adsense-sinhala

Website එකක් සාදා Adsense ගිනුම approve කරගෙන මුදල් උපයන්න ආරම්භ කිරීමට අදහසක්

Website එකක් යොදාගෙන Google Adsense, Affiliate Marketing එහෙමත් නැතිනම් වෙනත් ක්‍රමවේදයන් ඔස්සේ ඩොලර් දහස් ගනන් උපයන අය ගැන ඔබ අසා ඇති, දැක තිබෙනවා ඇති. Website එකක් හදලා කවුරු කොහොම කොයි විදියට මුදල් ඉපයුවත් මං කොහොමද ඇත්තටම website එකක් හදලා සල්ලි කියක් හරි හොයන්න පටන් ගන්නෙ. මේක තමයි අලුතෙන් එන බොහො දෙනෙක්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නය.

පසුගිය දිනවල නිතරම අහන්න දකින්න ලැබුන දේවල් නිසාම අවබෝධ වුනෙ වැරදි මගපෙන්වීම් නිසා සහ විශේෂයෙන්ම සමහර අයගෙ සමහර marketing උපක්‍රම නිසාම, කිසිම දෙයක් ගැන නිවරදි අවබෝධයක් නැති බොහෝ දෙනෙක් වැරදි පාරේ අතරමං වී, ඉන්න තත්වෙනුත් පහලට වැටුන බවයි.

මේ නිසාම මේ ගැන මං ඔබව මේ මොහොතේ ඉන්න මට්ටමෙන් පියවරක් හො ඉදිරියෙන් සිතන්න පුලුවන් මට්ටකට අදහසක් ටිකක් ලබා දෙන්නම්.

මේකෙදි මං ඔබට මූලික වශයෙන් අදහසක් ගෙනෙන්නෙ SEO කරපු website එකකින් Google Adsense වලින් කොහොමද මුදල් උපයන්නෙ කියන එක ගැන. මොකද ඒක බහුතරයකගේ අවශ්‍යතාව නිසා.

මුදල් ඉපයීමේ අරමුනින් website එකක් ආරම්භ කරන ඔබ මූලික වශයෙන් සිතිය යුතු අභියෝගාත්මක කාරනා කීපයක් තිබෙනවා.

Website එක තුල මුදල් ඉපයීට යොදාගන්නා ක්‍රමවේදයන් මොනවද?


මෙහිදී ඔබට යොදාගත හැකි සාර්ථකම සහ බොහෝ දෙනෙක් යොදාගන්නා ක්‍රමවේදයන් තමයි google adsense, media net ඇතුළු ad networks, ඊට අමතරව amazon, ebay clickbank, commission junction ඇතුලු affiliate programs යොදාගැනීම. මුදල් උපයන්න බලාපොරොත්තු වෙන ක්‍රමවේදයන් මත website එක සාදන ආකාරය තීරණය කළ යුතුමයි.

Website එකට visitors ලා ගෙන්වා ගන්නෙ කෙසේද?


මේ මත තමා සම්පුර්ණයෙන්ම ඔබේ ආදායම තීරණය වෙන්නෙ, මෙය නිවරදිව සැලසුම් කිරීම ඉතාමත් වැදගත් ඒ නිසාම. පහසුම ක්‍රමවේදය ලෙස facebook ඇතුලු social media වලින් visitors ලා ගෙන්වා ගන්න එක කියන්න පුලුවන්, සාර්ථකම ක්‍රමවේදය වන්නෙ නම් SEO කර website එකක් සාදා ගැනීමයි. ඒ ගැන තමා මේකෙ කතා කරන්නෙ.

Target කරන audience එක මොකක්ද?


මෙහිදී විශේෂයෙන්ම ඔබ website එකට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙන visitors ලා පැමිනෙන රට ගැනත් සිතිය යුතුයි, adsense වගෙ කරද්දි high cpc වගෙ රටවල් target කිරීම වැදගත් වෙනවා ආදායම වැඩි කරගැනීමට. ඊට අමතරව විශේෂ වූ වයස සීමාවන් සහ සමාජ කොට්ඨාස target කර හැකියි ඔබේ අවශ්‍යතාව පරිදි.

කුමක් සම්බන්ධව ද website එක සාදන්නෙ?


ඉහත කාරනා වලට අවදානය යොමු කිරීමෙන් පසු සැලකිය යුතු අදහසක් ඔබට ඇති වෙවී කුමන ආකාරයට ද website එක සාදන්නෙ කියන එකට.

කිසිදු පදනමක් නැතුව මොකක් හරි ක්‍රමවේදයකින් website එකක් හදාගෙන හෝ කාට හරි කියලා copy කරලා edit කරලා ගත්තු article ටිකක් දාගෙන ඒකට keyword target කරපු SEO website එකක් කියලා නම දාගත්තට ඔබට අවශ්‍ය වැඩේ වෙන්නෙ නම් නෑ.

