success-in-fiverr

කිසිම වෘර්තීමය හැකියාවක් නැතුව Fiverr වලින් සාර්ථක වෙන්න බැරිද?

මන් හිතන්නේ කිසිම විශේෂිතවූ වෘර්තීමය දැනුමක් නැතුව Freelancer කෙනෙක් විදියට මුදල් උපයන්න පුලුවන්ද කියලා ඇහුවොත් ඔබ දෙපාරක් නොහිතා පිළිතුරු දෙයි බෑ කියලා. බොහෝවිට ඔබ මේවනවිටත් වෘර්තීමය Freelancer කෙනෙක් වුනත්, නොවුණත් පිළිතුර වෙනසක් නොවේවි.

අද මන් කතා කරන්න යන්නේ මගේ ජීවිතේ එක්තරා කාල සමයක මන් ලබපු අත්දැකීමක් තුලින්, ඉතින් මන් හිතන්නේ ඔබ Internet එකෙන් Online සල්ලි හොයන්න උනන්දුවක් දක්වන කෙනෙක් නම් ඔබ ජිවිතේ එක පාරක් හරි මේ websites එකක හරි නමක් අහලා ඇති. fiverr.com, SEOClerks.com, freelancer.com, upwork.com

ඒ අතරිනුත් Fiverr කියන්නේ වැඩි දැනුමක් නැති අය පවා බොහෝ දෙනෙක් සාර්ථක වෙන්න උත්සහ කරන website එකක්.

පුරුද්දට වගේ බහුතර මතයට විරුද්දව යන්න මන් ආසයි. මේ ලිපියත් එහෙම එකක් වෙයි. ඔබට ඇත්තටම කිසිම හැකියාවක් නැතුව සල්ලි හොයන්න උත්සහ කරන කෙනෙක් නම් බොහෝවිට ඔබට සල්ලි හොයන්න පටන් ගන්න මේ කතාව උදව්වක් වෙයි. මේක මගේ ජිවිතේ පුංචි කෑල්ලක්.

මතක විදියට දැනට අව්රුදු 7කට විතර කලින් තමයි මන් freelancer වලින් සල්ලි හොයන්න උනන්දු වුනේ. සල්ලි හොයන එක කෙසේ වෙතත් හරියට සුවපහසුව පාවිච්චි කරන්න තරම් computer එකක් වත් තිබ්බේ නැති අමාරු කාලයක් විදියට හදුන්වන්න පුලුවන්. emoney වලින් සාර්ථක වෙන්න අසාමාන්‍ය උවමනාවක් තිබුනත් ඒ වෙනුවෙන් දැනුමක් තිබ්බෙත් නෑ. කියලා දෙන්න කෙනෙක් හිටියෙත් නෑ. ඒක එක විදියකට ලොකු ආශීර්වාදයක් වුණා. තනියෙන්ම වැඩ කරන්න ඉගෙන ගන්න ගොඩක් ලේසි වුණා ඒ නිසාම. දැන් වගේ හෙන ලොකුවට youtubersla වත් නෑ ඒ කාලේ. මන් වගේ ඉංග්‍රීසි වචන පේලියක් එක දිගට කියවගන්න බැරි කෙනෙක් Internet එකෙන් සල්ලි හොයන්න උත්සහ කරනවා කියන්නෙම ලොකු අභියෝගයක් තමා, මොකද සිංහලෙන් ඉගෙන ගන්න තරම් දේවල් වත් නැති තරම්.

