එකේ තියෙන්නේ ගෙවල් හැදීම පිළිබද ලිපි කියලා . එතකොට ඔයාගේ වෙබ්සයිට් එකේ පෙන්වන්නේ ගෙවල් හැදීම සම්බන්දව තියෙන ads. අපි දන්න adsense වගේම තවත්  Pay Per Click Advertising ආයතන ගොඩක් තියෙනවා . Infolinks, Chitika කියන්නේ එවැනි ආයතන දෙකක්. ඔයාලගේ වෙබ්සයිට් එකටත් මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න පුළුවන්.

3. Sell Ad Space

ලංකාවේ වෙබ්සයිට් කරන ගොඩක් අය භාවිතා කරන ක්‍රමයක් තමයි Sell Ad Space කියන්නේ . හොද Traffic එකක් එන වෙබ්සයිට් එකක් තියෙනවනම්. ඔයාට ඔයාගේ වෙබ්සයිට් එකේ යම් ඉඩක් වෙන් කරලා ad දාන්න ඒ Space එක sell කරන්න පුළුවන්. මම කලින් කියපු Pay Per Click Advertising ක්‍රමය සිංහලෙන් කරපු වෙබ්සයිට් වල කරන්න අමාරුයි. මොකද ඒ ආයතන සිංහල සයිට් වලට Approve දෙනවා අඩු නිසා. ඉතින් සිංහල සයිට් කරන අයට හොදම ක්‍රමයක් තමයි Sell Ad Space කියන්නේ. ඔයාලගේ සයිට් එකට ad ගන්න භාවිතා කරන්න පුළුවන් ක්‍රම කිහිපයකුත් කියන්නම්.

  • වෙබ්සයිට් එකේ Ad space සහ ඔබේ දුරකථන අංකය සදහන් කර අදාල ස්ථානයේ banner එකක් ලෙස පල කිරීම
  • ඔබේ වෙබ්සයිට් එකේ තිබෙන Content වලට ගැලපෙන ආයතන දුරකථන මාර්ගයෙන් සම්බන්ද කරගෙන ad space ලබාදිය හැකි බවත් ඉන් ඔවුන්ට ලැබෙන ප්‍රචාරය පිළිබද දැනුවත් කිරීම

4. Sell Your Own Digital Product

ඔයාට ලොකු මුදලක් වියදම් කරන්නේ නැතුව ඔයාගේ වෙබ්සයිට් එක තුලින් ආදායමක්‌ ගන්න පුළුවන් කරයි තමයි Sell Your Own Digital Product කියන්නේ. අපි මේකෙදි කරන්නේ යම් දෙයක් අලෙවි කරන එක . හැබැයි ඒක වෙන කාගෙවත් එකක් නෙමෙයි තමන්ගේම එකක්. උදාහරණයක් විදිහට ඔයා මහන්සි වෙලා ලස්සන පොටෝ එකක් ගන්නවා ඒක ඉතා දුර්ලභ එකක්. ඔයා ඒකෙ Qulity අඩු පොටෝ එකක් දාලා ඒකෙ විස්තරත් එක්ක දානවා මම මේකේ හොද පොටෝ එක විකුනනවා කියලා. අන්න ඒ වගේ තව ඕන තරම් දේවල් ඔයාට sell කරන්න පුළුවන්. හැබැයි ඒවා සේරම Post කරලා යවන්න ඕන ඒවා නෙමෙයි. අදාල කෙනා ඔයාට මුදල් ගෙවුවට පස්සේ Email එකක් මාර්ගයෙන් යවන්න පුලුවන් දෙයක් වෙන්න ඕනේ.  sell කරන්න පුළුවන් Digital Product අයිඩියා කිහිපයකුත් පහතින් දාන්නම්.

  • විභාග සදහා සැකසු අනුමාන ප්‍රශ්න පත්‍ර pdf ලෙස සකසා
  • ආහාර සකස් කිරීම පිළිබද pdf
  • විභාග සදහා සැකසූ ලිපි pdf ලෙස
  • ළමයින්ට යම් විෂයක් ඉගෙනගැනීමට පහසුවට තැනූ Mobile හෝ Dekstop Application
make-money-with-blogs