අනිත් වැදගත්ම කාරනය ඔබට මෙතනදී තියෙන ලොකුම අභියෝගය adsense approve කර ගැනීම නෙවෙයි. ඒ නිසා දේවල් භාගෙට කරලා බැරීම තැන adsense එකක් කාගෙන් හරි buy කරා කියලත් ආදායමක් එන තැනට පරිවර්තනය කරගන්න ඔබට බැරි වෙවි. ඔබ පලමුව සිදු කල යුත්තෙ visitors ලා ගෙන්වා ගත හැකි මට්ටමෙන් website එකක් සාදා ගැනීමයි.

මේක හරියට ගෙයක් හදනවා වගේ, ඔබේ පලමු කාර්ය විය යුත්තෙ ගෙදර වහලය සෑදීම නෙවෙයි. සවිමත් අත්තිවාරමක් දමා ගැනීමයි. එහි සවිමත් භාවය මත ඔබට යන්න පුලුවන් ආදායම තීරණය වෙයි, සමහරවිට මේ ගෙය ගොඩනගන්න ඔබට කාලයක් ගත වෙවි, නමුත් නිසකවම එය සාර්ථක වෙවි. ගෙදර වහලය ලෙස සලකන්න පුලුවන් adsense ගිනුමක් ඔබ මුලින්ම හදාගන්න දැගලුවට ඔබට ලැබෙන දෙයක් නෑ. Approve කරපු adsense ගිනුමක් උනත් visitors ලා එන්නෙ නැති website එකක දාගෙන හිටියා කියලා ඔබට මුදල් එන්නෙ නෑනෙ.😀

website එක සාදා ගැනීමට පහසුම හා සාර්ථකම ක්‍රමවේදය ලෙස සලකන්න පුලුවන් wordpress.

Website එකක් සාදා ගැනීමට ප්‍රතමයෙන් ඔබේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ඔබට හැකි මට්ටමෙන් හෝ keyword research එකක් කිරීම ගොඩක් වැදගත් වේවි. එය ඔබේ සාර්ථකත්වයට ගොඩක් බලපානවා. ඊට අදාළ පරිදි නිවරදිව article ටිකත් ලියා ගත යුතුමයි.

ඔබේ ඉලක්කය adsense නම් Adsense වලට අනුකූල වන පරිදි මාතෘකාවක් තෝරගන්න website එක සාදන්න.

WordPress නිසා Domain name එකට අමතරව hosting එකක් මිලදී ගන්න වෙනවා.

තව දුරටත් ඔබට ප්‍රශ්න ඇති keyword research සහ website එක SEO කරගන්නෙ කොහොමද වගේ දේවල් ගැන. සොයන්නන්ට නම් ඕනෑතරම් තැන් තිබෙනවා ඉගෙන ගෙන වැඩේ කරගන්න google සහ youtube වල.

අමතර ප්‍රශ්න යොජනා චෝදනා පහලින් comment කරන්න.

Website එක නිවරදිව සාදා ගැනීමෙන් පසුව කරදරයක් නැතුව adsense එක approve වෙයි. ඒකට වෙනම මහන්සි වෙන්න උවමනා නැහැ.

Loading

4 thoughts on “Website එකක් සාදා Adsense ගිනුම approve කරගෙන මුදල් උපයන්න ආරම්භ කිරීමට අදහසක්”

  1. දැන් මේ උබ හදල තියෙන සයිට් එක හදල තියෙන්නෙ මොකකින්ද? මේකෙ ඇඩ්සෙන්ස් දාලද තියෙන්නෙ? සල්ලි එනවද? ලංකාවෙ බංකුවලින් සල්ලි ගන්න පුළුවන්ද? ෆෝන් එකෙන් ගේම ගහගන්න පුළුවන්ද සහො?
    මේ සයිට් එකෙන් ගාණක් එනවද?

    1. මේක wordpress වලින් හදලා තියෙන්නේ. මේ site එකේ මුලික පරමාර්ථය දැනට මුදල් ඉපයීමම නෙවෙයි. Adsense දාලා නෑ මේකේ. Sinhalen තියෙන site වලට adsense දාන්න බෑ. Adsense එකේ සල්ලි ලංකාවෙ බංකුවලින් ගන්න පුළුවන්. Website එකක් හදන් ෆෝන් එකෙන් විතරක් හරියට කරන් යන්න ගොඩක් අමාරුයි. Computer එකක් තියෙන එක තමා හොද.

      1. Aiye matath thiyanawa adsense account ekak.mage blog eke adds penwanna puluwan kyl pennuwath adsense account eka approve wela nehe.eth eke content eka active kiyla penwanawa.ane mata udaw karannako.denata 5 month wage.oyata godak sthuthi.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!