media-net-ad-network

AdSense වලට නොදෙවෙනි හොදම විකල්පය Yahoo Bing දැන්වීම් ජාලය Media.net

Website හෝ Blogsite එකකින් මුදල් උපයන්න ලෝකේ බොහොමයක් ක්‍රම තියනවා. ඒ අතරින් ඔයාගෙ website එකේ Pay Per Click (PPC) වෙළඳ දැන්වීම් දැමීම ඉතා ජනප්‍රිය ක්‍රමවේදයක්. Google Adsense වගේම media net කියන්නෙත් ඔබේ website එකේ Niche, Keywords හා Traffic quality එක මෙන්ම දැන්වීම් මත Visitors ලා Click කිරීම් වාර ගණන අනුව ඔබට ගෙවන මුදල් ප්‍රමාණය වෙනස් වන ad network එකක්.

දැනට පවතින සියලුම වෙළඳ ප්‍රචාරණ ජාල අතුරින් Google AdSense ඇත්තෙන්ම ඉතා හොද සහ බොහෝ දෙනා අතර ඉතා ජනප්‍රිය මෙන්ම විශ්වාසනීය දැන්වීම් ප්‍රචාරණ ජාලයක් ලෙස සැලකුනත් AdSense එකේ දැඩි නීති රීති නිසා ගොඩක් දෙනා අතර අතිශයින්ම විවේචනයට ලක් වූ වෙළඳ ප්‍රචාරණ ජාලක් විදියටද හඳුන්වන්න පුළුවන්. පහුගිය වසර කීපයේ ඇමරිකාව තුළ වංචනික ආකාරයට සිදු කරපු AdSense ගිණුම disable කිරීම් නිසා, Google ආයතනයට නඩු පැවරී ඉන් විශාල වන්දි මුදලක් විදියට ඔව්න් disable කරපු ගිණුම් හිමියන්ට නැවත ගෙවන්නට සිදු වුණා. ඒ කොහොම වෙතත් website කරන අය බොහෝ දෙනෙක් ඔවුන්ගේ Google AdSense ගිණුම disable වූ විට හෝ approve නොකළ විට website එක මගින් මුදල් ඉපයීමේ බලාපොරොත්තුව සම්පුර්ණයෙන්ම නැති කරගන්නවා. සමහරවිට ඔයත් මේ අත්දැකීමට මුහුණ දුන් අයෙක් නම් මේ ලිපිය ඔයාට ගොඩක් වැදගත් වේවි.

Media.net කියන්නේ Yahoo සහ Bing ආයතන විසින් ගෙන එන්නාවූ සන්දර්භගත (contextual ad network) දැන්වීම් ජාලයක්.

Media.net මේ වෙද්දී ලොව පුරා විශාල දෙනෙක් අතරේ adsense වලට නොදෙවෙනි විස්වාසනීය හා සාර්ථක කිර්ති නාමයක් ලබා ගෙන ඇති දැන්වීම් ජාලයක්.

Media.net වෙතින් මා හට ලැබුණු ගෙවීමක් තමයි මේ තියෙන්නේ.

media-net-payment

Media.net වල ගොඩක් විෂේශාංග (features) තියනවා. ඒ අතරින් ප්‍රධානම දෙයක් තමා මේ දේ පටන් ගැනීමේදී ඔයාට උදව් කිරීමට කැපවූ Account manager කෙනෙක් Media.net වෙතින් ලබා දීම. ඒ වගේම ඔබේ website එකෙන් වැඩි මුදලක් උපයා ගැනීමටත් ඔබට මේ Account manager උපකාරී වෙනවා. හිතන්න ඒක ආධුනිකයකුට කෙතරම් වට්නා දෙයක්ද? 