Google එකේ Internet එකෙන් සල්ලි හොයන්න පුලුවන් website එකක් හොයන කාලේ හම්බවුන sites දෙකක් තමයි Fiverr හා SEOClerks කියන්නේ. මට ඇත්තටම තේරුනේ නෑ ඒ sites වලින් මොනාද කෙරෙන්නේ කියවලත්. සේරම ඉංග්‍රීසියෙන් නේ තියෙන්නෙත්. SEOClerks තමා වැඩිපුර හිතට වැදුනේ. ඒකට ගිහින් බැලුවම ගොඩක් තිබ්බේ social media services facebook likes, twitter followers වගේ දේවල්. මොනාද වෙන්නේ කියලා බලාගන්නත් එක්ක facebook likes 2000ක් ද කොහෙද $1ට විකුණන service එකක් buy කරා. අරගෙන දවස් දෙකෙන් මගේ facebook page එකේ likes වැඩි වුණා. සේරටම වඩා මට මේ වුනේ මොකක්ද කියලා හිතාගන්න අමාරු වුණා එහෙම දේවල් කරන්නේ කොහොමද කියලා. කාලයත් එක්ක ටික ටික හැමදේටම උත්තර හම්බුනා. ඒත් මාස ගානක් ගිහිනුත් මේකේ sell කරන්න තරම් වෘර්තීමය හැකියාවක් මා ලග හොයාගන්න තිබ්බේ නෑ.

මේ වැඩේ කොච්චර අමාරු වුණත් අතාරින්න ඕන වුනේ නෑ මට. අසාර්ථක වීම් ගොඩක් මැද මන් එක එක දේවල් කරලා බැලුව, හැමදේම මන් විස්තර කරන්න යන්නේ නෑ , මොකද මන් ගැන විස්තරයක් ලියන්න නෙවෙයි මට අවශ්‍ය ඔබ ඉන්නාවූ වාතාවරණය ඔබේ සාර්ථකත්වයට බාදාවක් නොවන වග පවසන්න.

HostArmada - Affordable Cloud SSD Web Hosting

කොහොමද හැමදේම වෙනස් පැත්තකට හැරෙන්න ගත්තේ?

Sell කරන්න තරම් දෙයක් නැති තැන මන් දැක්කා fiverr එකේ සමහර අය Sell කරනවා එක එක teach කරන දේවල් ebook වගේ. මන් ඒවායේ එකක් buy කරලා gig එකක් හැදුවා, එහෙම කරලා sell කරන්න උත්සාහ කරා. එහෙම කීපයක් කරලා බැලුවා සමහර ඒවා කීප දෙනෙක් buy කරා. ලාබයක් ගන්න තරම් දෙයක් වුනේ නෑ එකෙන්. මන් ඒ වැඩේ අතැරලා social media services එහෙම resell කරන්න බැලුව මොකද SEOClerks එකේ $1-$2 ට යන සමහර දේවලුත් fiverr එකේ $5ක් වෙනවා.

ඒ වැඩේ කරන්න හිතුවට ලේසි නෑ වැඩේ, ලොකුවට කරන් යන Sellers ලා හිටියා. ලාබයක් එන විදියට කරන්න නම් likes එහෙම වැඩි ප්‍රමාණයක service එකක් gig එකක් හදන්න වෙනවා, ඒකට වියදම් කරන්න වත් සල්ලි තිබ්බේ නෑ. මන් තව හෙව්වා දිගටම social media likes, followers වගේ දේවල් අඩුවට ගන්න ක්‍රම ගැන. බහුතරයක් දෙනා ඒ කාලේ කරේ likes, followers exchange sites යොදාගෙන සහ Social media panel එහෙමත් නැත්තන් smm panel යොදාගෙන.

මට ඒ දේවල් ටික හොයාගන්න පුලුවන් වුනත් වැඩේ සාර්ථක කරගන්න බැරි තරම්ම අමාරුයි වගේ දැනුන. fiverr එකේ මේ field එකට buyers ලා නෑ හොයාගන්න වැඩිය. ඉන්න වුනුත් ratings තිබ්බ අයගෙන් ගත්තේ. SEOClerks එකේ level 1 seller කෙනෙක්ට $5ට අඩුවෙන් sell කරන්නත් බෑ.. smm panel තිබ්බෙත් බොහොම ටිකයි, ඒවායේ admin ලා ටිකත් SEOClerks එකේ level x sellers ලා විදියට අඩුම ගණන් වලට social media services sell කරනවා.

