make-money-with-blogger

නොමිලේ Blog Site එකක් පටන් අරන් Google Adsense වලින් මුදල් උපයන්න පටන් ගමු

Blog එකක් කියන්නෙත් සරලවම website එකකටම තමා, විවිධ අරමුණු පදනම් කරගෙන website සැදුනද, blog එකක් බොහෝ විට පරිශිලකයක් පිරිසක් ඉලක්ක කරගෙනම ගොඩ නැගීම සිදුවෙයි. සාර්ථකව blog එකක් සෑදීමට wordpress, wix, blogger, joomla, weebly, වගේ බොහොමක් ජනප්‍රිය platforms තිබුනද අද අපි කතා කරන්නේ Google සමාගමේ එන blogger platform එක ගැනයි.

Blogger Platform එක යොදාගෙන Blog එකක් හදන්නේ කොහොමද?

Blogger හි Blog එකක් සාදා ගන්න ඔබට අවශ්‍ය එකම දේ තමයි Email address එකක්. මේ සදහා ඔබට Gmail Account එකක් හෝ වෙනත් Email Account එකක් යොදා ගත හැකියි. බහුතරය දෙනා Gmail Accounts භාවිතා කරන නිසා මාත් මේ සදහා gmail ගිණුමක් යොදාගෙන සකස් කරන ආකාරය පැහැදිලි කරන්නම්.

පළමුව blogger.com වෙත පිවිස ඔබේ gmail address එක සහ password එක යොදාගෙන sign in වෙන්න.

Blogger Profile Name සදහා ඔබේ නම හෝ ඔබ කැමති නමක් ලබා දෙන්න

blogger-profile-name

පහත රුපයේ පරිදි create new blog හෝ new blog වෙත යන්න

Create a new blog
new-blog

දැන් ඔබ සාදන්න බලාපොරොත්තු වෙන Blog Site එක සදහා ගැලපෙන Title එකක් සහ Blog address එක ලබා දෙන්න.

blog-title-address

Blog එක සදහා article add කිරීමට. Click on New Post

blog-new-posts

පහත රුපයේ
A – ඔබේ article එකේ title එක
B – ඔබේ article එක
C – එකට article අදාල අනෙකුත් ඔබට අවශ්‍ය නම් පමණක් වෙනස් කල හැක

blog-post

ඔබට අවශ්‍ය pages add කිරීම සදහා (about, contact, privacy policy, disclaimer, terms and conditions)

new-page

Layout එක මගින් ඔබේ Blog එකේ දමා ඇති theme එකේ ඇතුළත සැකැස්ම සකසා ගත හැකියි.

layout-blogger

Themes මගින් ඔබේ blog එකට කැමති පරිදි theme එකක් යොදාගෙන වෙනස්කරගත හැකියි.
A – Blog එකේ html code මගින් අවශ්‍ය දේවල් add, remove or edit කරගත හැකියි
B – Blogger තුළ ඇති වෙනත් theme එකක් දමා ගැනීමට

themes-blogger


C – Themes Backup හා Restore කිරීමට සහ ඔබට බාහිරින් වෙනත් theme එකක් upload කිරීමද සිදු කරගත හැකියි.

upload-backups-themes

Settings මගින් blog එකට අදාළ සියලු විස්තර වෙනස් කල හැකියි

blogger-settings

Blogger ගැන මුලික අදහසක් මේ වෙන විට ඔබ සතුව ඇති බව විස්වාස කරනවා, අමතර ගැටළු ඇත්නම් පහලින් comment කරන්න.

Blog එකෙන් කොහොමද Adsense සදහා Approve අරගන්නේ?

මේ වෙන විටත් නොමිලේ blog එකක් සාදා ගන්න හැටි ඔබ දන්නවා. එමගින් blogger හරහා කෙලින්ම adsense සදහා apply කල හැකි වුවද එසේ කල හැක්කේ adsense සදහා apply කිරීමට අවශ්‍ය වූ අවම පරිසාදන මට්ටමට ලගා වූ blog site සදහා පමණි. එය තීරණය කරනු ලබන්නේ google ආයතනය විසිනි. ඉතින් ඔබ අලුතෙන් හදන blog site එකක් මගින් blogger හරහා adsense සදහා apply කිරීමට නොහැක.

blogger-monetize

ඔබේ blog එකට article දමමින් සහ ටික කාලයක් පරණ වෙද්දී blogger හරහා කෙලින්ම adsense සදහා apply කිරීමට අවස්ථාව සලසා දෙයි.

blogger-connect-to-adsense

එම ක්‍රමවේදය ඔස්සේ ද adsense සදහා approve කරගත හැකි වුනත් බොහෝ අවස්ථා වල එමගින් වැඩි කාලයක් මේ සදහා නාස්ති කිරීමට සිදුවෙනවා. මන්දයත් නොමිලේ ලබා දෙන platform එකක් නිසා google ආයතනය අඩු සැලකිල්ලක් දක්වනවා විය හැකිය.

මොකක්ද Blogger හරහා Adsense Account එකක් සදා ගත හැකි පහසුම ක්‍රමය

Blogger හරහා Adsense Account එකක් සදා ගත හැකි පහසු හා සාර්ථකම ක්‍රමවේදය වන්නේ custom domain එකක් ඔබේ blog site එකට යොදාගෙන adsense සදහා apply කිරීමයි. මෙහිදී ඔබ blogger හරහා adsense සදහා apply කිරීමට උත්සහ නොකර කෙලින්ම www.adsense.com වෙත ගොස් ඔබේ blog site එක සදහා apply කිරීමයි. ඔබ ඔබේ blog site එක සදහා custom domain එකක් යොදාගෙන ඇති බැවින් ඔබට කෙලින්ම adsense සදහා apply කිරීමේ හැකියාව දැන් පවතිනවා.