5. Accept Donations from visitors

ඔයාගේ වෙබ්සයිට් එක තුලින් වටිනා තොරතුරු , කරුණු Visitor ට කියවන්න තියෙනවනම්. ඔහු ඔබේ වෙබ්සයිට් එකේ තියෙන කරුණු පිලිබදව සැහීමකට පත්වේයැයි ඔබ සිතනවානම් Accept Donations from visitors ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. වර්තමානයේ ගොඩක් වෙබ්සයිට් වල මෙම ක්‍රමය භාවිතා කරනවා. Accept Donations from visitors ක්‍රමය මගින් සිදු කරන්නේ ඔබේ වෙබ්සයිට් එක තුලින් ඔබට යම් ආධාරයක් ලබා ගැනීමයි. අපි නිකම් වෙබ්සයිට් එකේ අඩුපාඩු සපුරගන්න Donate කරන්න කියලා දැම්මට නම් ආධාර ලැබෙනවා කියන එක හිතන්න අමාරුයි. නමුත් සොයාගැනීමට අපහසු තොරතුරු රාශියක් ලොකු මහන්සියක්  වෙලා හොයලා වෙබ්සයිට් එකේ පලකරලා තියෙනවනම් ඒ කරුණු Visitor ට ඉතාමත් වටිනවානම් අපේ වෙබ්සයිට් එක හරහා අපට Donate කරන්න ඔහු පෙලබෙන අවස්ථාව වැඩියි. ඇත්තටම මෙම ක්‍රමය ගැලපෙන්නේ ලාභ අරමුණු කරලා කරන වෙබ්සයිට් එකකට නම් නෙමෙයි.

6.  Accept sponsored posts & articles

සමහර අයට ඇත්තටම Idea එකක් නෑ. website එකකින් සල්ලි හොයන්නේ කොහොමද කියන දේ . ඒ වගේම මොකක් ගැනද වෙබ්සයිට් එකක් කරන්නේ කියන දේ ගැන. මේකෙන් මම එකට Idea එකකුත් දෙන්නම්.  අපි හිතමු ඔයා ලග වෙබ්සයිට් එකක් තියෙනවා ආහාර ගැන කරන. ඔයාගේ වෙබ්සයිට් එකට විශාල පිරිසක් දිනපතා එනවා . ඒ අතරේ ඔයාට පුළුවන් ආහාර නිෂ්පාදන සමාගමකට කතා කරලා කියන්න ඔයාලගේ ආහාර ගැන පොස්ට් එකක් දාන්න අවස්ථාවක් දෙන්නම් මට මේ ගාන ඕන කියලා. හැබැයි ඔයාගේ වෙබ්සයිට් එක හොද මට්ටමේ තියෙන්න ඕනේ. ඊට අමතරව apps, jobs, vehicles වැනි ඕනෑම මාතෘකාවක් යටතේ ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි මුලින් ටිකක් කට්ට කන්න වෙනවා. හැබැයි කාලයක් ගියාම ඔයාට Posts හොයාගෙන යන්න ඕන වෙන්නේ නෑ. ඔයාව හොයාගෙන එනවා. මේ ක්‍රමේට ගොඩක් කොම්පැණි කැමතියි. මොකද මේක ad එකක් නෙමෙයිනේ ඔයාගේ වෙබ්සයිට් එක තියෙනකම් මේක තියෙනවා. ඒ තියෙනකම් ඔහුන්ගේ නිෂ්පාදන පිලිබදව දිනකට කිහිප දෙනෙක් හෝ ඔයාගේ වෙබ්සයිට් එකෙන් කියවනවා. මේකේ ආදායමත් ඔයාගේ වෙබ්සයිට් එකේ ගුණාත්මකභාවය මත පදනම් වෙනවා.

7. Generate ‘leads’ for other companies

වෙබ්සයිට් කරන ලංකාවේ ගොඩක් දෙනෙක් හිතන්නේ නැති දෙයක් තමයි Generate ‘leads’ for other companies කියන්නේ. ඔයාගේ වෙබ්සයිට් එක යම් කැටගරි එකකට කරන එකක්නේ . ඒකට එන්නේ ඒ කැටගරි එකේ තොරතුරු හොයන අය. අපි හිතමු ඔයාගේ වෙබ්සයිට් එකේ තියෙන්නේ Bulbs වර්ග පිළිබද කියලා . ඔයාගේ වෙබ්සයිට් එකේ ඔයා Popup එකක් දානවා Email එක enter කරලා subscribe වෙන්න. ඔයා නොදැනුවත්ම දිනකට Emails 10 ගානේ එකතු උනත් අවුරුද්දක් අවසන් වෙනකොට Emails 3650ක් එකතු වෙලා. ඔයා හිතන්නේ ඔය Emails ටික කොච්චර වටිනවා ඇතිද ? හැබැයි ඕක ඔයාට නෙමෙයි වැඩියෙන්ම වටින්නේ. Bulbs නිෂ්පාදන ආයතන වලට ඔවුන් අලුත් නිෂ්පාදනයක් එලි දක්වනකොට ඒ ගැන හොදට විස්තර ඇතුව ප්‍රචාරය කරන්න Emails 3650ක් තියෙනවා කියන්නේ ඔවුන්ට වටිනා සම්පතක්. ඔය 3650 න් 100ක් මිලදී ගත්තත් ඔවුන්ට ලාබයි. මොකද ඔබ ඕවා අලෙවි කරන්නේ ඉතා විශාල මුදලකට නොවන නිසා. අනිත් දේ ඔබ මේ සදහා මහන්සියක් වෙන්නේ නෑ . ඒ වගේම ඔබට මෙම Emails ආයතන රාශියකට අලෙවි කරන්න පුළුවන්. ඔබේ වෙබ්සයිට් එක තුලින් උපයාගත හැකි අමතර අදායමක් ලෙස මේක හදුන්වන්නත් පුළුවන්. මම Emails ගැන විතරක් සදහන් කරාට ඔබට Visitors ලාගේ Mobile Numbers, address වැනි තොරතුරු උනත් එකතු කරගෙන වෙනත් ආයතන සදහා අලෙවි කරන්න පුළුවන්.