ආයෙත් ටිකක් හිතලා බලලා මේ වෙද්දී දන්න දේ Sell කරන්න හිතුවා. ඒ වෙනකොට දැනන් හිටියේ likes, followers වැඩි කරගන්න විදිය එහෙම නැත්තන් service එකක් sell කරන විදිය. මන් likes, followers exchange sites යොදාගෙන සහ smm panel යොදාගෙන මේ දේ කරගන්න විදිය ගැන MS Word වල Document එකක් හැදුවා. වචන 100ක් වත් තිබ්බේ නෑ images කීපයක් යොදාගත්තා, වචන ටික අහුලගත්තෙත් internet එකෙන්ම තමා. කොහොමහරි වැඩේ ටිකක් පත්තු වුණා SEOClerks, fiverr දෙකේම sell උනා ටිකක්. මේක යද්දී තව ගොඩක් දේවල් කරා, හැමදේම කියන්නේ නෑ වචන අපරාදේ නිසා. ඒකාලේ මන් ආතල් එකට වගේ facebook groups කරා. members add කරා මන් members add කරන javascripts වගේ යොදාගෙන. ඒවත් Internet එකෙන්ම හම්බවුන දේවල් තමා.

SEOClerks එකේ දවසක් buyer කෙනෙක් request කරලා තිබ්බා එයාගේ group එකට members add කරලා දෙන්න කියලා. එතනින් තමා සේරම කණපිට පෙරලෙන්න ගත්තේ. ඒ වැඩේ මට සෙට් වුණා, මන් එහෙම්මම හොයලා බැලුවම SEOClerks එකේ members adding service එකක් දෙන එකෙක්වත් නෑ. fiverr එකෙත් සාර්ථක වෙච්ච එකෙක්වත් නෑ හරියකට. මන් වැඩේට අත තිබ්බා SEOClerks තමා මුලින්ම නැගලා ගියේ. fiverr එකේ මාස ගානක් යනකන් buyer ලා හිටියේ නෑ. කොහොම නමුත් මේ වැඩේ ලොකුවට පත්තු වුණා. මෙලෝ සසරක් නොදැන හිටිය මන් මාසෙට ලක්ෂ ගණන් වලින් වලින් එන තැනට ගොඩ නැගුන කාලයත් එක්ක පහු වෙද්දී fiverr වලින් විතරක් හොදට sales ආවා. high competition field එකක් වුණා ඒකත්, වෙන වෙන companies සෙට් වුණා directly වැඩ කරන්න. fiverr එකේ නම් accounts කීපයක් භාවිත කරන්න වුණා දිගටම sales තියාගන්න, මොකද gig ranking වෙනස් වෙද්දීත් එක account එකකට හරි sales ගන්න පුළුවන් නිසා. ඒ කාලේ නීති අඩුයි.

මේකෙන් සල්ලි එද්දීත්ම අනිත් අතට ආතල් ගත්තට වඩා අලුත් දේවල් ඉගෙන ගන්න වියදම් කරා, එක එක tricks, jilmart එහෙම වැඩිපුර ඉගෙන ගත්තා ලොකු ගණන් වියදම් කරන්නත් වුණා. වියදම් කරපුවට දවසට දෙකට recover කරා. members adding service දිගටම යන්න අමාරු වග මට මුල් කාලෙදිම තේරිලා හිටියේ ඒ නිසාම වෙනස් වෘර්තින් වලට උත්සාහ කරා. මුල ඉදන්ම ඒ ගැන වැඩිය කිව්වේ නෑ. Adsense කියන්නෙත් එහෙම එකක්. දැනුම වැඩි වෙද්දී මාස ගානක් තිස්සේ හොයපු සල්ලි ඉතාම කෙටි කාලයක් තුල ඊටත් වඩා පැමිණෙන තැනට මේ internet එක ඇතුළෙන්ම ගොඩ නැගුනා.

