keywords-research-sinhala

Paid SEO Tools නැතුව සාර්ථක Keywords Research එකක් කරන්න පුලුවන්ද?

Website හදන බොහොමයක් දෙනා කැමතියි අඩු වියදමකින් සාර්ථක Website එකක් හදන්න. නමුත් ඉතින් SEO කර Website එකක් හදන්න නම් බොහෝ විට SEO tools වගේ දේවල් වලටත් බහුතරයක් දෙනා වැඩි අවදානයක් යොමු කරනවා. මොකද බහුතරයක් දෙනාගේ මතය නම් Paid tools කිසිවක් නැතුව සාර්ථකව Keywords Research එකක් කරන්න කිසිම සාර්ථක ක්‍රමවේදයක් නැති බවයි. එහෙමත් නැතිනම් Paid tools මත 100% විස්වාසය තියන්න බැරි වුනත් Paid tools වල උදව්වක් නැතුව Keywords Research එකක් සාර්ථකව කරගන්න බැරි බවයි.

The Ultimate Managed Hosting Platform

ඒ සේරම කතා ටික වෙනස් කරන්න තමා මේ යන්නේ. මේ තියන්නේ පළවෙනි පියවර.

Keywords Research කරන්න එකිනෙකාට ආවේනික සහ සාර්ථක ක්‍රමවේදයන් බොහොමයක් තියෙනවා. අවාසනාවට වගේ ලංකාවේ නම් මේ දේ සිදුවෙන්නේ බොහොම අඩුවෙන් මොකද හැමෝම වගේ එකම copy එකකට කොටුවෙලා. ඒ වගේම ඒකට තවත් හේතුවක් තමයි ලංකාවේ බොහොමයක් මේ සම්බන්දව tutorial videos & content තියෙන්නේ භාගෙට එහෙම නැත්තන් copy කරපු එකක් පැහැදිලි කරන එකක්. පිටරටවල් වල වගේ පෞද්ගලිකව අත්හදා බලපු දේවල් මෙහෙ නැති තරම්, ඉතින් මුකුත් නොදන්නා අලුතෙන් මේ දේවල් සිංහලෙන් ඉගෙන ගන්න බොහෝ දෙනාට මේ තියෙන දේවල් පමණයි කරන්න පුරුදු වෙලා තියෙන්නේ. කොහොම වුනත් අද කියන්න යන්නේ කොහෙන්වත් ගත්ත කොපියක් නෙවෙයි. සමහර විට ඔබට අද මන් කියලා දෙන්න යන ක්‍රමවේදය ගැන English content එකක්වත් හොයාගන්න නැති වෙයි බොහෝ දුරට. මේක එක විදියකට බැලුවොත් Keywords Research combination method එකක් විදියට හදුන්වන්න පුලුවන්. මේකේ තියෙන වැදගත්ම දේ තමයි මේ method එක හරි විදියට භාවිතා කරොත් 100% හැකියාවක් පවතිනවා ඔයා හොයාගන්න Keyword එකට 1st Page Ranking එකක් ලබාගන්න. කලින් මන් කතා කරලා තියෙන ක්‍රමයන්ට වඩා මේක වෙනස්. ඉක්මනට ප්‍රතිපල ලබාගන්නත් පුලුවන්. ඉතින් මේ ක්‍රමවේදයට keywords research කරලා article 80-100ක් දාගත්තොත් ඉතාම ඉහල අදායමක් ඔබේ website එකෙන් ඉතාම පහසුවෙන් ලබා ගන්න පුලුවන්. මෙහි පවතින තවත් සුවිශේෂී කාරණාවක් තමයි backlinks හදාගන්නත් එතරම් කරදර වෙන්න ඕන නැති එකයි.

අපි එහෙනම් බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා පියවරෙන් පියවරට.

මගේ Youtube Channel එකට පහලින් Subscribe කරන්න. Keywords Research එකට අදාල Video එකත් සම්පුර්ණයෙන්ම නරබන්න.

The Ultimate Managed Hosting Platform

Loading

1 thought on “Paid SEO Tools නැතුව සාර්ථක Keywords Research එකක් කරන්න පුලුවන්ද?”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!