8. Build an ‘Email List’

අපි කලින් කතා කරපු මාතෘකාව මේකට ටිකක් සම්බන්දයි. හැබැයි අරමුණ වෙනස්. ඔබේ වෙබ්සයිට් එකේ තිබෙන අන්තර්ගත කරුණු Update කරනවානම් , අලුත් තොරතුරු ඔබේ වෙබ්සයිට් එකට එකතු කරනවානම් ඒවා පිලිබදව ඔබේ වෙබ්සයිට් එකට පිවිසෙන Visitors හට දැනුම් දීමට වඩාත් සුදුසුම සහ පහසුම ක්‍රමය වන්නේ Build an ‘Email List’ ක්‍රමයයි. එමගින් සිදු කරන්නේ ඔබගේ වෙබ්සයිට් එකට පැමිණෙන Visitors ලාගේ Emails එකතු කරගෙන අපේ අවශ්‍යතාවය සදහා භාවිතා කිරීමයි. මෙම Emails ලිපින ඉහත සදහන් කල පරිදි ඔබේ වෙබ්සයිට් එකේ followers ලා විශාල පිරිසක් සම්බන්ද කරගැනීමට යොදාගත හැකිය. එමෙන්ම ඔබේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කිරීමට යම් Promotion එකක් සිදු කරගැනීමටත් යොදාගැනීමට පුලුවන්.

9. Set up an e-commerce site

වර්තමානයේ අලුත්ම Trend එකක් ලෙස Set up an e-commerce site කියන දේ හැදින්වීමට පුළුවන්. අපිටත් අපේ වෙබ්සයිට් එක e-commerce site එකක් බවට පත් කරගෙන අදායමක් උපයාගැනීමට පුළුවන්. අපේ වෙබ්සයිට් එක භාණ්ඩ හා සේවා අලෙවි කරන වෙබ්සයිට් එකක් බවට පත් කිරීම තුලින් තමයි මෙම ක්‍රමය යොදාගෙන අපි මුදල් හොයන්නේ. හොද කැපවීමකින් වැඩ කරොත් හොද ආදායමක් ගන්න පුළුවන්. Ebay, Amazon කියන්නේ ඒ වගේ e-commerce sites දෙකක්.

10. Give away premium content for extra $$$

ඔබට යම් ක්ෂේත්‍රයක් පිළිබද හොද දැනුමක් තියෙනවනම්, මේ ක්‍රමය භාවිතා කරලා විශාල මුදලක් හොයාගන්න පුළුවන්. නැත්තම් මුදල් යොදවලා වෙන අය ලවා වැඩ කරවාගෙන පොඩි Promotion එකක් කරලා වැඩේ ගොඩ දාගන්නත් පුළුවන්. Give away premium content for extra $$$ කියන්නේ කියන වැඩේ වෙන්නේ මෙහෙමයි. ඔයා යම් දෙයක් ගැන පිළිවෙලකට හොද Lessons ටිකක් කරනවා. ඊට පස්සේ ඒවගෙන් කිහිපයක් වෙබ්සයිට් එකේ Publish කරනවා. ඒවා නොමිලේ බලන්න පුළුවන් වෙන්න ඕනේ.  ඒවා බලලා වැදගත් නම් අවශ්‍ය අයට ඉතුරු ඒවා ඔයාගෙන් මිලදී ගන්න පුළුවන්. මේ ක්‍රමය මගින් English , Tamil, Japan වැනි භාෂා පිළිබද පාඩම් සකස් කරලා Sell කරලා ඔයාට අදායමක් ගන්න පුළුවන්.

Loading

1 thought on “Website එකකින් හෝ Blog Site එකකින් සාර්ථකව මුදල් උපයා ගත හැකි ක්‍රම”

  1. I am in Dubai. I am interesting to making money from AdSense. But I need help for this. If you have any friends in Dubai. Please give me contact details. Then I can contact him. If you can help me by emails I thanks for you.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!