මේ පොඩියට කිව්වේ freelancer ගැන විතරයි. සමහරවිට මන් SEOClerks, fiverr වල හොයපු මුළු ගානම මාසෙට දෙකට හොයන අයත් ඇති ඕන තරම්, හැබැයි කවදාවත් මන් අනිත් අය සමග මාව සංසන්දනය කරේ නෑ. මගේ කතාව බර වැඩි බව මන් දන්නවා. මේක කියන්නේ මාව උලුප්පලා පෙන්නන්න නෙවෙයි. දවස ගානේ messages කරන සමහර අය එක එක්කෙනා එක්ක තමාව සංසන්දනය කරගෙන වැඩේ පටන් ගන්නත් කලින් අනවශ්‍ය පීඩනයක් දාගෙන. සාර්ථක වෙනවා කියන එකේම කොටසක් පීඩනය පාලනය කරගන්න එක. අහක යන වැඩකට නැති දේවල් තමා ඇතුළට නොගෙන ඉන්න එක වැදගත්ම දෙයක්.

fiverr-earning

මන් මටම කියාගන්න දෙයක් තමා උබට ඇති වෙන්න දේකුත් නෑ, නැති වෙන්න දේකුත් නෑ. මට දෙන්න කව්රුත් හිටියෙත් නෑ. දන්නවා කියලා කියන්න තරම් දෙයක් තිබ්බෙත් නෑ. කොහොම නමුත් emoney කියන්නේ මගේ job එක නෙවෙයි. මේක මගේ hobby එක. මේවත් එක්ක ගෙවුන පැය ගාන දැනුනේ නෑ ඒ නිසාම.

fiverr-sale
fiverr-sinhala-sales

දැන් කියන්න යන්නේ මේ පුංචි පුංචි කතා ඇතුලෙන් ආරම්භයක් අරගෙන කිසිම හැකියාවක් නැති ඔබට මොනාද freelancer කෙනෙක් විදියට කරන්න පුළුවන් මුදල් ඉපයීම සදහා. හරිම සරලයි. ඒ වුනාට ලේසි නෑ. මේ කියන්නේ ආරම්භයක් ගන්න පුලුවන් ක්‍රම ගැන.

පලවෙනි දේ, මන් කරපු දේ කරන්න පුලුවන්. investment එකක් ඕන වෙයි පොඩියට හරි. smm panel කියල google කරාම ඕන තරම් smm panel තියෙනවා දැන්, ඉස්සර වගේ නෙවෙයි. ඒවගේ services වර්ග 100+ වඩා තියෙනවා, sell කරන්න එකක් හොයාගන්න පුලුවන්. resell කරන්නයි තියෙන්නේ, ලාබයක් ගන්න පුලුවන් service එකක් බලලා gig එකක් හදලා ඊට පස්සේ orders එද්දී ඒ අදාල service එකෙන් buy කරන්න තියෙන්නේ. order එක ආපු ගමන් සල්ලි අතට අරන් වියදම් කරන්න බැරි නිසා තමා මේ වැඩේ පටන් ගන්න යම් මුදලක් අවශ්‍ය.

Website Traffic Selling: මේ වැඩෙත් අමාරු නෑ කලින් වගේම investment එකක් ඕන වෙයි. traffic exchange sites, bot, traffic selling websites or smm panel වගේ දේවල් යොදාගෙන කරන්න පුලුවන්. උනන්දුවක් දක්වන අය ටිකක් වැඩිපුර අදයනය කරලා කරන්න ලාබම හා සාර්ථකම ක්‍රමවේදය ඔස්සේ. fake traffic තමා සෙල් කරන්නේ මේකෙදි. ලොකු මාකට් එකක් තියෙන දෙයක්.