Media.net විශේෂාංග සහ අමතර තොරතුරු

Media.net කියන්නේ contextual ad network එකක්. එයින් අදහස් කරන්නේ advertisement එක based වෙන්නේ web page (article or content) අන්තර්ගතයට අදාලව පලවන්නේ කුමක්ද කියන එක මත. උදාහරණයක් විදියට ඔබ සතුන් පිළිබදව ලියා ඇති article එකක Media.net දැන්වීම් ධාවනය කරනවා නම්, ඔබේ පාඨකයන්ට (visitors) සතුන් සහ සතුන් සම්බන්ධ නිෂ්පාදන සම්බන්ධ දැන්වීම් දැකගත හැකියි. ඒ වගේම කැමරාවන් පිළිබඳ ලියා ඇති web page එකක Media.net දැන්වීම් ධාවනය කරනවා නම් කැමරා සහ ඡායාරූප උපාංග සම්බන්ධ දැන්වීම් පාඨකයන්ට දැක ගැනීමට පුළුවන්.

සන්දර්භ (contextual) වෙළඳ දැන්වීම් වෙනත් ඕනෑම වර්ගයක වෙළඳ දැන්වීම් (සෘජු දැන්වීම්) වලට වඩා හොඳින් මිනිසුන් අතරට යනවා. AdSense මෙතරම් ජනප්‍රිය වීමට මෙයත් එක් හේතුවක් වෙනවා.

ඒ වගේම Media.net බලගන්වන්නේ Yahoo! සහ Bing, ඒ වගේම Media.net හරහා ඔයාට දකින්න පුළුවන් වෙන්නේ උසස් තත්ත්වයේ සහ ඉහළ ගෙවීම් සහිත දැන්වීම් පමණයි.

Media.net ඉලක්ක කර ඇත්තේ ගුණාත්මක අන්තර්ගතයන් සහිතව නිර්මාණය වන කුඩා පරිමාණයේ සිට විශාල පරිමාණය දක්වා websites නිසා ඔයාට යම්කිසි හොද මට්ටමේ niche (topic) එකක් සහිත හා ගුණාත්මක භාවයෙන් යුතු අන්තර්ගතයන් සහිත කුඩා website එකක් තිබුණත් ඔයාට Media net ගිණුම approve කරගැනීමේ ඉහල අවස්ථාවක් තියනවා.

Media.net හි වෙළඳ දැන්වීම් වල ගුණාත්මකභාවය ඉතා ඉහළ මට්ටමක පවතින අතර එම නිසා ඔබට විවිධ optimization techniques මඟින් ඔබේ website එකේ දමා ඇති ads මගින් සැලකිය යුතු මුදලක් උපයා ගැනීමට උපකාරී වෙනවා.

Mobile Ads: Media.net හි තවත් එක් ප්‍රධාන අංගයක් වන්නේ mobile phones ads. Smart phones භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ Mobile Ads කියන්නේ Ads පලකරන්නනේගේ අනාගතයයි. ඉතින් Media.net mobile අනාවරණ තාක්‍ෂණය මඟින් ජංගම සහ ස්මාර්ට් දුරකථන බ්‍රව්සර් ස්වයංක්‍රීයව හඳුනාගන්නා අතර මෙමඟින් අදායම වැඩි කරගැනීමට පහසු වේ.

තමන්ටම වෙනම පෞද්ගලික account manager කෙනෙක් දෙන්නාවූ ad networks තියෙන්නේ ඉතා ස්වල්පයක් වන අතර Media net කියන්නේ ඉන් ප්‍රධානතම එකක්. ඔබේ Media.net ගිණුමක් approve කරගත් විගස, ඔයාට ගිණුම් කළමණාකරුවෙකු ලබා දෙන අතර, ඔහු ඔබට අවශ්‍ය පරිදි සහය වන අතර ආරම්භ කිරීමටත් ඔබට අවශ්‍ය සියලු මග පෙන්වීම් හා උපකාර ලබා ගත හැකියි. ඇත්ත වශයෙන්ම ඔබට දැන්වීම් (color, text.ect) optimize කිරීමට කැමති බ්ලොග්කරුවෙකු නොවේ නම්, ඔබේ ගිණුම් කළමනාකරු අවශ්‍ය පරිදි optimize කිරීමත් ඔයා වෙනුවෙන් කරනු ලබනවා. කෙසේ නමුත් මෙම විශේෂාංගය බොහොම ඉක්මණට media net වලින් ඉවත් වේවි.