ඔබේ Blog Site එකට Custom Domain එකක් Add කරන්නේ කොහොමද?

මේ සදහා ඔබට blogger dashboard එකේ ඇති basic settings එකේ blog address වල + Set up a third-party URL for your blog මත click කිරීමෙන් පහත ආකාරයට custom domain එකක් add කරගත හැකියි.

how-to-add-custom-domain-to-blogger
how to add custom domain to blogger

මේ සදහා ඔබ මිලදී ගන්නා ලද top level domain එකක් යොදාගන්න. නොමිලේ ලබා ගත හැකි domains ඔබ adsense සදහා apply කරනවා නම් යොදා නොගැනීම වඩාත් හොදයි.

Domain එක මෙලෙස add කර save කරන්න.

add-domain-name

අදාළ DSN settings (CNAME) ඔබේ domain account එකට log වී සකස් කරන්න.

domain-cname
domain-settings

අදාළ DSN settings (CNAME) ඔබේ domain එකේ save වීමට පැය කිහිපයක් වුවද යාමට පුළුවන. බොහෝ අවස්ථා වල විනාඩි කීපයක් තුළ සිදුවේ. ඉන් පසුව ඔබට blogger හි domain එක save කරගත හැක.

දැන් ඔබේ blog එකට ඔබේ domain address එකෙන් යාමට හැකියි.

Google Adsense සදහා Approve ගත හැකි ආකාරයට ඔබේ Blog Site එක සකස් කරගන්නේ කෙසේද?

Google Adsense වලින් මුදල් ඉපයීමේ අරමුණ ඇතුව website එකක් හෝ blogsite එකක් ආරම්භ කරන ඔබ සිතිය යුතු ප්‍රදානම කාරණාව නම් ඔබේ site එකට visitors ලා ගෙන්වා ගන්නේ කෙසේද යන්නයි. මොකද visitors ලා නැතුව ඔබට Adsense account එකක් තිබ්බත් මුදල් ඉපයිය නොහැකි බැවිණි. Google Adsense වලින් මුදල්ඉපයීම සදහා website එකක් ආරම්භ කිරීමට පහසු හා සාර්ථකම ක්‍රමය ලෙස මම දකින්නේ wordpress වලින් host එකක් මිලදී ගෙන සකස් කරන ලද වෙබ් අඩවියි. ඒවට SEO කිරීමට අවශ්‍ය අයෙකුටද ඉතාමත් පහසුයි සහ එවිට වෙබ් අඩවියේ සම්පුර්ණ අයිතියද අප සතුයි. නමුත් blogger හරහා සකස් කිරීමේදී google ආයතනයට අවශ්‍ය ඕනෑම විටක ඔබේ blog site එක සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමේ හැකියාව පවතියි. නමුත් ඔව්න් නිකරුනේ එලෙස ඉවත් කරන්නේද නැත.
පහත link එකේ ඇති එක කියවන්න, එමගින් ඔබට මුදල් ඉපයීමේ අරමුණින් website එකක් හෝ blogsite ආරම්භ කිරීමට පෙර ඔබ සැලකිලිමත් විය යුතු ප්‍රදානම කරාන මොනවද යන්න අවබෝදයක් ලබා ගත හැකියි.

Google Adsense වලින් මුදල් උපයන්න ආරම්භ කිරීමට අදහසක්

ඔබේ blog site එක සදහා Approve ගැනීම සදහා ඔබට google adsense නීති රෙගුලාසි වලට අනුකුලව blog site එක සෑදිය යුතු වෙනවා. adsense සදහා වලංගු භාෂාවකින් blog site එක සෑදිය යුතු වෙනවා. සිංහල භාෂාව වලංගු නොවේ. මෙතනින් adsense support languages

Adsense approve කරගැනීම සදහා ඔබේ blog site එකට අවශ්‍ය pages කිහිපයක් සකස් කරන්න (about, contact, privacy policy, disclaimer, terms and conditions)

privacy policy, disclaimer, terms and conditions වැනි pages සදහා auto generate tools යොදාගත හැකියි.

ඔබේ blog site එකට words 5000 ට වැඩි එකතුවක් සතිත copy නොකළ unique articles යොදාගන්න adsense approve කරගැනීම සදහා. ඔබ වචන 1000 පමණ ඇති unique articles 5 -10 අතර ප්‍රමාණයක් දැමීමෙන් approve කරගැනීමේ සාර්ථකත්වය තවදුරටත් තහවුරු කරගත හැක. සෑම විටම යම් කිසි ඔබේ article කියවන්නන්ට වටිනාකමක් ඇති විදියේ topics තෝරාගෙන article ලියන්න. මොකද article මත බොහෝ විට ඔබේ adsense ගිණුම approve වීම තීරණය වේ. වෙනත් වෙබ් අඩවියකින් හෝ download කරගෙන හෝ තරමක් හොද පිළිවෙලකට blog site එක සකස් කරගත හැකි මට්ටමේ theme එකක් යොදා ගැනීම වඩාත් හොදයි.
අදාළ article ප්‍රමාණය දැමීමෙන් පසු ඔබේ blog site එක Google Search Console (webmaster tool) එකට add කරන්න. පසුව blog site එක සතියක් දෙකක් පමණ තියෙන්නට හරින්න. ඉන් පසු adsense.com වෙත පිවිස ඔබේ blog site එකට adsense සදහා sign up වෙන්න. බොහෝ විට දින කිහිපයක් තුල approve වේවි. යම් අවස්ථා වල සතියක් පමණ යන්න පුළුවන්.

අමතර ගැටලු ඇත්නම් පහලින් comment කරන්න.

Loading

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!