upwork, freelancer.com or අමතර ක්‍රමවේද ඔස්සේ ඔබට ගැනුම්කරුවන් හොයාගන්න පුළුවන් නම් යම් වෘර්තියකට අදාලව. SEOClerks, Fiverr හෝ Social media හරහා ස්ථිර sellers ලා කීප දෙනෙක් තියාගෙන වැඩ කරවාගෙන කරගෙන යන්න පුලුවන්. මේ සදහා යම් වෘතියක් පිලිබදව අද්‍යනය කර තිබීම වැදගත් වෙනවා ගනුකරුවන් සමග කතා බහ කිරීමේදී. සහ ගනුදෙනුව පාලනය කරගැනීමේදී. මේකෙදි වෙන්නෙත් resell වගේ දෙයක් වුනත් මේක high valued සේවාවන් පවා මේ ක්‍රමයට බොහෝ අය කරනවා. හරියට කරගත්තොත් ලොකු මුදලක් එක පාර ගන්න පුලුවන්.

මේ වැඩේදී නම් ඉංග්‍රීසි එහෙම වැඩිපුර හොදට ඕන වෙයි, ඒ නිසා ඉගෙන ගන්න එක වැදගත් අදහසක් බෙදාගන්න පුලුවන් වෙන තරම් වත්. rocket science නෑ එකකවත්, ඒ නිසා බයවෙන්න එපා. සල්ලි තියෙන අය මාස දෙක තුනෙන් ගොඩදාගන්න පුලුවන් course එකක් කරන්න, එහෙම course වලට බොහෝ විට දවස ගානෙම වගේ යන්න වෙනවා. සතියට එක පාරක් තියෙන ඒවාට යන එක එච්චර තේරුමක් නැති වෙයි බොහෝ විට. youtube එකෙත් ඕන තරම් තියෙනවා උගන්නන videos, grammar සහ වාක්‍ය ගොඩනැගීම ගැන වැඩිපුර අද්‍යනය කරන්න, ඊට අමතරව ඉංග්‍රීසි වචන, දවස ගානේ මේවත් එක්ක වැඩ කරද්දී හම්බවෙන හැම නොදන්නා ඉංග්‍රීසි වචනෙම ලියාගන්න. ඒවායේ තේරුම dictionary එකකින් බලල පාඩම් කරන්න දවස ගානෙම. dictionary එකෙත් නැති ඒවා කාගෙන් හරි අහල බලන්න. මේක මාස කීපයක් දවස ගානේ ඉගෙන ගෙන පාඩම් කරගෙන යද්දී අවශ්‍ය ගානට හැදෙනවා අනිවා.

තව මොනාද කරන්න පුලුවන්? එක එක ඒවාට try කරන අතර තුරේ ඉගෙන ගන්න, සල්ලි ඕන නෑ, කාලය සහ කැපවීම විතරයි අත්‍යවශ්‍ය සාදක වෙන්නේ. සාර්ථක වෙන්න ලේසිම විදියක්,

හිතන්නකෝ Graphic Design ගැන ඔයා උනන්දුයි කියලා මෙලෝ දෙයක් දන්නේ නැති වුනත්, Graphic Design වල හැමදේම ඔලුවට දාගන්න එපා මේකෙදි. service එකක් target කරලා ඉගෙන ගන්න. හරියට logo design වගේ. logo වලත් පොඩි කොටසක් තෝරාගන්න, උදාහරණයක් විදියට illustrator යොදාගෙන signature logo design කරන එක ගැන ඉගෙන ගන්නවා. කැපවීම තියෙනවා කියන්නේ හරි ලේසි වැඩක්, illustrator tools use කරන හැටි සහ ඔයාගේ service එකට අදාලව අදයනය කල යුතු දේවල් විතරක් මුලින් කරාම ඇති. සේරම youtube එකේ තියෙනවා, free courses වුනත් හොයාගන්න පුලුවන්.