පිළිවෙලකට ඉතා පහසුවෙන් ඕනෑම අයකුට භාවිත කළ හැකි ආකාරයේ dashboard එකක් ලැබෙනවා

media-net-dashboard

ඔබට approve කරගත් Media.net ගිණුමක් තිබෙනවා නම්, ඔබට එම ගිණුම ඔබේ සියලු websites සදහා භාවිතා කරන්න පුලුවන්. නමුත් ඔයාට සෑම වෙබ් අඩවියකටම වෙන වෙනම approve කරගැනීමට සිදුවෙනවා. ඔබට 

Adsense වලදී අපේ website එකේ යම් වැරද්දක් සිදු වූ විට (නීතියට පටහැනි දේවල් වගේ) අපේ adsense account එක බොහෝ අවස්ථාවල කිසිදු අනුදැනුමකින් තොරව disable කරණු ලබයි. නමුත් media net වලදී අපේ website එකේ සිදු වෙන්නාවූ වැරදි අඩුපාඩු අපවෙත email මගින් account manger විසින් දැනුම් දීමක් සිදු කරයි.

policy-media-net

ඔබට Media.net ගිණුමේ ad management panel එක භාවිතයෙන් ad ප්‍රමාණ කිහිපයක් (multiple ad unit sizes) නිර්මාණය කළ හැකියි.

ad-unit-media-net

Media.net ආරම්භ කරන්නේ කොහොමද?


Media.net සදහා apply කරන්න තියෙන්නේ බොහොම සරළ ක්‍රමවේදයක් ඔස්සේයි. ඔබේ website url එක phone number එක හා email address එක ඇතුල් කළ පමණින් apply කිරීමේ හැකියාව ඇත. approve කළ හැකිද නොහැකිද යන්න email මගින් දැනුම් දෙයි. මම Media.net වල ලංකාවේ ඉන්න Media.net’s Ambassador කෙනෙක් ඉතින් ඔයාලා පහළ දාල තියෙන පින්තුරය click කර හෝ link එකෙන් register වුනත් මාස 3ක් 10% ක බෝනස් දීමනාවක් ලබා ගත හැක. මෙතනින් අයදුම් කරන්න apply to media.net

medianet-apply

ඔව්න්ගේ වෙළඳ දැන්වීම්වල ඉහළ ගුණාත්මක බව සහතික කිරීම සඳහා, ඔවුන්ට නීති ප්‍රතිපත්ති තිබෙනවා. (program policies, guidelines) ඉතින් අයදුම් කරන්න කලින් ඔබ මෙම නීතිරීති අද්‍යනය කිරීම මගින් සාර්ථකව ඔබට මෙම කාර්ය ඉටු කරගැනීමට පහසු වේවි. policies review කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න

ඔයාගෙ Application එක approve උනාට පස්සේ , Media.net dashboard එකට පිවිසිලා ඔයාගෙ වෙබ් අඩවිය සඳහා Ad create කිරීම ආරම්භ කර ad code එක website එකට add කරගන්න ඔබට ads display කිරීමට අවශ්‍ය පරිදි.මේ ක්‍රියාවලිය හරිම සරල දෙයක්.ඒ වගේම ඔයා කවදා හරි ඇඩ්සෙන්ස් හෝ වෙනත් වෙළඳ දැන්වීම් ජාලයක් භාවිතා කරල තියනවා නම් ඔබට මේ දේ තවත් පහසුයි. මොකද මේ ක්‍රියාවලීන් සැමවිටම බොහෝ දුරට සමාන වෙනවා.

create-ad-unit

මේ වන විට Media.net විසින්  Payoneer හා wire transfer(local banks) හරහා ගෙවීම් ලබා ගත හැකියි..

අවම ගෙවීම් සීමාව ඩොලර් 100 කි.


ඉතින් අමතර යමක් දැනගැනීමට අවශ්‍ය නම් පහලින් comment කරන්න.

ඔබ දැනට සිටින Media net භාවිත කරන කෙනෙක් නම් , ඔයාගෙ අත්දැකීම් සහ මතය පහලින් comment කරන්න. එය අන් අයට උදව්වක් වේවි.

Loading

7 thoughts on “AdSense වලට නොදෙවෙනි හොදම විකල්පය Yahoo Bing දැන්වීම් ජාලය Media.net”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!