ඉගෙන ගත්ත ගමන් service sell කරන්න දගලන්න ඕන නෑ. ටික කාලයක් අරගෙන පුරුදු වෙන්න. ඔබ කැමැත්තක් දක්වන field එකක් තෝරාගන්න අනිවාරෙන්ම. තනියෙන් වැඩක් කරගන්න පුළුවන් කියල දැනෙද්දී sell කරන එක ගැන හිතන්න. upwork, freelancer.com වගේ sites වල buyer request හැමදාම බලන්න, ඒ request වලට අදාළ දේවල් ඔය තනියෙන් කරලා පුරුදු වෙන්න, offers දෙන්න යන්න එපා. පුරුදු වෙන්න හිතාගෙන තනියෙන් කරගන්න.

Sell කරන්න ඔයාගේ සූදානම ඇති වෙන දවස ඔයාට දැනෙයි. ඒ දවස ඔය expert කෙනෙක් කියලා හිතන්න ඕන දවස නෙවෙයි. Fiverr එකට ගියාම පෙනෙයි ඔයා පුරුදු වුන විදියේ logo design එකක් කරන්න අඩුම $70ක් වත් ගන්නවා වගේ දැන් ඔයත් ඒ මානසිකත්වයෙන් වැඩේට අත තියලා වැඩක් නෑ, කව්රුත් ගන්නේ නැති වෙයි. ඔයා අලුත් කෙනෙක්නෙ. අනිත් එක නමට expert, තාම experience ඇත්තෙත් නැනේ. ඒ නිසා දෙන්න පුලුවන් අඩුම ගානට දෙන්න හොද reviews ටිකක් හදාගන්න බලාගෙන. දැන් හිතන්න එපා තාම මේ සල්ලි හොයන්න යන්නේ කියලා. තාම මේ සුදුසුකම් හදාගන්නවා ජොබ් එකට. $60 average selling price තියෙන දෙයක් දෙපාරක් නොහිතා $20ට දෙන්න $5 දුන්නත් කමක් නැ කැමති නම්. මහන්සියවත් වත් නැ තමා. එච්චර හිතන්න එපා, ලෝකේ හොදම සුදුකම් තියාගෙන මේ ජොබ් එක කරන අය එක්ක තමා හැප්පෙන්න තියෙන්නේ. ලේසි නෑ ඉතින්, ගණන් අඩු නිසාම buyer ට ගන්න හිතෙන gig එකක් කරලා උපරිම හොදට කරලා දෙන්න. reviews තමා ඕන. අපි කොච්චර හොදට කරත් හොද reviews විතරක් දෙන්නේ නෑ, කරදර වෙන්න එපා ඒවා ගැන. reviews ටිකක් හදාගෙන වැල නොකැඩි orders එනවා තෙරෙද්දී price ටිකක් up කරගන්න, අවශ්‍ය නම් මෙහෙම ටික ටික ඔයා බලාපොරොත්තුවෙන හරි price එකට ගන්න, ඊට වඩා හොදයි සාමාන්‍ය මිලට වඩා යම් ප්‍රමාණයක් අඩු ගානකට කාලයක් sell කරන එක, මොකද කලින් හිටිය expert සෙට් එකට වඩා orders එනවා ඔයාට එතකොට. reviews එහෙමත් හැදිලා තියෙන නිසා. කොහොම කරත් quality service එකක් දෙන්න ඕන දිගටම.

මිනිස්සු එක එක කතා කියනවා කියලා හිතෙයි හිගන ගණන් වලට sell කරනවා කියලා, market විනාස කරනවා කියයි. ඕව එකක්වත් මෙලෝ සංසාරයක් නොදැන උත්සහ කරන උබට සාර්ථක වෙන්න පුලුවන් කතා නොවෙයි. එහෙම තමන්ගේ value එක මෙච්චරයි කියලා හිතාගෙන පටන් ගත්ත ගමන් තමාට ඕන ඕන විදියට price gig දුන්නට සේල්ස් ගන්න අමාරුයි, සහ එහෙම ආවත් දිගටම orders එනවා අඩුයි. පොර ටෝක් දෙන අයත් මුලින් ලොකු ගණන් වලට වැඩ කරපු අය නෙවෙයි. දැන් හෙන පොර ටෝක් දුන්නට. අවශ්‍ය දේවල් වලට විතරක් අවදානය දෙන්න ඒ නිසා. පටන් ගද්දි වෙන පාඩුව recover කරගන්න යන්නේ බොහොම ටික කාලයයි හරියට කරොත්. ඇත්තටම බැලුවොත් ඒක පාඩුවක් නෙවෙයි, ඒක මේ වැඩේදි කරන ආයෝජනයක්.

මෙකදී වැදගත්ම දේ තමා ඔබ කීයට සෙල් කරත් ඒ value එක ඔබ අලුතෙන් හදාගන්න උත්සහ කරන වටිනාකමක්, මොකද ඔබ කිසි දෙයක් දැනගෙන නෙවෙයි මේ වැඩේ පටන් ගත්තේ. ඉතාම කෙටි කාලකින් ගොඩනගා ගත්ත වටිනාකමක් අනිත් අයගේ value එකත් එක්ක සංසන්දනය කරන්න එපා. අනිත් අය සුදුසුයි ඒ අයගේ gig value එකට. ඔබත් ඒ අයට සමානයි කියල හිතන්න එපා පටන් ගත්ත ගමන්. කාලයත් එක්ක ඔබට ලොකු වටිනාකමක් හැදෙයි. ඒක මාසෙන් දෙකෙන් වෙන දෙයක් නෙවෙයි. කිසි දෙයක් නොදැන ඔබ අලුතෙන් ජොබ් එකකට ගියත් ඔබට එම ආයතනයේ පරණ සේවයකගේ salary එකම ගෙවන්නේ නෑනේ. සමහර විට ඔබ කරන්නෙත් එයා කරන වැඩ ටික විතරමයි. ඒත් අලුත් කෙනෙක් විදියට ඔබට එයාගේ වටිනාකම ලැබෙන්නේ නෑ. මේ දේ හරියට තේරුම් අරන් වැඩ කරොත් ඔබට ගොඩක් ලේසි වෙයි.

මේ ඇති කියල හිතෙනවා, සාර්ථක වෙන රහස් පස්සේ යන්න දගලනවට වඩා සෑම විටම අසාර්ථක නොවී ඉන්න උත්සහ කරන්න, තමාව අන් අය සමග සංසන්දනය, ඔබව සෑම විටම අදෛර්යමත් කරණ සාදකයක්. අනිත් මිනිස්සු සැබෑ කරගත් හීන ඇතුලේ ඔබේ හීන දකින්න වෙහෙසෙන්න එපා. ඔබේ ජීවිතය ඔබට අවේනික වූ, ඔබටම වෙන්වූ එකක්.ඒක ඔබේ ක්‍රමයට උපරිම විදින්න. ඔබ කියන කරන ඒවාට මිනිස්සු හිනාවෙයි, විවේචනය කරයි, මට වෙනවා වගේ.. ඒ කිසි දෙයක් ඔබේ රසවින්දනයට හෝ ඔබ කියන කරන දේට සහ ඔබේ අරමුණට යන්න භාදාවක් කරගන්න එපා. මුලින් work hard ක්‍රමයට යන්න, පසුව ඔබට තේරෙයි smart විදියට වැඩ කරන්න.

අවසාන වශයෙන් මන් දැන් freelance sites වල වැඩ කරන්නේ නෑ. මන් වැඩ කරන්න කැමති වැඩිපුර මට පාලනය කරන්න පුලුවන් දේවල් එක්ක. මෙතන කතා කරපු දේවල් ගැන ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න ඒවට පුලුවන් විදියට උදව් කරන්නම්.. ඔබට ජය!!

HostArmada - Affordable Cloud SSD Web Hosting

Loading

7 thoughts on “කිසිම වෘර්තීමය හැකියාවක් නැතුව Fiverr වලින් සාර්ථක වෙන්න බැරිද?”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද?

නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්න දැන්ම අපිව subscribe කරන්න

You have Successfully Subscribed!